උතුරු එංගලන්තයේ නොටින්හැම් නුවර අලුතින් ආරම්භ කෙරුණ ශාන්ති බෞද්ධ විහාරස්ථානයේ ප්‍රාරම්භක කඨින පිංකම පසුගියදා පැවැවැත්විණී.
ලන්ඩන් නුවරින් කිලෝමීටර් 200ක් පමණ උතුරු දෙසට පිහිටි නොටින්හැම් නගරයේ සහ ඒ අවට පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කෙරුණේ තෙල්දෙණියේ අමිත හිමියන්ගේ මුලිකත්වයෙනි.
දවසේ සියලුම වැඩ කටයුතු සඳහා විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහ අනෙකුත් හිත මිත්‍රාදීන්ගේ පුර්ණ සහයෝගය ලැබුන බව පුජ්‍ය අමිත හිමියෝ පැවසුහ.
පිංකම අරම්භ වුයේ කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ අලංකාර පෙරහරකින් ශාලාව වෙත වැඩම කරවිමෙනි.
මේ සඳහා ශ්‍රී ලාංකික පවුල්වල දරුදැරියන් ඉමහත් උනන්දුවකින් සහභාගිවී සිටියහ.
පිංකම සඳහා ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල රේවත නාහිමි, මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානාධිපති පිදිවිල්ලේ පියතිස්ස නා හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවෙල විමල හිමි, ලන්ඩන් හිත්රෝ අතුල දස්සන විහාරාධිපති වඳුරඹ කස්සප හිමි ඇතුළු බර්මින් මහා විහාරය, බර්මින්හැම් ජේතවන විහාරය සහ ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ 14 නමක් වැඩම කර සිටියහ.
මේ සෑම විහාරස්ථානයකම සති අන්තයේදී ධර්මදේශනා, දාන සහ අනෙකුත් පිංකම් පවතින නිසාම බ්‍රිතාන්‍යය වැනි යුරෝපිය රටක පිංකමක් සඳහා එතරම් භික්ෂුන් වහන්සේ සංඛ්‍යාවක් වැඩමකර සිටීම සුවිශේෂී සිදුවීමකි.
වැඩමකළ මහා සංඝ රත්නය සඳහා දහවල දානය පිරිනැමූ අතර සියලුම ගිහි සැදැහැවතුන් වෙතද ආහාරපාන සපයනු ලැබිය.
කඨින පිංකමේ වැදගත්කම පිළීබඳව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වුණු අතර මෙවර කඨින චිවරය පුජාකරනු ලැබුවේ ශාන්ති විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමියන් වෙතය.
නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ ප්‍රථම කඨින පිංකම වැඩකටයුතු සාර්ථකව සංවිධානය කිරීමෙහිලා අනේක විධ ආකාරයෙන් උදව් උපකාර කල සහ පිංකමට සහභාගිවූ මහා සංඝරත්නයටත් සියලුම සදහවතුන්ටත් පුණ්‍යානුමෝදනා පිරිනමමින් අමිත හිමියන් විසින් අනුශාසනාව පවත්වනු ලැබිය.
කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ රවී සංජීව සහ පවුලේ සාමාජිකයින් විසිනි.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොටින්හැම් ශාන්ති විහාරයේ වස් පිංකම
ධම්ම Wednesday, 13 November 2013 01:27 PM
සංඝයා වහන්සේලා ආහාර වළඳන අතරතුර අඩුපාඩු පිළිගැන්වීමේ පිළිවෙල පිළිබඳව මගේ නම් සතුටක් නැහැ. එය උන්වහන්සේලාට නිදහසේ වළඳන්නට ඉඩ නොදෙන බාධාවක්. කෑම මේසයට ආහාර පිළිගන්වන්නට තරම් අප නවීකරණය වී ඇති මේ කාලයේ මෙයටත් විකල්පයක් සොයාගත යුතුයැයි මගේ හැගීම. (ස)
අමිල Wednesday, 13 November 2013 07:04 PM
මම මගේ හදවතින්ම සතුටුවෙමි (නි)
හේමාලංකාර Wednesday, 13 November 2013 08:42 PM
සංඝ ගේ අදහසට මම විරුද්ධයි.සුදුසු වෙලාව බලා පිළිගන්වන්න. (නි)
ජයන්ත-ඉතාලිය Wednesday, 13 November 2013 04:24 PM
සාදු.සාදු.සාදු.! මේවා අට මහා කුසල් වේ.යම් අයකු වසර 100 තුල කරන පූජාවකට වැඩිය එක කඨින පින්කමක් වැදගත් වේ. (නි)
සංඝ Wednesday, 13 November 2013 04:54 PM
ධම්ම, අහල නැතිද පිලිගැන්වීමත් කුසලයක් කියලා. (ස)