IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට

කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති විය හැකි බවත් එවැනි අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය සඳහන් කරයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට

swene Sunday, 01 December 2024 05:32 AM

ඒ ඒ ආයතන වල විෂය පත් ගැන විද්‍යාත්මක ව බෙදීමක් කළයුතුයි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගොඩනැගිලි ගැන පර්යේෂණ ගැන කරන්න. උදාහරණයක් ලෙස පරණ ගොඩනැගිලි කඩා විසිකරන දේවල් නැවත ඉදකිරීම් අමුද්‍රව්‍ය වන වැලි වැනි දෑ හැටියට භාවිතා කරන වියදම් අවම ක්‍රමයක් ඉදිරිපත්කරන්න. එතකොට පරිසරයට විශාල සේවයක් වෙනවා. වායු දූෂණය වායුව ගැන කටයුතු කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දෙන්න. වායු දූෂක ව්‍යාප්තිය සහ විසරණය කාලගුණ හේතු මතයි සිදුවන්නේ. අවධානය දිනාගන්න ප්‍රකාශ නිකුත් කරන එක තේරුමක් නැහැ. මේ අවස්ථාවේදී ලංකාව වැනි රටක වායු දූෂණ ගැන දඟලනවා නම්, ඉන්දියාව කොහොම දඟලන්න ඕනෑද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1537 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site