කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය දිනයේ නාග විහාරයට යෑම වළක්වාලමින් උන්වහන්සේගේ හිටපු ප්‍රධාන ගෝල හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන්ට අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබිණි.
ඒ අනුව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධම්ම මහතා සංඝ සභාවේ මහා නායක හිමි සහ උඩතලකන්දේ ආරියරතන හිමියන්ට ද, නාග විහාරයේ දායක සභාවේ සභාපති හා ලේකම්ට එසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල්, ඔයා මොනවද දන්නේ එතන ඉතිහාසය ගැන? සුජාත හාමුදුරුවෝ අවුරුදු 25 කට වඩා ගෝලයෙක් වෙලා සෝභිත හාමුදුරුවන් ළඟ හිටියා. සුජාත හිමියන් හොඳ උගත් ධර්ම දේශනා කරන හිමිනමක්. උන්වහන්සේට නාග විහාරයට එන්න අයිතියක් නැද්ද? (නි)
පුජ්‍ය සිරිසුජාත හිමියන් නාග විහාරයෙන් පැන්නීමට හේතුව දන්නෝ දනිති. අපිත් නාග විහාරයේ දායකයෝ. (නි)
මට නම් ලැජ්ජයි! මොනවද මේ හාමුදුරුවරුන්ට වෙලා තියන්නේ? (නි)
මේකද අපි පැතූ සාධාරණ සමාජය? (නි)
පන්සල් වල මෙහෙම ප්‍රශ්න ඇතිකර ගන්න හොඳ නැහැ (නි)
රට දැය සමය වෙනුවෙන් අමිල සේවයක් කල සොබිත සමිදුන්ගේ කීර්තිමත් නමට නිගාදෙන පරිදි කෙරෙන මෙම වැඩ හොඳද.? (ර)
කෙලෙස් කල විපතක්. (ර)
මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)
රටක් වටිනා සෝභිත හිමියන්ගේ නමත් මේ දේවල් වලින් කැතවෙනවා නේද? (නි)
සුජාත හාමුදුරුවෝ පන්සලෙන් ගියේ මොකද කියලා අපි දන්නේ නැහැනේ... (නි)
නාග විහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ශිෂ්‍ය හිමිනමක් ඇතිකර ගත්තොත් එය අපවත් වී වදාළ සෝභිත ස්වාමීන් වහන්සේගේ නාමයටත් අගෞරවයක්. එමනිසා ඒ ගැනත් කල්පනා කර බැලුවොත් හොඳයි නේද? (නි)
දේපල වස්තුව ගැන තියෙන ආසාව අත් හැර නේද මහන වෙන්නේ.(රේ)
මේ පන්සලේ ලොකු හාමුදුරු කමට, සුදුසු , අපවත්වී වදාළ, සෝභිත හාමුදුරුවන් වගේම බන කියන, උගත් හාමුදුරු කෙනෙක් බවට අප අසා තිබෙන, සුජාත ස්වාමීන් වහන්සේ බවයි අපගේ විස්වාසය.(රේ)
මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියල සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පස්සේ.දැන් ඉතින් නාග විහාරේ අධිපතිකමට හැමෝම පොරකනවා (ම)
බුදු හාමුදුරුවෝ දේශනා කරපු විධියටද මේ සිද්ධ වෙන්නේ? (ස)
මම එකගයි සමන්තගේ අදහසට . මේ මහනායකල සමාජයට දෙන ආදර්ශය මොකක්ද? තමන්ගේ ගුරුවරයාට අවසන් ගෞරව කරන්න එන්නේ දෙන්නේ නෙැතුව උසාවි නියෝග ගන්න තරම් සඟ සමාජය පිරිහිලද? සුජාත හිමියනි බාධක ජයගෙන වඩිනු මැන නාග විහාරයට (බ)
අන්තිම කැමති පත්‍රයේ තිබුන දෙයක් වෙන්න බැරිද (බ)
මම දන්න තරමින් සුජාත හිමියන් දක්ෂ චතුර හිමි නමක්. (බ)
මේ පන්සලේ ලොකු හාමුදුරු කමට, සුදුසු , අපවත්වී වදාළ, සෝභිත හාමුදුරුවන් වගේම බන කියන, උගත් හාමුදුරු කෙනෙක් බවට අප අසා තිබෙන, සුජාත ස්වාමීන් වහන්සේ බවයි අපගේ විස්වාසය.සුජාත හිමියනි බාධක ජයගෙන වඩිනු මැන නාග විහාරයට (රේ)
තණෟහාය ජායති සෝකෝ කිව්වලු (ම)
සොභිත හාමුදුරු වො ඉන්න කන් පැත්ත පලාතේ ආපු නැති කෙනෙක් හාමුදුරුෙ වො අපවත්වුනාම පැනගෙන ඒන්නේ මොකටද ඔය එන්නේ පින්කැටේට තියෙන ආසාවට. සෝභිත හාමුදුරුවන්ගෙ දුක සැප බලාගෙන හිටපු ඒ හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවන්ට ඉතුරු ටිකත් බලාගන්න දීලා තමන් කලින් හිටපු තැනට වෙලා හිටියානම් තමන්ටත් හොදයි සෝභිත හාමුදුරුවන්ටත් අපහාසයක් වෙන්නේ නැහැ (රේ)
ගරු සුජාත හිමියන් ශිෂ්‍යභාවෙන් ,අපවත්වූ නායක සමිදුන් විසින් ඉවත් බව දැනගන්නට ඇත(රේ)
මේවා ඇයි සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බැරි? (නි)
මොනවද මේ වෙන්නේ. (ර)