පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතුණු සංගමයේ සංවිධානයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත් විණි
පැරිස් කලාප අංක 08 හි ඇවනිව් ප‍්‍රීන්ලන්ඞ් පාරේ අංක 23 දරන සෙන්ට් සැක්රේමොන්ට් කතෝලික දේවස්ථාන ශාලාවේ අලංකාර නිදහස් වේදිකාවක් නිර්මාණය කොට තිබිණි.
පැරීසියේ ජීවත් වන සංස්කෘතික නිර්මාණ ශිල්පි විමලනාත මහතා වේදිකාව හැඩ වැඩ කළේය.
ලාකොළ පැහැ ගොක් කොළ අතරින් සුදු ගොක් කොළයෙන් විසිතුරුවු මල් වලින් සැරසූ පුන් කලස් අපේ පැරණි ශිල්ප කලාවේ මතකයන් සිහි ගැන්වූ සංස්කෘතික නිර්මාණ, ශ්‍රී ලාංකික හා ප‍්‍රංශ ධජ එම වේදිකාවට ආලෝකය ගෙන දුන්නේය .
‘නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී ‘ කවි පදයන් පසුතලයට එක්කොට ශ්‍රී ලංකා මාතා යනුවෙන් ගෞරවණීය ආමන්ත‍්‍රණය වේදිකාවේ ගාම්භීරත්වයට එක්වී සුන්දර නිදහස් සැමරුමකට පරිසරය සරසා තිබුණේය. පැරීසියේ ඉපැදී හැදුණු වැඩුණු දරුවන්ගේ මනරම් නර්තන, නාට්‍යය, ගැයුම්, වැයුම්, රචනා සමග කවි තරග හා ඒ සදහා සහතික පත් බෙදාදීම, හරවත් දේශන ඇතුළු සියළු දෙයින් පරිපූර්ණ 66 වන නිදහස් සැඳෑවක් පැරීසිය වර්ණවත් කළේය.
පැරීසියේ ජාතික උපාධ්‍ය රෝයි කැලැරන්ස් පියතුමා මේ උළෙල සංවිධානය කළේය. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුලසුන හෙබවුහ.
ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා, තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිලිබඳ ප‍්‍රථම ලේකම් කිසා ගෝතමි සරච්චන්ද්‍ර මහත්මිය ද ඇතුළු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලාංකිකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
අපි සියල්ලෝ ශ්‍රී ලාංකිකයෝ,. අද පැවැත් වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ නිදහස් සැමරුමක් විනා කතෝලික, බෞද්ධ, මුස්ලිම්, හින්දු ආදි ලෙස එක් එක් අය සදහා වෙන්වූ නිදහසක් නොවන බව භාෂා තුනෙන්ම කැලැරැන්ස් පියතුමා ප්‍රකාශ කළේය. අප සියල්ලන්ම එකමුතුව සමගිව ලක් මෑණියන් රැක ගැනීමට එක්වීම අද යුගයේ අවශ්‍යතාවයයි.
විදේශ ඇමති ජී ඇල් පීරිස්ගේ නිදහස් පණිවුඩය තානාපති තුමා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.
මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා චරිතයන්හි තිබු වටිනා ගුණාංගයන් වූ අවිහිංසාව හා සමාවදීම යන ක‍්‍රියාපද උදාහරන සමග පෙන්වා දෙමින් ඒවා ආදර්ශයට ගෙන ජාතීන් අප වෙන් නොවී එකම ජාතියක් ලෙස එක්වී ශක්තිමත්වීම බාහිර සතුරාගෙන් ආරක්ෂා වීමට ඇති හොදම මාර්ගය බවත් ඒ සදහා ක‍්‍රියාකාරි වීමට හොදම අවස්ථාව දැන් අප ඉදිරියේ ඇති බවත් තානාපති මහාචාර්ය හඟවත්ත මහතා පැවසීය.
ඒ අනුව ත‍්‍රස්තවාදියකු වුවද සමාජයෙන් කොන් නොකර සමාව දී සමාජ ගත කොට සත්‍ය අවබෝධ කර ගැනීමට සැලැස්වීම බුදු දහමේ ඉගැන්වීම බවත් ශ්‍රී ලංකාව ඒ අනුව කටයුතු කරන බවද, එය අලූත් අත් හදා බැලීමක් බවද කීවේය. එසේ නොවුනු ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව වැනි රටවල් ත‍්‍රස්තවාදි පීඩාවන් ගෙන් අදටත් බැට කන බව තානාපති කීවේය.
ඉහතින් සදහන් පරිදි සිංහල , දෙමල , මුස්ලිම් , බර්ගර් ලෙස සියලූම ජාතීන් එකමුතු කළ ශක්තිමත් සංවිධානයක් ගොඩ නැගීමට තමා පැරීසියේදි උත්සහ කළ බවත් එනමුදු සමහරක් ක‍්‍රියාකාරී කොටස් වල කඩාකප්පල් හැසිරීම හේතු කොට එම එකමුතුව අඩපණ වූ බවත් ඒ ගැන තමා කණගාටු වන නමුත් තමා ගත් උත්සහාය ඒ පරිද්දෙන්ම සිදුවන බවද මහාචාර්ය හඟවත්ත සදහන් කළේය.
පැමිණි සියල්ලෝ නිදහස් අභිමාන ගී ගයමින්, වයමින් සතුටුවූහ. අතර තානාපති හා බිරිද රසාදරී ෆොන්සේකා ද ගී ගයමින් ඔවුන් හා එක් වුහ. ජාතික ගීය ගැයීමෙන් අනතුරුව‘ නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී ‘පසුතල තේමාවෙන් ආරම්භ කළ 66 වන නිදහස් සැමරුම් උත්සවය පැරීසියේදි නිම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර ටික ඇග හිරිකඩු පිපෙනවා.අපේ කම ලොවට විදහා දැක්වීම ගැන ගොඩක් ආඩමිබරයි.(දී)
තානාපති තුමාට තියෙන්නේ කඩාකප්පල් කාරීන් අමතක කරලා ඉන්න හොඳ අය සමග ගමන යන්නටයි . නමුත් එය කරන්න ඔබතුමාට ආත්ම සක්තිය තියෙනවාද ? කියන එක මට ප්‍රශ්නයක් ?.මීට පෙරත් ඔය වගේ එකමුතු සංවිදාන පැරිසියේ හදපු හැටි අපි දැකලා තියෙනවා . ඒවා විනාස කලෙත් ඔබතුමා කියන ඔය කට්ටියම තමයි .(දී)
ජයවේවා! ලස්සන වැඩක්.(නදී)
ජාතියේ නිර්වින්දන පැයේදී නැති නිදහසක් වෙනුවෙන් නටා ගයා දක්වන සක්‍රීය දායකත්වයට අපගේ උපහාර.(දී)
හරිම සතුට දනවන වැඩක්. නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී ජයවේවා.(නදී)
මමයි අපේ අයියයි තීරණය කළා මෙම උත්සවය වර්ජනය කරන්න. මේක අපේ නිදහස් දිනය නෙමේ. අපි සමරන්නේ නොවැම්බර් 27 විරු දිනය. ඒක තමයි අපේ සැබෑ නිදහස් දිනය. (නදී)
සුනිල් ආනන්ද මහතාණනි ඔබතුමාගේ රැකියාව මාධ්‍යවෙදියෙක්ද මම අයි දන්නවද එහෙම ඇහුවේ ඔබතුමා කරුණු කාරනා සහිත චයාරුප සහිත ඇත්ත ඇතිසැටියෙන් අපක්ෂපාතිව ඉදිරිපත් කරන වාර්තා ඉතා විශිෂ්ටයි. ඔබතුමා ලංකාදීප පුවත් පතට ආලෝකයක්. පැරිසියට දොළොස් මහේ පහනක්. (දී)
එකම පක්ෂය ඇතුලේ ඉන්න අයත් පුද්ගලික වාසිවලට ගහගන්නකොට ඒ අය රට විනාෂමුකයෙන් බේරගන්න මොනතරම් එකමුතුද කියල පැහැදිලිය් නේද?(අ)
මේ නිදහස් උත්සවය ලංකාවේද? ප්‍රංශයේද? මට අදහගන්නවත් බැහැ මෙච්චර සෙනගක්. පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතුණු සංගමයේ සංවිධානය ඉතා දක්ෂයි .(අ)
පැරීසියේ ජාතික උපාධ්‍ය රෝයි කැලැරන්ස් පියතුමාට පැරිසියේ සිටින සියලු ශ්‍රී ලාංකිකයෝ ගරු කරනවා. උන්වහන්සේගේ නිතාමනි කමට. එකයි මේ තරම් පිරිසක් ඉන්නේ. මේවා හැමෝටම හොඳ ආදර්ශ. (අ)
රෝයි පියතුමා සමස්ත ශ්‍රී ලංකාකිය ජාතියටම ආදර්ශයක් මේක අපේ වගකියයුතන්ට නොතේරීම රටේ අවාසනාව. මේ මහත්මිය ගියවතාවෙත්, පැමිණ ගී ගයා අපට සහය දුන්නා.මෙවතාවෙත් අගේ මිහිරි හඬින් උත්සවයට අපමණ ආලෝකයක් ලැබුණා. ලිපිය පලකලාටත් පැමිනි සැමටත් දෙව් අසිරි. (දී)