වසර තුනක වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූනඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා අස්කර ගත්තේය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළේය.
ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ නඩුව අහලා නිර්දෝෂී නම් නිදහස් කරන්න තියෙන්නේ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැහැ . (ර)
සුමිත් මෙතන තිබෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද? නීතිය ඒ කාලේ ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මහින්ද මහතාට බනින්න. මොකද දැන් නීතිය හොඳට ක්‍රීයාත්මක වන නිසා (නි)
යහපාලනය ගෙනාවට ලැබුන තෑගි (බ)
මොකද මේ නීතියට වෙලා තියන්නේ (බ)
ඒ කියන්නේ මෙතුමිය වත්කම් හෙළි කරලාද? (ර)
නියම නීතිය ක්‍රියාත්මක කිරීමක්. (ම)
පුදුම නඩු නේ , ඔහොම හොර නඩු දානවට , නඩු දැම්මට නඩු දාන්න ඕන (බ)
ඉස්සර මේ තීන්දුව දුන්න නම් නම් මහේස්ත්‍රාත් තුමාටයි අල්ලස් කොමිසමේ නිලධාරීන්ටයි ස්ථාන මාරුවෙලා යන්න තැනකුත් ලැබෙනවා. (ම)
මේක තමයි යහපාලනය ක්‍රමය (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නීතියේ සමානාත්මතාවය. (ර)
"සුබ අනාගතයක්" සඳහා දාපු තුච්ච නඩුවකට ලැබුන සාධාරණ නීතියක්. "යහ පාලනය" අධිකරණ පද්ධතිය තුල ඉටුවෙමින් තිබෙනවා. (බ)
නිතිය ක්‍රියාත්මක කරන අයට නීති නැද්ද? (ම)
හරිම සන්තෝසයි.(කෞ)
රමණි, අගවිනුසුරු තුමිය නම් වත්කම් හෙළි කරලා තියෙනවා කිහිප සැරයක්ම. හැබැයි ඔය ඔය කඩේ යන කට්ටිය නම් වත්කම් හෙළි කරලත් නැහැ. කරන එකකුත් නැහැ. (ර)
පක්ෂ අයට එක නීතියක් විරුද්ධ අයට තව නීතියක් (ම)
යහපාලනයට ජයවේවා.....(ම)