ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත්තේ යැයි සිය නැගණියට දෑත් බැද අතින් පයින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු හා ඔහුගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන් ඒකනායක නැමති මන්ත්‍රීවරයෙකි.
මන්ත්‍රීවරයාගේ 34 හැවිරිදි නැගණිය කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන්නිය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හා ඔහුගේ සහෝදරයා සිය නැගණිය තමන්ට පහර දුන්නේ යැයි පවසමින් කන්තලේ රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.
කන්තලේ පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා අලහකෝන් , වැරදි උපදෙස් දෙන්න එපා. අද උදේ බියගම බණ්ඩාරවත්ත හන්දිය අසලදී ඔය වගේ තරුණ යුවලක් යතුරු පැදියකින් එනවිට සිදුවූ රිය අනතුරකින් තරුණිය එම ස්ථානයේදීම මියගියා. තරුණයා යතුරු පැදිය රැගෙන පලා ගියා. පසුව බියගම පොලිසිය යතුරු පැදිය අත් අඩංගුවට ගත්තා. සැකකරු සොයනවා. (නි)
අවරුදු 34 වෙලත් දීග නොගිය නංගිට උදවු කළයුතු වෙලාව. මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
මෙයාලා නංගිට මෙහෙමනම් අපිට කොහොම තියෙයිද? (ත)
ආනන්ද හරියට හරි (ත)
නියමයි නාම යෝජනාවලට මතක තියා ගන්න.(නදී)
ලතවිල්ලට මංගල පෝරුවක් කොහේ.. සැනසිල්ලට දුරු රටකට යමුද නැගේ ... (අ)
නංගිට 34 වෙලත් විවාහයක් කරලා දීලා නැත්තේ දෑවැද්දක් දෙන්න වෙන නිසාද? දේශපාලකයෝ නෙවෙයි ඇත්තට මේ, දේශ පාලුවෝ. (නි)
34 වෙනකන් නංගිව ගෙදර තියාගෙන. ලැජ්ජයි අයියලා ගැන.බැරිමතැන නන්දා, ජිනදසට කැමති වුනා වගේ මේ නංගිත් කෙනෙක් හොයාගන්න ඇති .(පෙම්කල වරදට මටවද දෙන්නේ පෙම්කල සිතකින් නොවන නිසා , අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුනු දිනේ ) බාල බොලදියේ ඉස්සර සුරතල් වූ ... කවට සිනාකෙලි සගවා තැබුවාදෝ , නෙතු කදුලු වලින් බොරු නොකර ඉදින් මගේ පුංචි නගේ රවටා දෙගුරුන් .... (නි)
"පෙම් කල වරදට මට වැඩ දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා!" (අ)
ප්‍රාදේශීය සබාවේ හිටියට මෙයාලත් මනුස්සයෝ. ගෙවල් වල අඩ දබර හැළ හැප්පිලි දේපල ආරවුල් වෙන්නේ නැද්ද?අදහස් දාන්නේ හරියට මේ මිනිස්සු අමුතු සත්තු ටිකක් කියලා හිතලා වගේ.නංගී මොන අඩව්වක් ඇල්ලුවද කව්ද දන්නේ? අදහස් දාන අයගේ නංගිලා පහත් වැඩක් කලොත් ඔයාලා නිකන් ඉන්නවද? (නි)
අවුරුදු 34 ක් ගිහිල්ලත් තාම ආදරේ කරනවද? වෙලාවට විවාහ වුනා නම් ඔය ප්‍රශ්න නැහැනේ. අයියලගේ වගකීම ගහන එක නෙමෙයි. සුදුසු කෙනෙක් හොයලා දැන්වත් බන්දවන එක.මට නම් පෙනෙන්නේ වෙන ප්‍රශ්නයක් වගෙයි. පහන්ට මම එකගයි (නි)
අවුරුදු 34ක් වෙලා ගෙදරට නාකි වෙන්න බැරි නිසාත් ගෙදර අය මගුලක් කරලා දෙන්නේ නැති නිසා නංගි විසින් හොයා ගන්න ඇති තව ගෙදර හිටියොත් ඔච්චරයි කියල අයියල ඒකටත් බාල්දිය දාල හරියනවද? රෑට හීනෙන් කියනවා ඇති කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ කියලා. අයියල දන්නේ නැනේ ඕවා.(නදී)
මේ මොකක්ද? (නදී)
පිස්සු කතා කරනවද මන්දා. නංගී බැදලා ගියොත් තාත්තගේ අන්තිම කැමති පත්තරයක් නැති බූදලෙන් කොටසක් එයාටත් දෙන්න එපායැ. ඒකයි ගෙදරට නාකි වෙන්න ඇරියේ.(නදී)
නංගි ඔයාගේ පෙම්වතා සමග පැනලා යන්න (නි)
මේ සහෝදරයෝ දෙන්නට ඡන්දෙ දුන්න මිනිස්සු ඉක්මනට රෝහලට ගිහින් බැලුවොත් හොඳ නැද්ද? නංගිගෙන් ගුටිකාලා අසාධ්‍ය තත්වයේ ඉන්නවා නම් ලේ දෙන්න කවුරුහරි ගෙනිච්චත් කමක් නැහැ ඒ ගමන්. (නි)
නංගිගේ පෙම්වතා ලගදීම අතුරුදහන්විය හැකි බැවින් ඔහු වහාම ප්‍රදේශයෙන් පලායාම නුවණට හුරුය. (නි)
පුවත් පතේ වෙනම කොටසක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා වෙනුවෙන් වෙන්කලොත් නරකද? හැමදාම අඩුම ගානේ එක්කෙනෙක්වත් ආදර්ශමත් පුවතක් ලබා දෙනවා. (නි)
මේ නංගි එසේ මෙසේ ගැහිල්ලක් නොවේ අයියලා දෙන්නට ගහලා තියෙන්නේ. පුදුමේ කියන්නේ අයියලා දෙන්නට අත් තිබිලා නැහැ, බේරගන්න කියලා කෑ ගහන්න කටක් තිබිලත් නැහැ. පවු දෙයියනේ දේශපාලන අයියා. (නි)
මට පව් කියලත් හිතෙනවා
බන්දුල, ඔයත් ප්‍රාදේශීය සභාවක කෙනෙක්ද? එහෙම නැතිනම් ඔයාට කලු කුමාරයා වැහිලද? ලංකාවේ හැමෝටම විවිදා කාරයේ ප්‍රශ්න තියනවා. එත් මේ ප්‍රාදේශීය දේශපාලුවෝ හැමෝටම විනයක් නැතිව හෙළුවෙන් පාරේ දුවන එකනේ වැඩේ. දැන් කොහොමටත් නංගිගේ දීගේ හොදින් හෝ නරකින් සිදු වෙනවමයි.(නදී)
34 වෙනකම් මොනවා කලාද මන්දා. 25 ට කලින් විවාහය අනිවාර්ය කරන්න. එතකොට තමයි අපිටත් සුළු ජාතිකයොත් එක්ක තරග කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේක තවත් පකිස්ථානයක් වේවි.(නදී)
ලංකාව යන්නේ දැන් කණපිට (දී)
පව් නේද ඒ දේශපාලන අයියල දෙන්නා. සැහෙන්න රිදෙන්න ඇති. අයියලාට ගහල නංගි එයාම අත්දෙක බැදගෙන එයාටම ගහගන්න ඇති. (නදී)
මෙයා තරුණ කලේ ආදරය කරලා නැතුව ඇති ඒකයි ආදරයට බය.(නදී)
මේ ප්‍රාදේශීය සභාපති ඔල මොට්ටලයින් කාට හරි ගහලා ඉස්පිරිතාලේ නවතින එක විලාසිතාවක් වෙලා. ඡන්දේ දුන් අයටයි ගහන්න ඕනේ.(නදී)
ලංකාවේ දැන් තිබෙන අති භයානකම වචන දෙක. ප්‍රාදේශීය සභා පළාත් සභා.(නදී)
සුළුවෙන් බෙර ගත්තේ නැත්නම් වැඩ වැරදි
එයාලට සේරම දේවල් කරන්න පුළුවන්. මිනි මරන්න, කාන්තාවන් දුෂණය කරන්න, බාල අපරාද කරන්න. හැබැයි මෙයාලගෙන් වෙන්නේ නැත්තේ මහජන සේවය විතරයි. (නදී)
මට ඌ ගහනවා ඌ මට ගහනවා. (නදී)
එක කුස උපන් නංගිට මෙහෙම ගැහුවා නම් පිට එකෙක් ගැන හිතාගන්න පුළුවන් නේද ? මේ මුළු පළාත් සභා ක්‍රමයම අතුගාලා දාන්න ඕනේ.(නදී)