අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනකු 22 දා දහවල් සිට ආහාර වර්ජනයක නිරතව සිටින බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියයි.
නඩු විභාග කඩිනම් කරගැනීමට ඔවුන් මෙම උපවාසය ආරම්භ කළ බව ඔවුන් කියා ඇත.
එමෙන්ම උපවාස කරුවන්ගේ ඉල්ලීම් ගැන මේ වනවිට රජයේ සියලු දෙනාම දැනුම්වත් කොට ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරීද ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඉන්දු ලංකා ගිවිසුමට අනුව මේ පිරිස නිදහස් කරන ලෙසයි හිටපු මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙන්නේ.
එම ගිවිසුම පැරණි වුවත් එහි සදහන් කරුණු හා කොන්දේසි දැනටද වලංගු බැවින් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව පූර්ණ බලතල ඇති බවද ආනන්ද සංගරී මහතා විසින් යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු කඩිනම් කරගන්න අ‘පුර 22ක් උපවාසයේ
අමල් Tuesday, 23 February 2016 06:51 AM
කල් ගත නොවී නඩු විසදෙනවානම් ගොඩක් හොඳ දෙයක්. (ර)