යාපනය කූරිකඩ්ඩුවාන් හා ඓතිහාසික නාගදීපය අතර රථ වාහන රැගෙන යාම සදහා නව පාලම් පාරු සේවයක් මාර්ග සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි.
උතුරේ මෙතෙක් නාගදීපයට රථවාහන ගෙන යාමට නොහැකි විය.උතුරු වසන්තය යටතේ රුපියල් හය කෝටියක් පමණ වියදමින් නව පාලම්පාරු සේවාව ආරම්භකළ බවත් නාගදීපය සඳහා පැමිණෙන වන්දනාකරුවන් නොමිළේ රථවාහන රැගෙන යාමට හැකියාව ලබාදී තිබෙන බවත් උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
දිනපතා ගමන්වාර හතරක් යාපනය කූරිකඞ්ඩුවාන් සිට නාගදීපය අතර යාත්‍රා කරන බවත් එක් වාරයකදී රථවාහන දහයක් පමණ රැගෙන යෑමට හැකියාව ඇති බවත් නව පාලම්පාරුවේ රියදුරු ටි.බාස්කරන් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මෙවැනි සේවයක් තිබුනා. යුද්ධය නිසා නවතින්න ඇති. (නදී)
හොඳ වැඩක්. (ස)
කාලෝචිත ක්‍රියාවක් ,අගය කළ යුතුයි(දිල්)
නියම ප්‍රයෝජනවත් පැසසිය යුතු වැඩක්,බලධාරීන්ට සහ නිලධාරීන්ට මෙවන් ප්‍රයෝජනවත් අදහස් තව තවත් පහළවේවා,!....සැමට තුති,!...(අ)