මුදල් රෙගුලාසි වලට පටහැනිව චෙක්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළැයි ඇඹිලිපිටිය නාගරික ලේකම්වරියට බැන වැදීයැයි කියන ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රභ හිමියනට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඇඹිලිපිටි මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නොතීසි නිකුත් කෙළ්ය.
එම පැමිණිල්ල ගැන කරුණු විභාග කිරීමට සභාපති හිමියන් පොලිසියට නොපැමිණි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින්වහන්සේලා ගිහි උසාවි ඉදිරියට යන එක විශාල සාසනික පරිහානියක්. බුදුන් කල කී දේ කරන ප්‍රතිපත්ති ගරුකරන සාසන මාමක සංඝ සෝබන උතුම් සගරුවනට වරක් නොව තුන්වරක් සිරස නමා වන්දනා කරමි. සඳහන සාසන දයාවෙනි.
රාජ සභාවල තනතුරු දැරීම භික්ෂුවකට අකැපයි නේද ? (දිල්)
මේ සියවසේ විශාලතම ශාසනික පරිහානිය ස්වාමින්වහන්සේලා දේශපාලනයට යොමු වීම නොවේද ? (දිල්)
අනේ අපොයි! (නදී)
මේ ගොල්ල මෙහෙමම තමා.(නදී)
මමත් භික්ෂුවක්. රාජසභාවලට ඇතුලත් වීම ශාසන විරෝධී, විනය විරෝධී කාර්යයක්. භික්ෂුත්වයට පටහැනිය. මහජනතාවට සේවය කරන ක්‍රම අනන්ත අපරිමානයක් සුත්‍රවල සහ විනය ග්‍රන්ථවල තියෙනවා. (නදී)