නිකිණි පොහෝය දිනය යෙදී තිබූ අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණි. පාසල් නිවාඩුවත් මේ දිනවලට යෙදී ඇති නිසා විනෝද ගමන් හා වන්දනා ගමන් යන්නන්ගේ ප්‍රමාණය වැඩි වී ඇත. යාපනය නාගදීපය වැද පුදා ගැනීමට අද පෙරෙවරු විශාල පිරිසක් පැමිණමින් සිිටියහ. යාපනය ජැටියේ සිට නාගදිපයට යෑම බලාපොරොත්තුවෙන් සිටින බැතිමතුන්ගේ දිගු පොලිම් දක්නට ලැබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හිතුනේ සුමිත් ට හිතුන දේමයි. ඔය පෝලිමේ ඉන්න කී දෙනෙක් මහින්ද මහත්තයව මතක් කරන්න ඇද්ද ? (නදී)
මට හරි පුදුමයි මේ මිනිස්සු රුවන්වැලි සෑය හැදු පෙදරේරුවන් මතක් නොකර දුටුගැමුණු රජතුමා පමණක් මතක් කරන එක පිළිබඳව. (නදී)
ඇස් ඉස් මස් ලේ දන්දී රට රැක්ක ගම්වල නගරයේ පිඩිත සුවහසක් දු දරුවන් මෙන්ම ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු අභීත නිලධාරීන්ටත්, යුද්ධය අවසන් කිරීමට අණදුන් රාජපක්ෂ හිටපු ජනාධිපතිටත් යුද්ධයේදී ඊට නිසි නායක්ත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් , යුද්ධය අවසන් කිරීම සඳහා ජනතාවට මතවාදීව හා ප්‍රයෝගිකව පාරට බැස ජාතිකව හා ජාත්‍යන්තරව නායකත්වය දුන් ජවිපෙට හා හෙල උරුමය හා අනෙකුත් දේශප්‍රේමී සංවිධානවලටත් මේ ගෞරවය හිමිවිය යුතුයි. (නදී)
උතුරේ සිංහල ඡන්ද 25,000 ක්ට මන්ත්‍රී කෙනෙක් නැහැ. මහින්ද අවුරුදු 6ක් මොකද කලේ (නදී)
හිටපු නෝන කියාවිද දන්නෙ නැහැ ඒ ගෞරවය ලැබෙන්න ඕත එයාට කියල. ඇයි 3/2 ඉවර කරයි කිව්වෙ එයානෙ (නදී)
නාවික හමුදාවෙන් ලොකු සේවයක් වෙනවා පන්සලට . සියලු දෙනාටම පින් සිද්ද වෙනවා (නදී)
බෞද්ධ සිද්ධස්ථානයක් වදින්න ආගම් භක්තියෙන් යන සැදැහැවත්තුන්ට මිට වැඩිය කාරුණිකව සැප පහසු කම් සපයා දීම බෞද්ධ සාසන අමාත්‍යංශයේ වගකීමක්. (නදී)
උඩින් යුද්දේ, යටින් සුද්දේ දුන්න නායකයට මේ පොලින් දැක්කම අර බඩවැල් එලියට එන්න බෝම්බ පාර කාපු හමුදා නායකයා බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ ලග්ගපු හැටිත් මතක් වෙනවා ඇති නේද. (නදී)
මහින්ද රාජපක්ෂට පින් සිද්ද වෙන්න ඕනේ. අපිටත් 2013 ඕස්ට්‍රේලියාවේ සිට යන්න ලැබුනා. (නදී)
නාගදීපය දක්වා ඇති බෝට්ටු සේවය ඉතාම කණගාටුදායකය. එක බෝට්ටුවකට නැංවිය හැකි මගීන් ගණන ඉක්මවා මෙයට මගීන් පටවන අවස්ථා එමට ඇති අතර ඉන්පසු බෝට්ටුවේ වහලට මෝටෝසයිකල් වැනි දේවල් ද පටවනු ලැබේ. ඒවායේ බර පිළිබඳව සීමාවක් නැත. ආරක්ෂක කබා මගීන්ට පැළැඳීමෙන් කිසි ආරක්ෂාවක් නොමැති බව මගේ අදහසයි. එයට හේතුව යම් හේතුවක් නිසා බෝට්ටුවක් පෙරළුනහොත් බෝට්ටුවෙන් පිටතට පැමිණීමට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය. මගීන්ගේ හිසට ඉහලින් ඇති ලී වහළ නිසා හා කුඩා හිල් වැනි කවුළුත් දොරවල් විශාල සෙනගක් පිරී සිටීම නිසා හදිසි අවස්ථාවක දී පිටතට පැමිණීමට කිසිවෙකුට නොපුළුවන. සමහර අවස්ථාවලදී වහලයේ පටවා ඇති දේවල් වල බරට දීරාපත් වූ වහලයේ කොටස් මඟීන්ගේ හිසට කඩා වැටෙන ආකාරය මම දුටුවෙමි. බෝට්ටුවෙන් ගමන පිටත් වන විට හා අවසානයේදී ගොඩට පැමිණීමට ඇති ආකාරයද ඉතා අනාරක්ෂිතය. මුහුදේ රළ වලට බෝට්ටුව පැද්දෙන විට ජැටියේ ගැටීම වැළැක්වීමට යොදා ඇති ටයර් වලට කකුල් තබා මගීන්ට බෝට්ටුවට යෑමට හා ගොඩ ඒමට සිදුවේ. මෙය ඉතා භයානක ක්‍රියාවකි. යම් ආකාරයකට කකුල ලෙස්සා ගියහොත් මුහුදට වැටී ගිලෙන අතර, එම පුද්ගලයන් බේරා ගැනීම කිසිවෙකුට කළ නොහැකි වන්නේ බෝට්ටුව හා ජැටිය අතර පරතරය ඉතා පටුවීමය. ඊට අමතරව එවැනි අවස්ථාවකට පත් වන්නෙකු බොට්ටුවේ පැද්දීම නිසා ජැටිය හා බොට්ටුව අතර තැලී මිය යාමට සිදුවේ. තවත් මා දුටු දෙයක් වන්නේ වයසක හා දුබල මගීන් ගොඩට පැමිණීම සිදු කරන්නේ කකුල් හා අත් ( හතර ගාතයෙන් ) සියල්ල භාවිතයෙන්ය. මෙය ද ඉතා කණගාටු දායක දෙයකි. මෙම බොට්ටු ව්‍යාපාරයෙන් විශාල මුදලක් ඉපයුවත් මගීන්ට ලැබෙන්නේ භායනක හා දුර්වල සේවයකි.(නදී)
මහින්ද මහාතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිම කිරිමක් ද.(නදී)
දෙයක් උනාට පස්සේ තමයි අනුර කාගේත් ඇස් කන් ඇරෙන්නේ. මෙවැනි අවස්තාවලදී අනුගමනය කලයුතු ආරක්ෂා වැඩ පිළිවෙලවල් ගැන අවබෝධයක් විශේෂයෙන් බෝට්ටු පදවන්නන්ටත් ඒ වගේම එහි යන එන පිරිසටත් වටහා දෙන්න ඕනේ කාගේ හරි අනුදැනුම මත.(නදී)
උපුල් රන්ජිත් ...ඔබ වැනි පුද්ගලයන් ගැන කවර කතා ද ....මනුසත් බව ලැබ කලගුණ නොදත් සතකු නොවන්න (ම)
මොකද තවත් බෝට්ටු කීපයක් නොදමන්නේ? (නදී)
ලුම්බිණි, එ්ක පලාත් සභාවෙන් කෙරෙන්න ඕන දෙයක්. නාවික හමුදාවෙන් වත් දැම්මොත් ඒක තවත් ප්‍රශ්නයකට මුල පිරීමක්. මේ අහිංසක මිනිස්සු මෙහෙම යන්නේ ශ්‍රද්ධා භක්තියෙන්. මේවත් සමහරුන්ට නම් හිසරදයක්. එ් නිසා මෙම අහිංසකයන් ආරක්ෂා කර ගැනීමටත්, මීට වඩා පහසුකම් සලසාදීමට කට යුතු කිරීමත් බලධාරීන්ගේ වගකීමක්. ඔය සමහර බෝට්ටු වල ලොකු හිල් තියනවා කියලත් පුවත් පතක තිබුනා. අනතුරක් උනාට පසු කොමිෂන් පත් කරකර ඉන්නවට වඩා. ඊට පෙර පිළියම් යෙදීම යහ පාලන ඇත්තන්ගේ වගකීමක්. (නදී)
මහින්ද රාජපක්ෂ මහතාට පින් සිද්ද වෙන්න අද සියලු දෙනාම සතුටින් වන්දනාවේ යනවා (නදී)
මහින්ද රාජපක්ෂට පින් සිද්ද වෙන්න ඕනේ (නදී)
අාපහු කොටි එනවා කියලත් කිව්ව බවත් මතකයි. මහින්ද රාජපක්ෂ මහත්තයට සම්පුර්ණ ගෞරවය හිමි වුනේ එයාගේ ආණ්ඩුව තියෙන කාලේ , නමුත් ඉන්දියන් හමුදාව සාම හමුදාව ක්‍රමය අසාර්ථක වීමත් , සාම සාකච්ඡා අසාර්ථක වීමත්, යුද්දයකින් සාර්තක විය. නමුත් සන්හින්දියව ඇති නොකිරීම මැතිවරණ පරජයකටද බලපෑම් වුන බැවු නොකියා සිටිය නොහැක (නදී)
හමුදාවේ හිටපු සියලු දෙනාටම පින් සිද්ද වෙන්ට අද සියලු දෙනාම සතුටින් වන්දනාවේ යනවා. (නදී)