IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාග විහාරයේ දෙපැත්තම උසාවි ගෙන්වයි

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්  දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය දිනයේ නාග විහාරයට යෑම වළක්වාලමින් උන්වහන්සේගේ හිටපු ප්‍රධාන ගෝල හිමිනම වන වතුරුවිල සිරි සුජාත හිමියන්ට අධිකරණය වාරණ නියෝගයක් පනවා තිබිණි.

ඒ අනුව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධම්ම මහතා සංඝ සභාවේ මහා නායක හිමි සහ    උඩතලකන්දේ ආරියරතන  හිමියන්ට ද, නාග විහාරයේ දායක සභාවේ සභාපති හා ලේකම්ට එසේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.



අදහස් (0)

නාග විහාරයේ දෙපැත්තම උසාවි ගෙන්වයි

ප්‍රසාද් කුමාර Monday, 16 November 2015 09:57 PM

සුනිල්, ඔයා මොනවද දන්නේ එතන ඉතිහාසය ගැන? සුජාත හාමුදුරුවෝ අවුරුදු 25 කට වඩා ගෝලයෙක් වෙලා සෝභිත හාමුදුරුවන් ළඟ හිටියා. සුජාත හිමියන් හොඳ උගත් ධර්ම දේශනා කරන හිමිනමක්. උන්වහන්සේට නාග විහාරයට එන්න අයිතියක් නැද්ද? (නි)

:       0       0

සුමාල් පෙරේරා Monday, 16 November 2015 11:08 PM

පුජ්‍ය සිරිසුජාත හිමියන් නාග විහාරයෙන් පැන්නීමට හේතුව දන්නෝ දනිති. අපිත් නාග විහාරයේ දායකයෝ. (නි)

:       0       0

නිලංග Monday, 16 November 2015 11:10 PM

මට නම් ලැජ්ජයි! මොනවද මේ හාමුදුරුවරුන්ට වෙලා තියන්නේ? (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 17 November 2015 06:02 AM

මේකද අපි පැතූ සාධාරණ සමාජය? (නි)

:       0       0

කුලරත්න Tuesday, 17 November 2015 06:02 AM

පන්සල් වල මෙහෙම ප්‍රශ්න ඇතිකර ගන්න හොඳ නැහැ (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 16 November 2015 01:00 PM

රට දැය සමය වෙනුවෙන් අමිල සේවයක් කල සොබිත සමිදුන්ගේ කීර්තිමත් නමට නිගාදෙන පරිදි කෙරෙන මෙම වැඩ හොඳද.? (ර)

:       0       0

දුමින්ද Monday, 16 November 2015 01:06 PM

කෙලෙස් කල විපතක්. (ර)

:       0       0

නන්දසේන Tuesday, 17 November 2015 07:28 AM

මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

වරුණ Tuesday, 17 November 2015 02:46 AM

රටක් වටිනා සෝභිත හිමියන්ගේ නමත් මේ දේවල් වලින් කැතවෙනවා නේද? (නි)

:       0       0

චන්දන Tuesday, 17 November 2015 07:51 AM

සුජාත හාමුදුරුවෝ පන්සලෙන් ගියේ මොකද කියලා අපි දන්නේ නැහැනේ... (නි)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 08:16 AM

නාග විහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ශිෂ්‍ය හිමිනමක් ඇතිකර ගත්තොත් එය අපවත් වී වදාළ සෝභිත ස්වාමීන් වහන්සේගේ නාමයටත් අගෞරවයක්. එමනිසා ඒ ගැනත් කල්පනා කර බැලුවොත් හොඳයි නේද? (නි)

:       0       0

චන්න බුවනක Monday, 16 November 2015 02:19 PM

දේපල වස්තුව ගැන තියෙන ආසාව අත් හැර නේද මහන වෙන්නේ.(රේ)

:       0       0

සමන්ත. Monday, 16 November 2015 02:26 PM

මේ පන්සලේ ලොකු හාමුදුරු කමට, සුදුසු , අපවත්වී වදාළ, සෝභිත හාමුදුරුවන් වගේම බන කියන, උගත් හාමුදුරු කෙනෙක් බවට අප අසා තිබෙන, සුජාත ස්වාමීන් වහන්සේ බවයි අපගේ විස්වාසය.(රේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 04:46 AM

මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියල සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පස්සේ.දැන් ඉතින් නාග විහාරේ අධිපතිකමට හැමෝම පොරකනවා (ම)

:       0       0

මාලක Tuesday, 17 November 2015 08:51 AM

බුදු හාමුදුරුවෝ දේශනා කරපු විධියටද මේ සිද්ධ වෙන්නේ? (ස)

:       0       0

ප්‍රසාද් කුමාර Monday, 16 November 2015 04:24 PM

මම එකගයි සමන්තගේ අදහසට . මේ මහනායකල සමාජයට දෙන ආදර්ශය මොකක්ද? තමන්ගේ ගුරුවරයාට අවසන් ගෞරව කරන්න එන්නේ දෙන්නේ නෙැතුව උසාවි නියෝග ගන්න තරම් සඟ සමාජය පිරිහිලද? සුජාත හිමියනි බාධක ජයගෙන වඩිනු මැන නාග විහාරයට (බ)

:       0       0

සම්පත් Tuesday, 17 November 2015 04:08 AM

අන්තිම කැමති පත්‍රයේ තිබුන දෙයක් වෙන්න බැරිද (බ)

:       0       0

දිමුත් Tuesday, 17 November 2015 04:51 AM

මම දන්න තරමින් සුජාත හිමියන් දක්ෂ චතුර හිමි නමක්. (බ)

:       0       0

රැවන් Monday, 16 November 2015 05:22 PM

මේ පන්සලේ ලොකු හාමුදුරු කමට, සුදුසු , අපවත්වී වදාළ, සෝභිත හාමුදුරුවන් වගේම බන කියන, උගත් හාමුදුරු කෙනෙක් බවට අප අසා තිබෙන, සුජාත ස්වාමීන් වහන්සේ බවයි අපගේ විස්වාසය.සුජාත හිමියනි බාධක ජයගෙන වඩිනු මැන නාග විහාරයට (රේ)

:       0       0

ඉන්දික Tuesday, 17 November 2015 05:07 AM

තණෟහාය ජායති සෝකෝ කිව්වලු (ම)

:       0       0

සුනිල් Monday, 16 November 2015 06:05 PM

සොභිත හාමුදුරු වො ඉන්න කන් පැත්ත පලාතේ ආපු නැති කෙනෙක් හාමුදුරු‍ෙ‍ වො අපවත්වුනාම පැනගෙන ඒන්නේ මොකටද ඔය එන්නේ පින්කැටේට තියෙන ආසාවට. සෝභිත හාමුදුරුවන්ගෙ දුක සැප බලාගෙන හිටපු ඒ හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවන්ට ඉතුරු ටිකත් බලාගන්න දීලා තමන් කලින් හිටපු තැනට වෙලා හිටියානම් තමන්ටත් හොදයි සෝභිත හාමුදුරුවන්ටත් අපහාසයක් වෙන්නේ නැහැ (රේ)

:       0       0

පාලිත Monday, 16 November 2015 06:10 PM

ගරු සුජාත හිමියන් ශිෂ්‍යභාවෙන් ,අපවත්වූ නායක සමිදුන් විසින් ඉවත් බව දැනගන්නට ඇත(රේ)

:       0       0

විජේපාල Tuesday, 17 November 2015 05:30 AM

මේවා ඇයි සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බැරි? (නි)

:       0       0

පුදූ Monday, 16 November 2015 12:10 PM

මොනවද මේ වෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site