යාපනයේ ඓතිහාසික නාගදීපය නයිනතිව් වශයෙන් වෙනස් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කළ ද එවැනි බලයක් එම පළාත් සභාවට නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කියයි.
පසුගිය පස් වැනි දා උතුරු පළාත් සභාව නාගදීපය උතුරු නයිනතිව් හා දකුණු නයිනතිව් වශයෙන් නම් වෙනස් කිරීමේ යෝජනාවක් සම්මත කොට ඇති බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම් කියයි.
දෙමළ ජනයා නයිනතිව් ලෙස ද, සිංහල බෞද්ධයා එය නාගදීපය වශයෙන් ද හඳුන්වතියි ඔහු පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරණ නගරයේ හිතවතකුගේ වෙළඳසළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් පැවසුවේ සොලොස්මස්ථානය වඳින ගාථාව ද වෙනස් කිරීමට සිදු වන බවයි.
වීඩියෝ - ඩී.එන්.සෙන්දනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාටත් පොටක් පෑදී ගෙන එන හැඩයි (අ)
නාගදීපය නම වෙනස් කරන එක නම් වැරදි තමයි. හැබැයි දැනට අවුරුදු 30 - 35 කට පමණ පෙරත් නාවික සිතියම් වල ඇත්තේ නයනතිවු කියල තමයි. වැඩිදුර දැනගැනීමට කෙනෙකුට අවශ්‍ය නම් නාවික හමුදාවේ හිටපු සහ ඉන්න ඕන කෙනෙකු ගෙන් අහල දැනගන්න. (අ)
ඔවු ඉතින් පෙරුමාල්ල පොට පටලවාගෙන ඉන්නකොට මහින්ද මහත්තයවත් පොට පාදල ගන්ට එපාය. (බ)
මහියංගනං නාගදීපං කළ්‍යාණං පද ලාංඡනං - කැලණියෙත් නම වෙනස් කරමු. (බ)
රෝහණ, අවුරුදු 30-35 ක ඉතිහාසය ගැන විතරක් හිතුවොත් හරිද. ඉතිහාසය ගැන දන්නෙම නැද්ද (බ)
මට නම් හිතෙන විදියට අපි මේ ගෙවන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම පාලන යුගයක.මින් පෙර මා කවදාවත් අසා නැති ඉල්ලීම් දැන් ජාතික ආණ්ඩුවට මේ අය කරන්නේ. මේ විදියට අපේ උරුමයන් වෙනස් කරන්න දෙන්න පුලුවන්ද.දේශපාලකයන්ගේ අතේ පිරිත් නුල් බදින්න විතරක් බලාන ඉන්න අපේ සගරුවන මේවට කතා කරන්නේ නැත්තේ ඇයි. (බ)
නාගදීපය කියන්නේ මුළු මහත් යාපන අර්ධද්වීපයට මිස නයිනාතිවූ කියන දූපතට නොවෙයි. නයිනතිව් දූපතට ඔය නම ලැබුනේ නයිනා නම් මුස්ලිම් ජාතිකයෙක් මුල් කර ගෙනය. එහි ඵෙතිහාසක වශයෙන් එතරම් වටිනා කමක් නැත. බෞද්ධාගමික වසයෙන් වඩාත් වැදගත් පෞරාණික ස්ථාන පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. ඔය කියන නයිනාත්වූ දූපතේ තියන පන්සල වුනත් එතරම් පෞරාණික එකක් නොවෙයි. ඕන නම් එකට මහින්ද දූපත කියලා කීවත් ගාථාව වෙනස් කරන්ඩ සිද්ධ වෙන්නේ නැත! (බ)
මේ යනවිදියට තව ටික දවසකින් තව කට්ටියක් ඇවිල්ල කිව්වොත් අපි කැමති නැ මේ රටට ලංකාව කියනවට එකෙන් අපේ අය අපහසුතාවයට පත් වෙනවා අපිට ලංකානාඩුව කියල දාගන්න ඕන කියලා.එකටත් ඉඩ දෙන්න වෙයි පොලොන්නරුවත් වෙන නමක් කියලා වෙනස් කරගමු ඒ අය ඉල්ලන්න ඉස්සල්ලා (බ)
ඔබතුමා ගැන ආඩම්බරයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
තාම කරන්නේ ජාතිවාදය වපුරන එකම තමයි.පළාත් සබාවට එහෙම කරන්න බලයක් නැහැ කියලවත් මේ හිටපු ජනාධිපති තුමා දන්නෙම නැද්ද.ඔය කතා වලට රැවටෙන්නේ වහල්ලුම තමයි. (අ)
නම් ගම් වල ඉතිහාසය ගැන මගේ දැනීම අඩුයි. එ්ත් මේක කියන්නම ඕන. සිංහලෙන් කොළඹ. ඉංග්‍රීසියෙන් කලම්බු. සිංහලෙන් මහනුවර. ඉංග්‍රීසියෙන් කැන්ඩි. ඇයි එ්වා ගැන කතාකරන්නේ නැත්තේ? (ම)
නිවටයන් දුටුවහම එළුවොත් රෑවුල පානවලු. එන පොට හොද නෑ වගේ. (ම)
මෙහෙම ගියොත් උතුරු පළාත් සභාව ලංකාවම පාලනය කරන දවස වැඩි ඈතක නොවේ.(ම)
අපේ සමහර අයට ලංකාවේ බිහිසුණු යුද්දයක් තිබුණා.කුරිරු විදියට මිනීමරපු කොටි කියල ත්‍රස්ත කණ්ඩායමක් හිටියා කියල වත් මතකයක් නැති එකේ ඔන්න කොටින්ටත් එහම දෙයක් ලංකාවේ වුනේ නෑ කියල හිතෙන්නත් එක්ක ඔය ඉල්ලන නම වෙනස් කරලා දෙමු (බ)
තව කාලයක් යනකොට මොනවා වෙයිද කියලා දැන්නම් බයයි (නි)
මහින්ද මැතිතුමා මේ වෙලාවේ අපිට ශක්තියක් (නි)
එක එක් පුද්ගලයින්ට අවශ්‍ය විදිහට නම් වෙනස් කරන්න ඉඩදීම මම නම් අනුමත කරන්නේ නැහැ. නමුත් සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය රජය විසින් තහවුරු කළයුතුයි. (නි)
මුන්ට මෙච්චර කරලත් කරේ නගින්නමනේ එන්නේ (බ)
ඔබතුමා රටට ශක්තියක් (නි)
ඉහල අදහස් කියවීමෙන් මිනිසුන් කෙතරම් පටු ....කුහක පිරිසක්ද යන්න පැහැදිලිය .මහින්දට බැනීම නොව රට ආරක්ෂා කිරීමයි විය යුත්තේ (අ)
නාගදීපය කියන්නේ සාමකාමීව සියලු ජනයා ජීවත්වන තැනක්, ගිහින් ඇවිදලා බලන්න මුළු දුපතේම, මේකේ නාගදීප පන්සලට අමතරව හින්දු කෝවිලක් හා මුස්ලිම් පල්ලියකුත් තියෙනවා, එහෙ ඉන්න මිනිස්සු සහජීවනේයෙන් සාමකාමීව ඉන්න කොට අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි මේ ඇති කරන්න හදන්නේ, යුද්ධය හා ජාතිවාදය දෙකෙන්ම පෝෂණය වෙන රැකෙන පිරිස් උතුරේත් ඉන්නවා දකුණේත් ඉන්නවා මේ කතාවලින් අපිට තේරුම් යන්නේ , දෙමල සන්ධානයටත් දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට මේ වගේ ලනුවක් ගිල්ලවනවා ඒ මිනිස්සුන්ට ,ඔවුන් මහන්සි ගන්නේ නැහැ කදවුරුවල ඉන්න දෙමල මිනිස්සුන්ට උළු වහලක ගෙදරකට යවන්න මේ වගේ දෙමල දේශප්‍රේමීතත්වයක් මවා පනවා දේශපාලන පැවැත්ම වෙනුවෙන්, දකුණේත් ඕකම සිංහල දේශප්‍රේමය නමින් රග දැක්වෙනවා, පුදුම අවාසනාවක් අපි ලබල තියෙන්නේ (අ)
තමාගේ ජාතියට ආගමට ආදරය කිරීම ජාතිවාදයද (බ)
ජාතිය, ආගම කියන දේ මෝඩයින්ට විකුනන්න සටකපට පාලකයන් නිතරම උත්සහ කරනවා. මෝඩයන් හරි ආසයි ඔය ජාතිවාදී මස් කට්ට තලු මරමින් සුප්පන්න. (අ)
විරාජ්, එ් වුණාට උතුරේත් දකුණේත් ඒවාට ප්‍රතිචාර දෙවිදියක්. උතුරේදී එවැනි ජාතිවාදී ඉල්ලීම් කළාම ජනතාව ඉතා කැමැත්තෙන් ඡන්දෙ දෙනවා, ඔවුන් පත් කර ගන්න අය ඒ ඉල්ලීම් ආණ්ඩුවෙන් කොහොමහරි බයකරලා ලබාගන්නවා (බලන්න ටී.එන්.ඒ ඡන්ද දිනන හැටි). කවුරුවත් එකට ජාතිවාදය කියන්නේ නෑ. දකුණේදී සිංහල මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණයක් ගැන කතා කළත් ජාතිවාදිය කියල පට්ටම් ගහල බැනල කෙළගහනවා, අසදරණේ සත පහකට ගණන් නොගෙන කුණු කුඩේට දානවා. (අ)
මේ සිංහල රටේ සිංහල නම් දෙමළ බසට හැරවූ හැටි කරුණාකර සොයා බලන්න.. මේ ජාතිය ආගම ගැන කතාකරන අයට විරුද්දව කතා කරන උතුමන් සමහරවිට තමන්ගේ දරුවන්ගේ වාසගම වවශයෙන් වෙනත් අයගේ වාසගම් තබා ඇති, එසේත් නැතිනම් වාසගම නොතබාම ඇති. (අ)
මෙච්චරකල් තිබුන නම ගැන මොකද මේ හදිසියේම කලබල? (නි)
සුළු ජතියන්ට නිදහසේ ජිවත් වීමට නම වැදගත්ද. එතකොට නුවර කොළඹ ඉන්න කට්ටියත් නමවල් වෙනස් කරලද. ඔක්කොම නම් මාරුකරගෙන කලි කඩාගන්න හදන බව අපේ කට්ටියට පෙනෙන්නේ නැ. හැබැයි පෙනෙනකොට ප්‍රමාද වැඩි. සමහරුනම් එක වුණත් එත් කමක් නැ කියල කියයි. (අ)
මහින්ද මහත්තයට මේක ඇති කාලෙකට කියව කියව ඇවිදින්න. නයනතිවු, කච්චතිවු, පුන්කුඩුතිවු,මුලතිවු මේවා අද ඊයේ භාවිත කරපු නම් නොවෙයි. එදා ඉඳන්ම මේ නම් පාවිච්චි කළා. මොකද දැන් කලබල වෙන්නේ. යාපනේට අපි එහෙම කිව්වට ද්‍රවිඩ මිනිස්සු කියන්නේ යාල්පානම් කියල.නේද (බ)
මෙතුමා කියන්නේ ඇත්ත (නි)
අපි බලමු රජය මොකක්ද ගන්න පියවර කියලා (නි)
ඔබතුමා අවශ්‍ය පියවර ගන්න. අපි ඉන්නවා ඔබතුමා සමඟ (නි)
මෙතුමා මෙහෙම නිර්භයව කතාකරන එක ගැන සතුටුයි (නි)
දේශප්‍රේමින් වෙන්න කලින් වහල් කමින් හා මෝඩ කමින් මිදියල්ල මිනිසුනේ...(රේ)
ඒ ඇයි කියලා නම් තේරෙන්නේ නැහැ. (ර)
ඔබ තුමා අපට ශක්තියක්. (ර)
හිටපු ජනපතිතුමාට ජයවේවා! (නි)
අපේ සමහරුන්ට නම් රටට මොනවාවුණත් කමක් නැහැ. සියලුම දේ පෙනෙන්නේ කුහක දේශපාලන කණ්ණාඩි හරහා. රටට ජාතියට ආගමට ආදරේ කරන මිනිසුන්ව ඔවුන්ට පෙනෙන්නේ ජාතිවාදීන් ආගම්වාදීන් හැටියට. මෙවැනි අය නිසා මේ වනවිට ජාතියක් වශයෙන් අපි ගොඩක් අසරණවෙලා (නි)
හිටපු ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට බේරාගත් එක ඇත්ත. නමුත් ඒ පෙර පැවති පාලන යුගය තවදුරටත් තිබුනා නම්, මොන මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ. (නි)
මහවැලි නදියට මාවිල් ආරු කියලා කියන්නේ ඇයි? රාජපක්ෂ මහතාගේ කාලෙදිත් 'ශ්‍රී ලංකාව' ද්‍රවිඩ බසින් (මුදල් නෝට්ටුවල පවා) ඉලන්කෙයි කියලා ලිවුවේ ඇයි? (නි)
තවමත් අපේ නිමිස්සුන්ට තේරිලා නැහැ. අපේ රට දැනටමත් අප්‍රානිකයි.(රේ)
උතුර සිතන විධියට දකුණ සාධාරණය. දකුණ සිතන විධියට උතුරත් සාධාරණය. අද දෙපාර්ශවයේම අවස්ථාවාදී යැපෙන්නන්ගේ සටනක් මිස රටක් හෝ ජනතාවක් ගැන සිතන සටනක් දකින්නට නැත.(රේ)
මොනව වුණත් අපේම සිංහල මිනිස්සුන්ගේ අදහස් සමහරක් ගැන හිතද්දී තළකිරීමක් විතරයි. නාගදීපයේ නෙමෙයි රටේ නම වෙනස් කලත් පක්ෂ වලට බෙදිලා ඉඳියි,(ම)
ඉතිහාසයේ හෙළ බිම හැම පළාතකම තිබුනේ සිංහල නම්. සුළු ජාතික බෙදුම්වාදීන්ට මේවා වෙනස් කරන්න ඉඩ දීල අපේ රට පාවාදෙන දේශපාලකයින් උඩ බලාගෙන හිටිය. අනෙක් රටවල් තමන්ගේ අනන්‍යතාව රැකගැනීමට එම ප්‍රදේශ / නගර වල පරණ නම් නැවත ස්ථාපිත කරනවා වාගේ අපේ මව්බිමේ සියලු ප්‍රදේශ වල පරණ සිංහල නම් නැවත ස්ථාපිත කලයුතුයි.(රේ)
සිංහලෙන් නාගදීප කියලත් දෙමලෙන් නයිනතිවු කියලත් නම් කලාම මොකද්ද තියෙන ප්‍රශ්නය? (රේ)
නියමයි මහත්තයෝ. අපි ඔබ සමඟයි (නි)
මොනවා කළත් කමක් නැහැ. නැවත අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිවෙන ලෙස කටයුතු කරන්න එපා (නි)
අපිත් ඔබතුමා සමඟයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ලංකාදිපයට ස්තුතියි අදහස් වලට ඉඩක් වෙන්කිරිම ගැන. නමුත් මේ ලිපි වලට අදහස් දාන සමහරුන්ට රට යන ආගාධය නොපෙනෙන හැටි ගැන දුකයි. (නි)
කැප්පෙටිපොල මහත්මයාණෙනි, ඔබේ අදහස හරියටම හරි. එයට ස්තුතියි. (නි)
ජයා, මෝඩකමට කියවන්න එපා. නාවුක සිතියම් වෙනස් කරන්න බැහැ. එම සිතියම් තමයි මුළු ලෝකෙම නාවිකයන් පාවිච්චි කරන්නේ. (නි)
කලක් ජනාධිපති බලතල අප්‍රමාණව විඳපු මෙතුමා දැන් යැපෙන්නේ මෙවැනි කට කැඩිච්ච මිනිසුන්ගෙන් ගිලිහෙන වචන දකුණට ගෙන ගොස් විකිණීමෙන්ද? අහිංසක ජනතාව ඇවිස්සීමෙන් නම් ඔබට නැවත බලයට එන්න නොහැකි බව දැන් වත් තේරුම් ගන්න. (බ)
වඩා වැදගත් වන්නේ ජාතීන් අතර සහජීවනයයි (නි)