අතිකාල දීමනා වෙනුවෙන් නොච්චියාගම පොලීසියේ කොස්තාපල්වරයකුට ලැබුණු ලැබුණු රුපියල් එකොළොස්දහසක් සොරකම් කළැයි සැකපිට එම පොලීසියේම රියැදුරු හේමචන්ද්‍ර තඹුත්තේගම වැඩබලන මහෙස්ත්‍රාත් ලෙව්කේ බණ්ඩාර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
කොස්තාපල් දසනායකගේ මුදල් පසුම්බිය නේවාසීකාගාරයේ කාමරයේ තිබියදී ඔහු රාජකාරියට ගොස් ඇත.
ආපසු පැමිණි බලන විට මුදල් නොතිබු බවත් කාමරයේ ගැවසුණු බව කියන කොස්තාපල්වරයකු ස්ථානාධිපති හමුවට කැඳවා ඔහු ළග තිබී රුපියල් 8000 ක් සොයා ගත් බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකාර පොලිස් රියැදුරාගේ වැඩ තහනම් කැර ඇත.
නොච්චියාගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ඩී බී රත්නායක මහතාගේ උපදේස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උභයනන්ද මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහත්වරු ඔහොම කරනවිට එතකොට කොහොමද හොරු අල්ලන්නේ
වැටත් නියරත් ගොයම් කා නම් කගේ සරණක්ද , ? එමෙන්ම හොරුන් මැරයන් ඇල්ලීමට සිටින පොලිසියත් හොරකම කරනවානම් අපිට කාගේ පිහිටද ? (අ)
කොහොමද එහෙම ඇප දෙන්නේ (දී)
පොලිසියත් හරියට මොන්ටිසෝරියක් වගේ. අනේ කාලේ වනේ වාසේ කිවලු.... (ස)