නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැවත වතාවක් පළාත් සභාවට ඉදිරිපත්වීම සදහා නමයෝජනා ලබා දුනහොත් ඒය විශාල දෙශපාලන වරදක් බව ජේෂ්ඨ අමාත්‍ය පි දයාරත්න මහතා එසැණට පැවසීය.
තමා වසර 35 ක් දෙශපාලනයේ යෙදුනත් තමාගේ නමට හානිවෙන කිසිදු ක්‍රියාවක් එම වසර 35හේදී සිදු නොවූ බවත් අද ප්‍රාදේශිය දේශපාලකයින් සමාජ ඈසුරක් නෑති නුගතුන්ගෙන් හා මෑරයින්ගෙන් පිරි තිබිම නිසා බලයට පැමිණ ඔවුන්ට දින 35ක් වත් තම නම රැකගෙන සිටිය නොහැකි බවත් ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මද්වීපයේත් වෙන දේවල්? නාමයෝජනා දුන්නොත් ඡන්දය නොදාම විරෝධය පාන්න ඕනෑ අපේ (දී)
සුදුසු කමක් නැතිව හොදට සල්ලි හොයන්න පුළුවන් එකම රස්සාව මේක තමයි. මේකට වග කියන්න ඕනේ අපේ ඡන්දය දෙන අය.(නදී)
මට නම් හිතෙන්නේ නුගතුන්ට හා මැරයන්ට ඡන්දෙ දෙන අයත් ඒවට අනුබලදීමක් තමයි කරන්නේ. (නි)
කවුද මේගොල්ලන්ගේ නාමයෝජනා අනුමත කරලා නොමිනේෂන් දුන්නේ?කවුද මේගොල්ලන්ට ඡන්දෙ දුන්නේ?නැවත වරක් නොමිනේෂන් දෙනවා කියන්නේ ඔහු කරපු දේ අනුමත කිරීමක් වෙනවා නේද? ජනතාව මේවගේ අයට නිසි පිළිතුරු ලබාදිය යුතුයි ඡන්දෙ දවසට. සමහරු සේනාව අල්ලාගෙන දගලනවා බොරුවට (දී)
ඔලුව හොද නැති අය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියොත් මේ වගේ අය තවත් ඉදිරියට පාර්ලිමේන්තුවට එන එක වලක්වන්ට බැහැ.(නදී)
ඔය අදහස් දාන අයම නේද මනාපය දෙන්නත් යන්නේ? කියන්න බලන්න බොරු නම් (නි)
ඉස්සර කොරියාව කියන්නේ පැල්පත් වලින් පිරුන කන්න බොන්න නැති අසරණ මිනිසුන් සිටින, ස්ත්‍රී දුෂකයන්, කඹ හොරුන්, මංකොල්ල කරුවන්ගෙන් පිරුන රටක්. සුපිරි පැලැන්තියක් රටේ සුර සැප විදිමින් සමස්ත සමාජයම වහලුන් මෙන් සලකපු රටක්. ඒකනේ අපේ රටේ වුනත් පැල්පත් තියෙන කටුක ජීවිත ගත කරන ප්‍රදේශ වලට අපි කියන්නේ හරියට කොරියාව වගේ කියලා. අපේ රට අදුරු යුගයකින් නිදහස් කර ගැනීමට නායකත්වය දුන්නේ හිටපු හමුදා නායකයෙක්. එවැනි නායකයෙක් තමයි අද අපි දකින කොරියාව දියුණු කලේ. ලංකාවෙත් ඒක කරන්න තිබුනා. අද අපි අත් විදින්නේ එදා කරපු වැරදියි.(නදී)
අද මිනිසුන්ට හොදම දේශපාලකයා කියලා පෙනෙන්නේ අතේ පිරිත් නුල් සීයක් විතර බැද ගත්තු,නිතර දෙවේලේ පන්සල් වලට යන ජාතියේ අයටනේ (නි)
යූ.එන්.පී එකේ ඉදලා අනිත් පැත්තට පැනපු එකෙන් එතකොට හානි වුනේ ජනතාවගේ නමට වෙන්න ඇති. කසිකබල් දේශපාලකයෝ ඡන්ද දායකයෝ රවට්ටලා පැනලා ඇමතිකම් අරගෙන තව ලොකු කතා කියන්නත් එනවා.(නදී)
අපේ ජනාධිපතිතුමා බොහොම මහන්සිවෙලා ජිවිත පරිත්‍යාගයෙන් තමයි මේ පක්ෂය මේතැනට ගෙනාවේ. අපි දිවි හිමියෙන් ආරක්ෂා කරගත් පක්ෂය සමහරු මේ වගේ වනසන විට ඇති වන්නේ පුදුම කේන්තියක්. ජනාධිපතිතුමනි, මෙවන් අයට සමාවක් දෙන්න එපා. සංවර බුද්ධිමත් පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඔබතුමාට ජනතාව කවදත් කැමතියි. ඡන්ද දිනන්න ඔබතුමාට මැරයෝ අවශ්‍ය නැහැ (දී)
පාලනයට එන බොහෝ දෙනෙකුට ජනතා පාලනය කෙසේ වෙතත් තමන්වත් පාලනය කරගන්න බැරි බවක් පේනවා.පලමුව මේ අය තෝරන අයත් එයට සුදුසු ද කියලා බලන්න ඕනෑ.උගතුන් විතරක් ගන්නත් බැහැ.දාමරිකයන් අපේ ගෙදරකටවත් වැද්ද ගන්නෙ නැහැ.අවාසනාවකට මේ වගේ අය නිදහසින් පසු පාර්ලිමේන්තුව පත් කරගෙන ඇති වාර අනන්තයි.පාලකයන් මීට වඩා බුද්ධිමත් වුවහොත් මේ ගැන මම හිතෙනවා වර්තමානයේ උද්ගත වෙච්ච දේවල් අවම කරගත හැකියි කියලා.දේශය පාලු කරන අය තමයි වැඩිපුර පාලත් සබාවලට පත්කර තියෙන්නෙ.මෙය හැම දේශපාලන පක්ශයකටම පොදුවේ අදාල කරුනක්. (දී)
යුද්දේ ඉවර කරපු ජනාධිපතිතුමාව දිනවන්න පිට රට ඉදන් ලංකාවේ අයව දැනුවත් කලා. , ඊ ලඟට ඡන්දෙ දෙන්නේ දෙනව නම් ,එල්ලුම් ගහ කරලියට ගෙනෙන්න පුළුවන් කෙනෙක්ට පමනයි (අ)
අපි බබාල නෙමෙයි මහත්තයෝ. ප්‍රාදේශීය දේශපාලන බලවතාගේ තේරීම් තමයි පහල දේශපාලනයට එන්නේ. තමන්ගේ දේශපාලන පැවැත්ම හා නඩත්තුව වෙනුවෙන් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් යමක් කමක් කරන්න පුලුවන්නම් කව්රු උනත් කමක් නැහැ. කව්ද කියලා බලන්නේ නැහැ ලිස්ට් එකට දානවා. ඉහළිනුත් හොයන්නේ බලන්නේ නැහැ අනුමත කරලා හත් පොලේ ගාගෙන දැන් බයිල කියනවා. මිනිස්සු ඡන්දෙ දෙන කොට සුදු කළු බලන්නේ නැහැ. බලන්නේ බල්ලෝ මරල හරි නම ප්‍රසිද්ද වෙලාද කියල විතරයි. මේක නවත්තන්න ඕන නොමිනේසන් දෙන තැනින්. කව්රු ලිස්ට් එක දුන්නත් අනුමත කරන්න කලින් හොයල බැලුවේ නැත්නම් කාගේ කාගේත් මැරුණු දෙමවිපියන්ට තමයි නිවනක් නැති වෙන්නේ.(නදී)
ලූලා නැති වලට කනයා මඩකනයා කියන්නේ ඕකටනේ. (දී)
මැරයන්ට දේශපාලනය තහනම් කලාට නුගත් මුත් හොඳ වැදගත් මහත්තුරුන්ටත් මේ ලෝකේ දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනේ. සමහර ඒවගේ රටවල් පාලනය කරපු රාජ්‍ය නායකයෝ ඉන්නවා ඔය උගත් කට්ටියට වඩා හොඳින් ඒදේ කල. අපේ රටෙත් හිටියනේ . මම උගත් කමට අභියෝග කරනවා නොවේ. මිනිස්කම හඳුනන දහදිය සුවඳ හඳුනන නුගත් හොඳ වැදගත් මිනිසුන් වෙනුවෙන් ප්‍රකාශයක් කළා පමණි. (අ)
වර්තමාන දේශපාලනය කියන්නේ දැන් ඕකට තමයි (දී)
ටිකිරි මහත්තයාගේ කතාව තේරුනේ නැහැ. කොරියාවන් වුනත් දෙකක් තියෙනවා. උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියලා. (නි)
අයියෝ ඕක කියන්න දෙයක්ද අපිට? වැඩිය ඕනෑ නැහැ , පේන්නේ නැද්ද පාර්ලිමේන්තුව? සමහර වෙලාවට ඒකත් නිකන් මොන්ටිසෝරියක් වගේ. අනේ ඉතින් මේ අයව පත්කර ගන්නේත් ජනතාවලුනේ. ඔක්කොටම කලින් ඒ පිරිසගේ මොළවල් හෝදලා ගන්න ඕනෑ (දී)
නැවත ඔහු හට නාම යෝජනා ලැබුනහොත් අපේ රටේ සැබෑ නිරුවත පැහැදිලි වේවි.මොකද මේ පිළිබඳව දතයුත්තෝ හොඳටම දන්නවා.ඔන්න මිනිස්සුන්ට පැහැදිලි අවස්ථාවක් නියම තත්වය තේරුම් ගන්න.ජනතාව බලාගෙන ඉන්නේ හොඳේ ? (දී)
බන්දුල පෙරේරා මහතාගේ අදහසට 100% එකග වෙමි.මෙහෙම අයට නාම යෝජනා දෙන්නෙ මහජනතාවද? ඔය රූපවාහිනියේ බෙරිහන් දෙන දේශපාලකයෝ අපිට කියන්නේ එයාලට ඡන්දෙ දෙන්න එපා කියලා. අනේ මන්දා එහෙම කියන්නේ රෙදි ඇඳගෙනද? ඔය වගේ අයට නාමයෝජනා නොදී ඉන්න බයද මන්දා? හොරු ඉන්නවලු, තක්කඩි ඉන්නවලු, දූෂකයෝ ඉන්නවලු, එයාලට ඡන්දෙ දෙන්න එපාලු. මෙහෙමත් රටක්. (දී)
යම රජුන්ටවත් බැරිද නූගතුන්වයි, මැරයන්වයි විනාශ කරලා දාන්න (නි)
මේ වගේ නුගතුන්ට, මැරයන්ට චන්දෙ දීල පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට යවන්න තරම් මොලේ කළදක් මිනිසුන්ගෙන් ලංකාව පිරිලා.... එක නම් ඇත්ත කතාව තිත්ත උනත්. (දී)
ඒ මහත්තයා තවම වැරදි කාරයෙක් වෙලා නැතිලුනේ, වැරදි කාරයෙක් නෙමේ නම් නාම යෝජනා දීල බලමු. මට නම් සුවර් වැඩිම මනාප පුත්තලමේ ආනන්ද සරත් කුමාර මහත්තයට කියලා. ලංකාවේ අපි නොදන්නා මිනිස්සුද ඉන්නේ. ඡන්දෙට දාලම බලමු හිටපු පක්ෂෙන්ම. ලොකු ලොක්කෝ සේරම එයාගේ ගුණ කියන හැටි බැලිය හැකියි. ගුණ ගරුක, ශ්‍රීමත් ජනරංජන , දේශ මාමක අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී නැවත වැඩිම මනාපයෙන් පත්කර ගනිමු.(නදී)
ඔප්පු කරන්න බැහැ සාක්ෂි නැහැ කියන දේශපාලනේ අයින් කරන්න සදහටම. (නදී)
සාමාන්‍ය මිනිහෙකුගෙන් පොඩි වැරැද්දක් උනත් ඇති ඒත් මේ අය රන බලුවැඩ.(නදී)
අධ්‍යාපන සුදුසුකම් සහ චරිත සහතිකයක් නැතුව වෙනත් රැකියාවක් හොයාගන්න බැරි වුනාම සමහර අසරණයෝ වෙන මොනවා කරන්නද? (නි)
ගුරා හිටගන කරන කොට, ගෝලයෝ දුව දුව කරන වලු. පසුගාමී දනවාදය අනිවාර්‍ය ලක්ෂනයක්.(නදී)
දැන් ඔය අය ගේ වැරදි කියවනවා, චන්දයක් ආවම, ගිහිල්ලා,ඒ අයටම පෝස්ටර් අලවනවා. (දී)
අපිට විරුද්ධව පොලිස් පොතේ පැමිණිල්ලක් ලියවුනොත් ආණ්ඩුවේ ජොබ් එකක් ගත්තා බොරු තමා.නීතිය මොනවා කිවත් ඉස්කෝලේ ළමයි දන්නවා ඇතිනේ ඇත්ත. (දී)
සමහර විට පුත්තලම් බුරුවො ඡන්දය දීල මෙයා පත්කර ගනීවි. නමුත් රටේ අනිත් පළාත්වල වාසය කරන බුද්ධිමත් ජනතාවගේ ඡන්ද ලක්ෂ ගානක් පක්ෂෙට නැති වේවි. අමතක කරන්න එපා ඒ දවස් වල යූ.එන්.පී එකට 5/6 බලයක් තිබුනා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ.(නදී)
රටේ තවත් තැන්වල ඉන්නෙත් ඒවගේ අයලු නේද ....? (අ)
තීරණය ගැනීම පළාතේ ජන්දදායකයා සතුය. කව්රුත් බලාගෙනයි ඉන්නේ (දී)
."පලමුව මේ අය තෝරන අයත් එයට සුදුසු ද කියලා බලන්න ඕනෑ". තරහ වෙන්න් එපා ආයුබෝවන් තෝරණ අයත් අරගොල්ල වගේම තමයි.(නදී)
මෙයාලව පත් කරන අයටයි ගහන්න ඕනෑ ඉස්සර වෙලාම (දී)
පලාත්සබාඑක්කෙනා කිවලු මට මතක නෑ කියලා ඊටපස්සේ නාමයෝජනා මණ්ඩලේ කිවලු මටත් මතක නෑ ඒ නිසා මේකා මහඇමති කමටත් සුදුසු කෙනෙක් කියලා හු ..හු ..හු (දී)
දේශපාලනයට ඒම අද හොඳ බිස්නස් එකක් වෙලා.ඒකයි දුලා පුතාලා රට යවලා හරි අපේ රටේ හොර උපාධි සහතිකයක් අරගෙන දීලා අම්මලා තාත්තලා ඉහළින් තියන්න බලන්නේ.මොකද මෙතරම් උපයන ආදායම් මාර්ගයක් ලොව කොතනකවත් නැති නිසා.මේක කාටවත් එල්ල කරලා කියන කතාවක් නම් නොවෙයි. ඒකයි යතාර්ථය.නැත්නම් හැමෝම දේශපාලනයට එන්න පොර කන්නේ දේශාබිමානයට නම් අපි කොතරම් භාග්‍යවන්ත රටක්ද? කොතරම් සතුටු විය යුතුද මේ අය ගැන? (දී)
මේ මන්ත්‍රීට හොදටම විස්වාසයක් ඇති ආධාර කරුවන් සහ මෙයාගේ චාන්ද දායකින් වන පුත්තලම් කට්ටියගෙන් චාන්ද අරගෙන බලයට පත් වෙන එක ගැන (දී)
අබුද්දස්ස කාලේ. ලබුත් තිත්තයි රාලේ.(නදී)
ඔබ තුමත් අතීතයේ දවසක පොඩි බට්ටෙක්. අද හොඳින් ඉන්න්නවා. එත් ඔබ තුමාගේ කතාව මසුරන්. ඒ උනාට කට්ටිය හැම තිස්සෙම කියන්නේ සැකයක් පමණයි ඔප්පු වුනේ නැත්නම් අපිට කරන්න දෙයක් නෑ කියලනේ. ඒ කියන්නේ මැරයොත් ඒ ගොල්ලන්ට ඕන වගේ. අනේ මන්දා ඉවසපන් හිත කිව්වලු.(නදී)
නූගතුන් සහ මැරයන් අයින් කලොත් කවුද ආණ්ඩුව ගෙනියන්නේ? ඒ නිසා ඒක විතරක් කරන්න එපා.(නදි)
ඔබ තුමාට දැන් තේරෙනවද වෙනස? ඔබ තුමා නැවත මහගෙදරට පැමිණියොත් හොදයි. ඒත් දැන් එහාට මෙහාට යන්ඩ වයස තමා ප්‍රස්නේ.(නදී)
මම දැක්කා ඒ පැත්තේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු වල එයාගේ රූපේ ගහලා තියෙනවා (දී)
ලුම්බිණි සහ වාස් ඔබ ලාගේ කියමන් හරියටම හරි. (දී)
මෙයාට දුන්න කියන්නේ විපක්‍ෂය දිනෙව්වා කියන එක. ජනාධිපතිතුමනි රට රැකගන්න.(නදී)
අනේ මේ මැරයන්ට නුගතුනට ඡන්දෙ දෙන අයට කියන්නේ මොකක්ද ඇමති තුමෝ?(නදී)
ආපහු මේ රටේ ජනතාවට ඡන්ද හිසරදය හදන්න පළාත් සභා මැතිවරණ උණ පැතිරීගෙන යනවා වගෙයි. දේශපාලන ව්‍යාපාරිකයෝ තාප්ප වල හිනාවෙනවා.දුක හිතෙන්නේ මේගොල්ලෝ පරිසරය වනසා එක ගැන. ලංකාවේ සංවේදී පරිසර කලාප පිළිබද ජනතාව දැනුවත් කරන නාම පුවරු වලත් පෝස්ටර් අලවනවා. (නි)
මැරයින්ට සහ හොරුන්ට නාම යෝජනා නොදුන්නොත් කොහොමද පළාත් සභා දිනන්නේ. තක්කඩියන්ට මැරකම් කරන්න පුලුවන්. හොරු ළඟ සල්ලි තියෙනවා. අපේ මෝඩ ජනයා රව්ට්ටන්ද ඔවුන්ට පුළුවන්. ඒ ඇරෙන්ඩ නඩු කාරයෝ දාලා ඡන්ද දිනන්ඩ පුලුවන්ද? ඒක නිසා අපි නඩු කාරයෝ හෝ වෙනත් උගතුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
ගුරුතුමිය දන ගස්සපු කෙනාටත් නාමයෝජනා දීපු රටනේ මේ (දී)
ලියූ දේ කියවිමි. බොහෝ දෙනා ලියා ඇතියෙන්. ලිවුවත් වැඩක් නැති හෙයිනි. වෙනත් යමක් නොලියමි. (දී)
මෙතුමා දැන් බබා වගේ මෙහෙම කිව්වට මෙයා කලින් ඒ. ජා.ප. හොඳ බල කණුවක්. එදා ජේ.අර. තමයි ඉස්සෙල්ලම චන්ඩියෙක් දේශපාලනයට ගෙනාවේ. මතකද පොල්ගහවෙල සුනිල් ජයකොඩිට අපේක්ෂකත්වය දීපු විදිහ.එදා පොල්ගහවෙලදී චන්දිකම නිසා බුලත් හුරුල්ලක් දීල ජේ.ආර්. ව පිළිගත්තා නිසා මර බලයෙන් හරි පක්ෂේ දිනවන්න පුළුවන් බව තේරුම්ගත්තා ජේ. ආර්. සුනිල්ට අපේක්ෂකත්වය දීල ගෙනාවා. ඒ පිටිපස්සෙන් ආපු කට්ටිය තමයි දෙපැත්තේම අද වැඩිපුරම ඉන්නේ. මෙතුමාට මේ ටික මතක් කරලා දෙන්න උන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. (දී)
වරුණ, කෝ නෑදෑයෝ ගැන අදහස්? (දී)