IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නොගෙනා කිරි ගවයන් 15000කට කෝටි 211ක් පිනට දීලා

(සුජිත් හේවාජුලිගේ)

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද  කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන්   අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත්   වාර්තාවේ  දැක්වේ.

කිරි ගවයන්  නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන  වියදමක් දරා තිබියදී  කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද  විශේෂ  විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.



අදහස් (8)

නොගෙනා කිරි ගවයන් 15000කට කෝටි 211ක් පිනට දීලා

prasanna Saturday, 07 June 2025 03:33 PM

FCID නොයන්න හේතුව හරක් වැඩක් නිසාද?

:       1       9

de silva berlin Saturday, 07 June 2025 04:31 PM

ලංකාවේ සිමෙන්ති කොට්ටයක් ගැස් ටැංකියක් හොරකම් කරත් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරලා උසාවි දමනවා. කොටි 211 කියන්නේ සුළුපටු මුදලක් නොවේ. මේවා පොදු දේපල පනත යටතට වැටෙන බරපතල වැරැදි... විගණන දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් තොරතුරු දෙනවා නම්, සැලකිය යුතු සාක්ෂි තිබෙනවා නම් මේවා ඇනවුම් කළ දේශපාලකයන් සහ නිලධාරීන් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ, මේ නිලධාරී අලුත් ආණ්ඩුවත් සමග එකතුවෙලා තව දුරටත් රජයේ ලොකු තනතුරු වල කටයුතු කරගෙන යන නිසාද? එහෙම නැතිනම් ඔවුන්ට පුද්ගලික හිතවත් කම් තිබෙන නිසාද?

:       5       33

ලාල් ගැලබඩ Sunday, 08 June 2025 03:09 PM

කෝටි 211 අපිට‍ ලොකු වුණාට එයාලාට ටොයිලට් දෙකක් හදන මුදල්... රටේ සංවර්ධනය දිහා බලන විට ඔය වගේ සිල්ලර දේවල් දිහා බලන්න එපා.

:       0       6

vernonMonday, 09 June 2025 09:10 AM

ඉතින් රට ඉන්න මහත්තයෝ, විගණන අංශ මේ අර කෝටි ගණන්, මේ කෝටි ගණන් කියන්නේ එයාලා ගණන් හදන ඒවා. එයාලා කියනවා අර දවස වෙද්දි මෙහෙම දැක්කා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒකමද? ඇයි මේ අදාළ ආයතන දෙන පිළිතුරු මෙතන පළ වෙන්නේ නැත්තේ?

:       0       0

කුකුල් චමින්ද Saturday, 07 June 2025 11:50 PM

සල්ලි දීලත් කිරි ගවයෝ ගෙනාවේ නැත්තේ, රටේ ඇති තරම් බත්කන ගවයෝ ඉන්නවනේ, රටකාපු හැතිකරේට කඩේ යන...

:       0       10

සෙනෙවිරත්න Sunday, 08 June 2025 06:12 AM

කවුරුත් කියලා නැහැනේ මේවාට දඬුවම් නොදෙනවා කියලා... මේ සමහරු කලබල වුණාට, හැරිසන් විජයමුනි කිරිහරක්ගෙන් ගහනකොට සමහරු කටපියාගෙන තනතුර පවා දුන්නා. අනුර තමයි ඒවා කතාකලේ, ඉදිරියේදී ඒවාට වියයුත්ත වෙයි...

:       1       9

Kamal Koyrala Sunday, 08 June 2025 02:14 PM

සියලු ගවයන්ට සහ වැස්සියන්ටත් වෙනම දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       6

Bunny Preena Monday, 09 June 2025 11:17 AM

මෙම කාරනාව සම්බන්ධව උතුරු පලාතේ දේශපාලකයෙකුගේ නමක් එක වකවානුවක නිතරම කරලියට ආවා. එයා වත්ද …?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 594 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site