යක්කල කඨින පෙරහරක ගමන් කළ නැට්ටුවකු ජිප් රියක හැපී ඇමිණී කිලෝමීටර පහක් පමණ ඇදී ගොස් ඇතැයි ද. තිහාරියේ වැටී තිබුණු සිරුර සොයා ගත් බව ද පොලිසිය කියයි.
මෙම රියේ හැපුණු බව කියන තව තිදෙනෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබති.
අද අලුයම 3.30ට පමණ අනතුර සිදු විය.
පළා ගිය රිය සොයා ගැනීම සඳහා පොලිසිය මාර්ගය දෙපස කඩ සාප්පුවල සීසීටීවී පරීක්ෂා කිරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
අපේ රටේ මාර්ග නීති විතරක් නෙවෙයි, සෑම අස්සක් මුල්ලක් නෑරම විනය පිරිහුණු මිනිස්සුන්ගෙන් පිරිලා. ඔය මිල අධික සැප වාහන වල යන ගොඩක් මිනිස්ස්සු හරිම ආත්මාර්ථකාමීයි. අධික වේගයෙන් ධාවනය කරනවා විතරක් නෙවෙයි, විනීත රියදුරන්ට පුප්පනවා. ප්‍රධාන ලාම්පුව කරදර කාරී විදිහට දල්වනවා. වෙට්ටු දානවා. කහ ඉර නීතිය තඹේකට මායිම් කරන්නේ නෑ. (ම)
පෙරහැරක නෙමේ මොන යම් දෙයක් වෙලා උනත් ලොකු ලොකු උදවියට පොඩි මිනිසුන් පෙනෙන්නෙ නැ.ඒ වගේම රාජකරියේ නියුතු පොලීසිය නිදාගෙන හිටි බව නම් පෙනෙනව.මොකද කීවොත් ජීප් රථය කි.මී 5ක් යනකල්. (බ)
ඔහු රියේ හැපුණ බව ඔහුගේ කණ්ඩායමේ අනෙක් කට්ටිය දන්නෙ නැද්ද? (නි)
අනතුර ගැන දන්නා නිසානේ සොයන්න ගත්තේ සමන්ති (නි)
අනතුරින් තව තිදෙනෙක් රෝහලේ ඉන්නවාලුනේ සමන්ති (නි)
අනේ දෙවියනේ! (නි)
සමන්ති කියන දේ කාටවත් තේරිලා නැහැ වගෙයි. එයා කියන්නේ කණ්ඩායමේ අය දැක්කා නම් මේ පුද්ගලයා මෙච්චර දුරක් වාහනයත් සමඟ ඇදීගියේ කොහොමද? අඩුමගානේ පොලිසියටත් කියලා නැද්ද කවුරුත්? (නි)
මෙම රථය පදවන්න ඇත්තේ මනුෂ්‍යයෙක් නොවෙයි. තිරිසනෙක්. (නි)
විභුති, ඒ මනුස්සයා එහෙම ඇදිලා ගියේ, වාහනය නොනවත්වා පළාගිය නිසයි. නැතුව ඔහු සමඟ ගිය අයගේ වැරැද්දක් නිසා නෙමෙයි. වාහනය නවත්වා සිදුවුණු දෙය බැලුවා නම් ඒ තැනැත්තා වාහනයේ ඇමිනී ඇති බව පෙනෙනවා. එසේනම් ඔහු මියනොයන්නත් තිබුනා. (නි)
මෙහෙම මනුස්සකමක් නැති මිනිස්සුන්ගේ වැඩ ගැනම තමයි ආරංචි වෙන්නේ. රියේ තවත් කට්ටිය සිටියා නම් සදාකාලිකව රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕන. වැරැද්ද දැක දැක ක්‍රියාත්මක නොවුනාට. (ම)
ඔතන ඔය ජීප්රිය නවත්වුව නම් රියදුරාට මැරුම් කන්න වෙනවා ගුටිකාලම එකයි නවත්වන්නේ නැතිව ගිහින් තියෙන්නේ ගම වල මිනිස්සු හරි දරුණුයි (ම)
නැවත ලයිසන් එක දෙනවනම් වැඩක් තියේද මරණ දිය යුතුය (ම)
අනිවාර්යෙන්ම නැවැත්තුවා නම් අපේ රටේ සමහර කාලකණ්නි නීතිය අතට අරන් රියදුරා මරනවා ගහලම. ඒ දේවල් නැති කලා නම් අනතුරක් වුණාම කවුරුත් නොනවත්වා ධාවනය කරන එකක් නෑ....(ම)
අයිඑස් සංවිධානය මරණ දඩුවම ක්‍රියාත්මක කරන අලුත්ම විදිහත් මේ වගේ කියල මම පසුගිය දිනෙක දුටුවා. ඒ වෙලාවේ ත්‍රස්තවාදය ගැන තවත් කළ කිරුණා. .දැන් අපේ අයත් එකට දෙවෙනි නෑ වගේනේ. (ම)
උදේ 3.30 ට කොහොමද වෙන්නේ? බීල වෙන්න ඇති. (ම)
කොහොම නමුත් මේ පෙරහරේ සංවිධායක කණ්ඩායමට වගකීමක් තියනවා පෙරහැර ආරක්ෂාකාරීව කොළඹ නුවර වැනි මහා මාර්ගයක පෙරහක් ගෙනයාමේ වගකීම (ම)
සමන්ති දුවේ ... ඒක ලොකු අනතුරක් .. ඒක හින්ද ඔහුගේ කණ්ඩායම විතරක් නෙමෙයි දැන් නම් ලංකාවම දන්නවා ඒ ගැන .. (ම)
ලංකාවේ අනතුරු ගැන නම් කතාකරලා වැඩක් නැහැ. අලුත් වාහන, නවීන මහා මාර්ග. ඒ වුණාට ඒවා පදවන්නේ වඳුරන් රිළවුන් වැනි වානරයෝ. (නි)