
(සුජිත් හේවාජුලිගේ)
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙවැනි වාර්තා සහ පොත්පත් යනාදිය සුරක්ෂිතව තැබීමට එහි ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන යොදා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීම පිළිබඳ ප්‍රාරම්භක වාර්තාවද දෙපාර්තමේන්තු ප්‍රධානියා අනුමත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පොතින් අස් කිරීමේ සෑම නියෝගයකම පිටපතක් විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද කුරු නගුල හා තැටි නගුල පොතින් අස් කිරීමට අදාල නියෝගයේ පිටපත් විගණකාධිපතිවරයාට යොමු කර නොතිබූ බව එහි සඳහන් වේ.
මල් වගා පර්යේෂණ සංවර්ධන අංශය සුවහසක් මල් සංගම් වෙත බෙදා දීම වෙනුවෙන් මිලදීගෙන තිබූ පොලිතින් බෑග් හත්දාහක හිඟයක් පැවතුණ බවද වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්වගා පර්යෙෂන හා සංවර්ධන අංශය මී මැස්සන්ට පැණි බීමට හැකි මල්වර්ග සංවර්ධනය කරනවානම් ලංකාවෙ වගාවන්හි අස්වැන්නත් වැඩිකර ගැනීමට රුකුලක් වේවි එහෙම නැතුව ඇන්තූරියම් වැනි සුවදක් නැති මල් වර්ග පමනක්ප්‍රවර්ධනය කලොත් එම වගාවන් නිසා කාලයක් යනවිට මීමැස්සො වැනි සත්ව ජාති වදවීගොස් අවුරුදු කීපයකින් මිනිස් ප්‍රජාවත් පෘථිවියෙන් වදවී යාවි විගණනයෙන් එහෙම අදහස් ඉදිරිපත් වෙන්නෙ නැතෙයි