ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ රැකවලා වූ පොලිස් කොස්තාපල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.
ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ රැකවලා වූ පොලිස් කොස්තාපල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැතුව වෙන්න ඇති නේද ?(ස)
නීතිය කාටත් සමාන බව මෙයින් ඔප්පු වෙනවා (නි)
ලක්ශ 3කට මෙවැනි දෙයක් කරා කියල හිතන්න බැහැ. කාගේ හරි ගැටයක්. (ස)
මේ සිද්දිය ගැන මට සැකයි මේක අමාරුවේ දාන්න කරපු වැඩක් ද ? (ස)
අනේ පව් පාන් කෑවොත් ඔහොම්මයි. (ස)
නිතිය කාටත් එකයි කියන්න හොදම නිදසුනක් (දී)
මොකද මේ හෝමාගමටම එකපාර ඔක්කොම වෙන්නේ,මෙච්චර හොද නගරයේ (නි)
කැතයි කැතයි. අම්මෝ වැඩේ කැතයි (නි)
මේකේ ෂුවර් එකටම අබිරහසක් තියෙනවා. අපි බලාගෙන ඉම්මු.(ස)
අනේ අනිච්චන්! (නි)
අනේ මන්දා සමහර අය මොනදේ වුණත් රජයට තමයි ඇගිල්ල දික් කරන්න බලන්නේ. එදා වේල හොයන් කන මිනිස්සු සර්ව සාධාරනව ඕනෑ තරම් ජිවත් වෙනවා මේ රටේ.ලැබෙන්න ලැබෙන්න තණ්හාව වැඩි අයට තමා මෙහෙම වෙන්නේ. තණ්හාය ජායති සෝකෝ කියලා අපේ බුදුපියාණන් දේශනා කළේ මේ වගේ අයටයි.අනිත් අයත් මේවා බලලා හැදුනොත් ලොකු දෙයක්. (නි)
මේවාට සම්පුර්ණයෙන් ලංකාවේ හාමුදුරුවරු වගකියන්න ඕනෑ. ඔවුන් ධර්මය හරියට සමාජයට දේශණා නොකරන නිසා. (නි)
මේ අවනඩු කාට කියන්නද! (නි)
පඩි මදි. ජිවත් වන්න සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ. දොස් කියලා වැඩක් නැහැ. වරද අන්න එතනයි (නි)
මේ සිද්දියේ ඇතුල් පැත්ත මෙය නොවේ කියා සිතෙනවා. (ස)
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමිද ඒ අමාරුව. (නි)
විනිසුරුතුමාගේ රැකවළාගේ නම මොකක්ද? (නි)
අනේ දෙයියනේ !!! (නි)
අනේ ස්වාමිනි ,ඇයි මෙහෙම වැඩක් කලේ? (නි)
කවදා හෝ කළකම් පල දෙන බව විශ්වාසයි (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන එක බොරු වෙනවා (දී)
නීතියේ දෙවගනට අපහාස කරන මේ වගේ අය මුලු අධිකරණ පද්ධතියටම නිගාවක්. අපි වගේ අසරන රටවැසියන්ට කාගේ පිහිටද (නි)
වැඩ නැතුවාට වැඩ
මෙවෙනි දේට හේතුව රාජ්‍යය නිලධාරීන් හට ගෙවන වේතනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමය. මෙවැනි රාජ්‍යය නිලධාරියෙකුට වර්තමානයේ අවම වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 10ක වත් වේතනයක් ලබා දියයුතුය. වර්තමානයේ බොහෝ විනිසුරන් ෆිජි දේශය වැනි රටවල රැකියා සදහා විදේශගත වෙයි. මෙය සමස්ත රාජ්‍යය සේවයේම දක්නට ලැබෙන පොදු තත්වයකි. (නි)
ස්වර්ණාගේ කතාව නිවැරදි වෙන්න පුළුවන්.ඒක වෙනම පැත්තක්. මේ අය අල්ලස් ගන්න තරම් නැති බැරිනම් අනේ අසරණ ජනතාව කොතරම් දැන් අසරණද.(ස)
සාධාරණය විකුනුවට උපරිම දඩුවම් දිය යුතුය.(නදී)
රටකට ගිය කල. නීතිය බල්ලට ගිහින් තියෙන්නේ දැන්. ලොකු එවුන් මෙහෙම කලාම අනිත් එවුන් ඉතින් මොන මොනවා කරලා නවතීද? අනේ අපේ දරුවන්ගේ අනාගතය.(නදී)
උදව් කරන්න ගිහින් අමාරුවේ වැටිලා. (නි)
යුක්තිය පසිදලීම සදහා අය කරන ගාස්තුවද දන්නෙ නැහැනේ ගත්තේ (නි)
මෙන්න අපේ රටේ නීතිය පසිදලන අය ... (නි)
දෙයියනේ, මේ නීතිය රකින්න ඉන්න ඇත්තෝ මෙහෙම දේවල් කරනකොට රටට යන කල මොකක්ද? මේ දෙන්නාට නම්, අනිත් ඇත්තන්ටත් පාඩමක් ඉගෙන ගන්න, උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
නිතිය රටට ක්‍රියා කරන අයත් මෙහෙම නම් අනික් අය ගැන මොන කතාද ? (නි)
මේක මෙතුමාට අපහාස කිරීමට සහ සේවයෙන් ඉවත් කිරීමට බලවත් පුද්ගලයකු විසින් කරන ලද වැඩක් වෙන්න බැරිද? (නි)
මුදල් වලට වැරදිකරු නිවැරදි කරලා , නිවැරදිකරු වැරදි කරලා මෙයාගේ නඩුවලින් රිමාන්ඩ් බාරයේ පසුවන අයෙක් ඉන්නවා නම් මෙතුමාට කළගුණ සලකන්න හොද අවස්ථාවක් (නි)
රටේ හාමුදුරුවරු කිහිප වර්ගයකි. නඩුකාර හාමුදුරුවරු, බුදු හාමුදුරුවරු.... (නි)
අතීතයේදීත් මීගමුවෙන් මෙහෙම දේවල් අපි අහලා තියෙනවා (නි)
හොරුන්,මිනීමරුවන්,ස්ත්‍රී දුෂකයන් ආරක්ෂා කරද්දී අවංකව වැඩකරන ස්වාධින මත දරන්නන් දඩයම් කිරීම හෙළා දකිමු. (නි)
ආසියාවේ ආශ්චර්යය නොවැ (නි)
සත්‍ය කවදා හරි දවසක එළිවේවි (නි)
ලැජ්ජාවක් නැතුව ලක්ෂ තුනක් ගත්තනේ (නි)
හැම පැත්තෙන්ම එන අසාධාරණයට පිහිටක් පතාගෙන අපට යන්න තියෙන එකම තැන අධිකරණයයි. ඒකනේ පහුගිය කාලේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන මේ තරම් අපි මොර දුන්නෙත්. ඒත් ඇතුළතින්ම මේ විදිහට අධිකරණය වනසන කොට අපි සාධාරණය ඉෂ්ට කර ගන්න කොහෙද යන්නේ? (නි)
නඩුකාරයා රිමාන්ඩ් එකේ ඉන්නේ සමහරවිට එයාගේ තීන්දුවකින් රිමාන්ඩ් කරපු අයත් එක්ක එකටම ඉන්න වෙන්නත් පුළුවන්. (නි)
ලද දෙයින් සතුටු නොවීම තමයි මීට මුල. මෙතනින් හදන්න පටන් ගන්න බැහැ. හරි මිනිහට කොච්චර හිතට වේදනා ඇද්ද නඩුව පැරදුණහම? (නි)
අඩු තරමේ වෘත්තියේ ගරුත්වය ගැනවත් හිතුවා නම්.... (නි)
මේ වගේ නීතිය රකින මුවාවෙන් කොල්ලකන අයට තමයි උපරිම දඩුවම් දියයුත්තේ (නි)
අනේ රටට ගිය කල! (නි)
මම දන්නේ නැහැ මේ ඇත්තද කියලා. නමුත් මේවා වෙන්නේ ඕනෑවට වැඩ ස්මාර්ට් වෙන්න හදන නිසයි, තමුන්නේ රාජකාරිය කරන්නේ නැතුව. (නි)
මගේ ගම හෝමාගම. මම මෙතුමා ගැන හොඳට දන්නවා. ලක්ෂ 3කට ආත්මය විකුණන කෙනෙක් නෙමෙයි එයා. මේකේ මොකක් හරි වෙන සැගවුණු දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා (නි)
මෙය බුද්ධ රාජ්‍යයයි (නි)
අයියෝ සල්ලි..(ස)
නඩුව අහලා වැරදිකරු වුවහොත් මෙයාගේ සියළු සහතික අවලංගු කළ යුතුයි (නි)
කොසොල් රජතුමා දැකපු එක සිහිනයක් තමයි දෙපැත්තෙන්ම හිස් දෙකක් ඇති අශ්වයෙක් දෙපසින්ම අනුභව කිරීම. මේ සිහිනයේ නිමිත්ත ගැන කරුණු දැක්වූ බුදුරදුන් පැවසුවේ, "මහරජතුමනි, අනාගතයේ නිතිය අවනීතිය වෙනවා, යුක්තිය අයුක්තිය වෙනවා. මේ දෙපැත්තෙන්ම උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි." කියලා (නි)
නඩුවක් අවුරුදු ගණනක් ඇදගෙන යනකොට නීතිඥ උන්නාන්සේලා ටික ටික අවුරුදු ගණන් ලක්ෂ ගණන් වියදම් කරගෙන කාලය නාස්ති කරගන්නවාට වඩා එක පාර මෙහෙම දීලා නඩුව අවසන් කරගන්න එක ගොඩක් හොදයි එක අතකට. මේ ක්‍රමය තව වැඩි දියුනු කරලා ව්‍යවස්තා සංශෝධනයකින් වෙන්දේසි ක්‍රමයට නඩු තීන්දු දෙන විදියක් බැලුවා නම් තවත් හොදයි මගේ හිතේ. (නි)
අනේ පව් අර අහිංසක පි.සි (දී)
සන්ජීව කියනවා වගේ මටත් හිතෙනවා මොකක් හරි වෙන සැගවුණු දෙයක් තියෙනවා කියලා. (දී)
වරදට දඬුවම
නිතියනම් නිතිය
ඇයි මේ නඩුවට නීතිඥ්ඥවරු නැද්ද? නඩුකාරයෙක් අඩුව තියෙද්දි අත පුච්ච ගනියිද? (දී)
නිකං විනාස වෙනවා (දී)