( ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි‍්‍රතානයේ සිට ) - මහා බි‍්‍රතානයේ නොට්ටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ වෙසක් පොහෝ දින සැමරුම මැයි 18 (ඉරුදින) නොට්ටින්ග්හැම් හි ශාන්ත පැට‍්‍රික් දේවස්ථාන ශාලාවේදී දවස පුරා පැවැත්වීමට යයි.
එදින පෙරවරු 8.00 පෙහෙවස් සමාදන් වීමෙන් වෙසක් දින වැඩසටහන ඇරඹේ.
විහාරාධිපති තෙල්දෙණියායේ අමිත හිමියන් භාවනා වැඩසටහනක් සහ ධර්ම සාකච්ඡාවක් ද මෙහෙයවති.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජේවර්ධන මහතාගේ විශේෂ දේශනයක් සහ තිස්සපුර සුගතරත්න හිමියන්ගේ ධර්ම දේශනයක් ද එදින පැවැත්වේ.
ශිල ව්‍යාපාරය අවසන් වීමෙන් අනතුරුව වෙසක් භක්ති ගීත වැඩසටහනක් සහ වෙසක් දන්සලක් ද පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd