සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ස`දහා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය වෙත අද (10) අලූයම සිට විශාල ජනකායක් ඇදී ආහ.
නාග විහාරය දෙපස මාර්ගයේ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඔවුන් පෙළගස්වමින් හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති විහාරස්ථ ධර්ම ශාලාව වෙත යොමු කිරීම සඳහා ආරක්ෂක අංශය දැඩි වෙහෙසක් දැරිය.
දුර බැහැර සිට සෝභිත හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට පිරිස් පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සිසිල් පැන් , බිස්කට්, යෝගට් ආදී දන්සල් ද සංවිධානය කර තිබිණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ඩික්සන් වසන්ත










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතර අගතියෙන් තොරව ජාති , ආගම් , පක්ෂ භේදයෙන් තොරව සිංහල, දෙමල , මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සැමගේ විශ්වාසය ගොඩනගමින් කරුණා මෛත්‍රී ගුණයෙන් ඔබ වහන්සේ ශ්‍රී ලංකික ජන සමාජයට ලබා දුන් නිවැරදි නායකත්වය පූජනීයයි. පරාර්ථ චර්යාවේ ආදර්ශයක් වූ ඔබවහන්සේ බෝධි සත්වයන් වහන්සේ නමකි. ඔබ වහන්සේට උතුම් බුදුබව පතමි. (අ)
මෙම හාමුදුරුවන් ඉතා හොඳ කෙනෙක්. (ර)
සතර අගතියෙන් තොරව ජාති , ආගම් , පක්ෂ භේදයෙන් තොරව සිංහල, දෙමල , මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සැමගේ විශ්වාසය ගොඩනගමින් කරුණා මෛත්‍රී ගුණයෙන් ඔබ වහන්සේ ශ්‍රී ලංකික ජන සමාජයට ලබා දුන් නිවැරදි නායකත්වය පූජනීයයි. පරාර්ථ චර්යාවේ ආදර්ශයක් වූ ඔබවහන්සේ බෝධි සත්වයන් වහන්සේ නමකි. ඔබ වහන්සේට උතුම් බුදුබව පතමි. (බ)
ඔබ වහන්සේට නිවන් සුව පතමි!!! (නි)
හිමියනි, ඉක්මනින් අප අතරට යළි පැමිණෙන්න (නි)
ඔබවහන්සේ කළ සේවය අපමණයි. ආගම් භේදයකින් තොරව කළ සේවය මුළු රටම පිළිගත් නිසයි මේ මුස්ලිම් සහෝදරවරු මෙහෙම ඉන්නේ. මම ඔබවහන්සේට නිවන් සුව නොපතමි. ඔබවහන්ස්සේ පැතූ විලසින්ම පැතූ සියල්ල ලැබේවා! (නි)
මේ වගේ ක්‍රියාවෙන් වැඩකළ ස්වාමින් වහන්සේ කෙනෙක් අහිමිවීම පිරිමැසිය නොහැකි පාඩුවක්. (නි)
ඔබ වහන්සේට නිවන් සුවයම අත්වේවා! එතෙක් ලංකාවේම නැවත නැවතත් ඉපදේවා! සාදු,සාදු , සාදු!!! (නි)
ඔබවහන්සේ නැතිවීම අපිට ලොකු පාඩුවක් (නි)
සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් ප්‍රජාතන්ත්රවාදී පාලනයක් වෙනුවෙන් නොනිම් සිහින යථාර්ථයක් කරගැනීමට දශක ගණනාවක් අභීතව අවිහිංසාවාදී අරගලයක නිරත වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු දැයට අහිමි වී තිබේ. කිසිදු පක්ෂයකට, ජාතියකට ආගමකට සීමා නොවූ ඒ යතීන්ද්‍රරයාණන් වහන්සේ "මාදුළුවාවේ සෝභිත" යන නාමය ලක් ඉතිහාසයේ උත්තරීතර මං ලකුණක්ව ශේෂ කොට ඒ හිමියෝ නික්ම ගියහ. ඔබ වහන්සේට නිවන් සුව (අ)
උන් වහන්සේට නිවන් සැප අත්වේවා.! (ර)
මේ මහා යතිවරයාණන්ගේ මෑත දේශපාලන තීන්දු තීරණ ගැන අපිට නොයෙක් අදහස් තිබෙන්න පුළුවන්. එහෙත් අපි මේ දකින්නේ මහා ප්‍රතාපවත් සඟ පීතෘ පරපුරේ තවත් අභිමානවත් පුරුකක්. දේශපාලක පක්ෂයන්ට හෝ නායකයන්ට කඩේ නොයමින්,මිනිසුන් වෙනුවෙන්ම තම දිවිය කැපකළ, මහා පෞරුෂයක් ඇති මෙවන් සඟ නායකයන් වහන්සේ නමක් තවදුරටත් ලක් පොළොව තුළ අපිට දකින්නට ලැබේවිදැයි සැකයි. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
උන්වහන්සේගේ අතිශයෙන්ම සුමදුරුවූද,විචිත්‍රවුද ධර්ම දේශනාවන් ඇසීමට,දකින්නට අපිට පින් මඳ විය.හිමියනි,ඔබ වහන්සේට නිවන් සුව..! (අ)
අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියනි සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවුණු ඔබ වහන්සේට අජරාමර නිවස් සුව අත්පත් කර ගනිත්වා (අ)
ඔබවහන්සේට අජරාමර නිවන් සුව පතමි! (නි)
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු දැයට අහිමි වී තිබේ. කිසිදු පක්ෂයකට, ජාතියකට ආගමකට සීමා නොවූ ඒ යතීන්ද්‍රරයාණන් වහන්සේ "මාදුළුවාවේ සෝභිත" යන නාමය ලක් ඉතිහාසයේ උත්තරීතර මං ලකුණක්ව ශේෂ කොට ඒ හිමියෝ නික්ම ගියහ. ඔබ වහන්සේට නිවන් සුව..! (ම)
ජාති ජාතිත් ඔබවහන්සේ අප අතරම ඉපදේවා! (නි)
ඔබ වහන්සේ පැතූ සාධාරණ දුෂිත බැවින් තොර සමාජය ගොඩ නැගේවා. ඔබ වහන්සේට නිවන් සුව පතමි.(ම)
ඔබ කල සේවය නිමක් නැත. සසර වසන තෙක් ශ්‍රිලාන්කික ජනයා සුකිත මුධිත කර සාධාරණ සමාජයක් ගොඩ නගන්න මේ ලක් දෙරණේ යලි උපදීවා. (ර)
ඔබ වහන්සේට නිවන් සුව පතමි.! (ර)
උන්වහන්සේ ප්‍රර්ථනා කළ සාධාරණ සහ ශීලාචාර පාර්ලිමේන්තුවක්, ශීලාචාර සමාජයක් සඳහා වූ මෙහෙවර ඉදිරියට ගෙනයාම පුරවැසි අප සැමගේම යුතුකමයි. උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!! (නි)
ඔබ වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.! (ර)
වරද වරදක් ලෙස දුටු අපේ යතිවරයාණෝ. (ර)
ඔබ වහන්සේට උතුම් බුදුබව පතමි. (නි)
ඔබ වහන්සේට නිවන් සුව පතමි.! (ර)
නිවන් සුව ලැබේවා හිමියනි! (නි)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේ දේවත්වයට පත් වී මේ රට නිවැරදි මාර්ගයට මෙහෙයවීමට පහළවේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
අපේ කාලයේ යතිවරයාණන්ට නිවන් සුව පතමි! (නි)
සමාජය යහමඟට ගන්න කළ සේවය වගේම අසාධාරණයට කෙළින්ම බයනැතුව කවදත් කතාකළේ ඔබවහන්සේ පමණි. ඔබවහන්සේගේ අඩුව නිමකරන්න බැරි පාඩුවකි. ඔබවහන්සේට නිවන් සුව පතමි! (නි)
හරි දේ හරි බවත් වැරදි දේ වැරදි බවත් අභීතව ප්‍රකාශ කළ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)