ජංගම දුරකතනයක් සොරකම් කළැයි කියන පුද්ගලයකු නඩු නැතිව මාස 20ක් රිමාන්ඩ් භාරයේ සිටියදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මුදා හරිනු ලැබීය.
රුපියල් 2500ක් වටිනා ජංගම දුරකතනය සොරකම් කළැයි පොලිසිය පැවසුවත් දුරකතනය ද සොයාගෙන නැත.
චෝදනා ඉදිරිපත් කිරීමට ද නොහැකි වී ඇත.
සාක්කිද ඉදිරිපත් කර නැත.
මේ සිද්ධිය ගැන මවිතය පළකළ මහේස්ත්‍රාත්වරයා සැකකාර මොහොමඩ් ලතීර් මොහොමඩ් නියාස් මුදාහළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුගක්ම ලංකාවේ අහන්න වෙන්නේ මේ වගේ අරුම සිද්ධීන් තමයි.මාස 20 ඉන්න තරමට පොලිසියේ කෑම බීම හොද ඇති. මොකද එයාගේ පවුලේ උදවිය ලවා එයට සාදාරනයක් ඉෂ්ට කරගන්න තිබිය නොහැකිද? මෙයාට ලැබිය යුතු වන්දිය පැමිණිලි පාර්ශවය ගෙවිය යුතුයි! (නි)
මේ මනුස්සයා මේක නිකන් අත හරින්නේ නැතිව මානව හිමිකන් නඩුවක් දමන්න.(නදී)
මේ කතා කරන්නේ ලංකාවේ පොලිසිය ගැනද අම්මපා? (නි)
වග කිව යුත්තන්ට දඬුවම් කල යුතුයි . කෝ මානව අයිතිවාසිකම් ගැන කතා කරලා විදේශ වලින් සල්ලි හම්බ කරන උදවිය? පොලිසිය ජාම බේරා ගන්න අහිංසකයෝ බයිට් එකට ගන්නවා.(නදී)
සාක්කිත් නැතිනම් නඩු භාණ්ඩත් නෙතිනම් මෙයාව මාස විස්සක් හිරේ තියාගෙන හිටියේ ඇයි? ඒ කාලය තුල එයාට බන්ධනාගාරයෙන් වියදම් වුනු මුදල් මහා ජනයා නේද ගෙවන්නේ? හොරු කවුද කියල මහජනයා තමයි තීරණය කරන්න ඕනේ.(නදී)
නඩුවක් නැතුව මාස 20ක් හිර කරගෙන හිටියේ ඇයි? (නි)
යුම් පුද්ගලයෙක් සොරකම් කලානම් සාක්කි තිබිය යුතුයි.
මේ සිද්ධිය ගැන මවිතය විතරක් පළකිරීම ප්‍රමාණවත් ද? (නි)
මේ වගේ අය තවත් රිමාන්ඩ් බාරේ ඉන්න පුළුවන්. ඇත්තටම මේ අය වෙනු වෙන් වන්දි ගෙවීමක් කල යුතුයි. (නදී)
මලේ , අපි කාට කියන්නද ? අපි පොඩි මිනිස්සුනේ (නි)
මිනි මැරුවා නම් විනාඩි 5 න් එළියේ, රුපියල් 2500 ෆෝන් හොරකමට මාස 20ක් හිරේ??? (නි)
චන්ද්‍රා , කට කට. ලංකාවට ගියාම එයාර්පෝර්ට් එකේ ඉඳලා සුදු පාට වාහනයකින් නොමිලේම ට්‍රාන්ස්පෝට් එක හම්බවෙයි ඔන්න (නි)
මොහුට වී ඇති අපහාසයට අලාභය ගෙවිය යුතුයි (නි)
මෙච්චර කල් නඩුව කතා කළේ නැද්ද? (නි)
මේ මනුස්සයට සිදු අසාධාරනය වෙනුවෙන් කවුද වග කියන්නේ? සාක්කිත් නැතුව නඩුත් නැතුව මාස විස්සක් රිමාන්ඩ් බාරයේ සිටියාට... සාක්කි සමග නඩු තිබෙන අය එළියේ කකා බිබී නටනවා. මොකද එයාලට බලය සහ මුදල්. නැති එකාට මුකුත් නැහැ. දෙයියෝ සාක්කි මේවට ! (නි)
ලංකාවේ පොලිසිය නෙමෙයි දැන් කියන්න වෙන්නේ, පොල් සීය කියලයි (නි)