
(යොහාන් භාසුර)
ආණ්ඩුව ආනයනය කිරීමට සැළසුම් කර තිබෙන සහල් මෙට්‍රික්ටොන් 70,000 න් මෙට්‍රික්ටොන් 10,400 ක් ආනයනය කිරීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බවත් එම සහල් තොගය ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහල් මෙට්‍රික්ටොන් 5,200 බැගින් ආනයනය කරන බවත් ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා අද (6) පැවසීය.
මෙම සහල් තොගය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වීම් කටයුතු කරමින් සිටින බවත් එම තොගය ලැබූණු වාහාම බෙදාහැරීමට කටයුතු කරන බවත් සමිත පෙරේරා මහතා කීය.
එම සහල් තොගය ගෙන ඒමෙන් පසුව ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහල් මෙටි්‍රක්ටොන් 20,200 බැගින් මෙටි්‍රක්ටොන් 40,400 ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවත් ස්වර්ණ නාඩු සහල් පමණක් මෙහිදී ආනයනය කරන බවත් ඒ මහතා පැවසීය.
සහල් ආනයන කිරීම පෞද්ගලික අංශයට ද විවෘත කර තිබීම නිසා පෞද්ගලික අංශය ආනයනය කළ සහල් ඉදිරි දින කීපයේදී මෙරටට ළගාවීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය.
සහල් ආනයනයකරුවන්ගේ සහල් සාම්පල රාජ්‍ය ආයතනය කීපයකට යොමු කර පරීක්‍ෂා කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වී වැවෙනවා ලංකාවේ. හාල් හදන්න පුළුවන් ලංකාවේ. හැබැයි හාල් ගේනවා පිටරටින්. ඇයි? දේශපාලකයාට කොමිස් ලැබෙන්නේ හාල් පිටරටින් ගෙනාවොත් විතරයි. ඒ නිසා හැමදාම හාල් ගේනවා පිටරටින්. ලංකාවේ ගොවියෝ හැමදාම දුප්පත්. මතක තියාගන්න ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ එක හාල් ඇටයක් පිටරටින් ගේන් නෑ. ඔක්කොම වගා කරනවා. ඔය කොමිස් ගහන්න ගෙන්නන හාල් ජාතික ජනබලවේග රජයක් තුල නෑ." කවුදෝ හාදයෙක් මාස් දෙකකට කලින් ඔහොම කියලා මොර දුන්නා වේදිකා වල. මන් හිතන්නේ පොරට ඡන්දේ දිනන්න බැරි වෙන්න ඇති.
පාර්ලිමේන්තුවේ කෙස් පැලෙන තර්ක කරලා ඉදලා වැඩක් ඇත්තටම නාඩු හාල් ගන්නේ නෑ. ඒම නිසා මේවා සුලබ කරන්න දැන් මාධ්‍ය කාලීන දිර්ඝ කාලීන සැලසුම් ගැන කතා කරලා වැඩක් නෑ
ඉතිං ඔබතුමා දැන් කියන්නේ වී හඳලා, සහල් හදනකන් ඉන්න. ගේන්න එපා කියලද?
සැබෑ තත්වය දකින්න. මේ වෙලාවේ මාලිමාව හැර පොහොට්ටුව හරි රනිල් හරි සජිත් හරි හිටිය නම් හඳෙන් ගෙනල්ලද හාල් දෙන්නේ. හිටපු ආණ්ඩුව ගබඩා වල වී තොග තියාගත්ත නම් මේ තත්වය එන්නේ නෑනේ. කුහක වෙන්න එපා.
ගොනෙක් උනාට පෙන්නන්න එපා. තමුන්ගේ මහ එකා එක හාල් ඇටයක්වත් ගබඩාවල තියල නෙමේ ගිහින් තියෙන්නෙ. බාර් නම් පෝලිමට දීලා. පොර මේක දැනගෙන හිටියා. පොර දැනගෙන හිටියා බලය නැති වෙනවා කියලා. ඒක නිසා පත්වෙන ආණ්ඩුව අපහසුතාවයට පත්වෙන්නම එක වී ඇටයක්වත් ගබඩා කරේ නෑ.
කයියනායකගේ කයිය විතරයි.
මේ වෙලාවේ ජනතාව ගොඩක් අසරණ වෙලා තියෙන්නේ. රටේ බහුතරයක් හාල් කඩෙන් ගන්නේ. දැන් ගිය ආණ්ඩුවටවත් මේ ආණ්ඩුවටවත් බැන බැන ඉන්න එක නොව... කෙසේ හෝ මිනිස්සුන්ට කන්න හාල් ටික සපයා දෙන්න.
මේ අර්බුදය ඉදිරියේදී ජනතාවගේ සෞඛ්‍ය විශේෂයෙන් බෝනොවන රෝග බහුල වීමත් ඉඩ පවතී... එනිසා කඩිනම් පියවර ගන්න.
අපේ ආණ්ඩුවක් යටතේ මෙහෙම වුණා නම් බලන්න තිබ්බා කයිය නායක කට උල් කරලා ඇස් ලොකු කරලා, හස්ත මුද්‍රාව දාලා පච කියන හැටි... ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත...
නැගිටපල්ලා... නැගිටපල්ලා... නැහැ නැහැ... ඉවසපල්ලා... ඉවසපල්ලා...
කට කැඩෙනකල් කිව්වා මේ අය පච විදින මැෂින් කියලා. කවුරුවත් ඇහුවේ නෑනේ.