කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විභාග කැර අවසන් කිරිමේ අරමුණින් ඉදිකරන ලද ‘අංක 09’ නව අධිකරණ ශාලාව සහ එම උසාවියේ නිතිඥ සංගමයේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදි කළ නව භෝජනාගාරය අගවිනිසුරු මොහාන් පිරීස් මහතා අද (18)විවෘත කළේය.
පරිගණක පහසුකම් ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විත මෙම අධිකරණ ශාලාවෙහි මහේස්ත්‍රාත්වරයා වුයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ ,අධිකරණසේවා කොමිෂන් සභවේ ලේකම් සිසිර රත්නායක,කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය,මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති ධර්මතිලක ගමගේ මහත්වරුද එහි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ඒත් නීතිඥවරුන් බොරු කියනවා යැයි කීමේ ඇත්තක් නැහැ. ඒ අය උසාවියේ කියන්නෙත් අපි ඒ අයට කියන දෙයයි.(නදී)" අන්න එතන ඔබ වැරදියි අපි නීතිඤයට බොරු කීවොත් අපි අමරුවේ. අපි ඇත්ත කීවම තමයි ඒ ගොල්ලෝ කියන්නේ ඔහොම කියන්න එපා මෙහෙම කියනවා. මම උසාවියේදී මෙහෙම අහනවා එතකොට මෙහෙම උත්තර දෙන්න එගොල්ලයි කියන්නේ.. අපට ඕන විදිහට උත්තර දුන්නොත් ගස් තමයි .
මාත් එකඟයි බමුණු එක්ක. තව පොඩ්ඩක් එකතු කරන්නත් තියෙනවා. විනිසුරුවරුන් වෙන්නෙත් බොහෝවිට නීතිඥයෝමනේ. එයින් සමහරු පැරණි මිතුරන්ට සලකන්න ඉල්ලන ඉල්ලන විදිහට නඩු කල්දාළ දෙනවා. අනික දෙපැත්තේ නීතිඥයෝ කතාවෙලා නඩු කල්දාගන්න අවස්ථා තියෙනවා. හැම නඩු වාරේකටම සල්ලි ගන්නවනේ, ඉතින් ඇදගෙන යන තරමට වාසියි. ඒ නිසා අලුතින් උසාවි විවෘත්ත කරන අතරේ, අග විනිසුරුතුමාට හැකිනම් රජයට කියල හරි, යුක්තිය පසිඳලීමේ ක්‍රියා පද්ධති වෙනස් කරන්න. කොටින්ම අපරාධ නඩුවිධාන සංග්‍රහයත් සිවිල් නඩුවිධාන සංග්‍රහයත් වෙනස් කරන්න නඩු කල්යාමේ ඉඩකඩ ඇහිරෙන විදිහට. (නදී)
"නඩුවක් නොඅසා කල් ගියොත් නීතිඥ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැත යනුවෙන් නීතියක් ගෙනාවොත් යන්තම්වත් නඩු ඇහෙන එක ඉක්මන් වෙයි නේද?" ඉතින් දැන් කව්ද ඔය නීති ගෙනෙන්නේ? (දී)
ලොකු දෙයක් නඩු ගොඩවල් ඉක්මනින් ඉවර කරන්නට හැකිනම්.(නදී)
ලංකාවේ වැඩිවීගෙන යන අපරාධ රැල්ලේ හැටියට සියලුම දිස්ත්‍රික්ක වලට තව අතිරේක උසාවිය බැගින් ඉදි කරන්න වෙයි. නැත්නම් ගැබිණි කාලේ දාපු නඩුවකට තීන්දුව ලැබෙනකොට ළමයා සාමාන්‍ය පෙළත් ලියලා ඉවර වෙයි. (නි)
දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා! (නි)
නඩු ඉක්මන් කරන්න සක්කරයටවත් බැහැ. නඩු ඉක්මන් වුනොත් කොහොමද නීතිඥයෝ ජීවත් වෙන්නේ? නඩු කල් යන තරමට ඒගොල්ලෝ කැමතියි. අපට තමයි උසාවියේ බොරු කියන්න බැරි. ඒගොල්ලෝ බොරුවේ උපත. බොරුකියන කටවල් වලට ඇත්තටම හෙනගහනවා නම් එයාලා කටවල් නැතිව ඉදී නේද? ඒත් ඉන්පස්සේ අතින් පයින් බොරු කියාවී (නි)
ලංකාවේ නඩු අහන්න නෙමෙයි තියෙන්නේ කල්දාන්න. ඒවායිනුත් සාධාරණට ඉටුවෙන ඒවා තියෙන්නේ ටිකයි (නි)
"දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා"(අ)
මේ වැඩේට නීතිඥ සංගමේ කිසිම කැමැත්තක් නැහැ. කවුද කැමති වෙන්නේ තමන්ගේ බඩට ගහ ගන්න. නඩුව රබර් වගේ ඇදෙන තරමට තමයි ඒ කට්ටිය කැමති.(නදී)
බමුණු කියන්නේ සහතික ඇත්ත.මේ නීති පද්ධතිය දැන් සකස් වෙලා තියෙන්නේ නිතිඥයින්ට ජීවනෝපාය සලසලා දෙන්න මිසක් අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉක්මනින් විසදන්න නෙමෙයි.දඩ කොලයකට උසාවි ගියොත් ලෝයර් මගින් ගියොත් දඩය එකක්, ලෝයර් නැතුව ගියොත් දඩය තව එකක්.වරද පිලිගන්නත් නීතිඥයින් ඕනෑ. ඔය සුද්දගේ ක්‍රමේ විසි කරලා අපිට ගැලපෙන අධිකරණ පද්ධතියක් ගොඩ නගා ගන්නාතුරු උසාවි තව 1000 ක් හැදුවත් සාමාන්‍ය මිනිහට සෙතක් වෙන්නේ නැහැ.මගේ මතය නම් එයයි (නි)
නඩු කල් යන ඒකට නීතිඥවරුන් කැමති බව ඇත්ත. ඒත් නීතිඥවරුන් බොරු කියනවා යැයි කීමේ ඇත්තක් නැහැ. ඒ අය උසාවියේ කියන්නෙත් අපි ඒ අයට කියන දෙයයි.(නදී)
නඩු ප්‍රමාද වෙලා නීතිය වල් වැදිලා. ගුණගරුක සමාජය අපෙන් ඈත් වෙන එක ගැන අපිට දුකේ බැහැ. (නි)
නඩුවක් නොඅසා කල් ගියොත් නීතිඥ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නැත යනුවෙන් නීතියක් ගෙනාවොත් යන්තම්වත් නඩු ඇහෙන එක ඉක්මන් වෙයි නේද? (දී)
අවන්කවම නඩු ඉක්ක්මනින් ඉවර කරන්න මේ අය කැමතිද? (නදී)
"දැන් තමයි නිතිය හරියට ක්‍රියාත්මක වන්නේ. සුදුසු තැනට සුදුසු කෙනා පත්කරන්න අපේ ජනාධිපතිතුමා පසුබට වන්නේ නැහැ. අග්‍රවිනිසුරුතුමනි, ඔබ අපේ ජාතියේ පිනට පහල වුන කෙනෙක්. ජය වේවා" අනේ අම්මපා අපේ ජාතිය කොපමණ පින් කොරලා තියනවද කියල පෙනෙනවා.(නදී)