(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ නගරයේ රජයට අයත් ඉඩම්වල සිදු කළ, පසුගිය ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන්ට අවසන් දැනුම් දීම සිදුකර ඇති බව ද පැවසූ අමාත්‍යවරයා, ආයෝජකයන් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
"හිල්ටන් හෝටලය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සේවක අයිතිවාසිකම් මෙන්ම හිල්ටන් හෝටල් ජාලයේ සම්මුතීන් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලැබෙන අයුරින් එය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට සමගාමීව බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලය ද නව ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නවා. එම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා" යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නගරවල වටින ඉඩම් ආයෝජකයන්ට
විපරමා Friday, 21 July 2023 08:48 PM
මොළ හතාට දුන්නා නම් හරි. ආර්තික සංවර්ධන ඇමැති කාලේ කරපුවා නොදන්න කෙනෙක් නැහැ. ගෝඨාභය නාගරික සංවර්ධන ඇමැතියා වෙලා කටුගෙයි වටිනා පුරාවස්තු වලටත් විද්දා.
C.K.Lankaputhra Saturday, 22 July 2023 06:39 AM
ආහ්...! කරල පැහෙන කෙලියක් වගේ. හැබැයි අපට නොවේ.
Lalla Sunday, 23 July 2023 08:02 AM
මේ අර චීන වරෙන්තු කාරයව ගෙනැල්ලා බොරු වපුරපු පොර නේද? මේ වගේ අයටත් ඇමැතිකම් තියෙන රටක් ගොඩනැගීම කෙසේ වෙන්නද?