අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට අවසන් ගෞරව දැක්වීමට කෝටටේ නාග විහාරයට අදත් විශාල පිරිසක් ආහ.
කිතුණු, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයෝ ද නාහිමි දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
ඇමැති රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, සිසිර ජයකොඩි, හිටපු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු දේශපාලකයෝ ද, ත්‍රිවිධ හමුදාපතිවරු ද, කලාකරුවෝ ද සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයෝ පිරිසක් අදත් එහි එන මහ ජනයාට වතුර බෝතල් පිහි නැමූහ.
(ඡායාරූප ඉෂාන් සංජීව)
(ඡායාරූප තරිඳු ජයවර්ධන)



































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ කට්ටියට තනි තනිව එන්න අපහසුද ...? (ම)
ගම්මන්පිල කෝ .....? (ම)
තනියෙන් එන්න බයයි (ම)
මුස්ලිම් සහෝදරයන් දෙන සහය අනගිබවනීයි. එමගින් පෙනීයන්නේ සෝභිත නාහිමියන් හැම මනුස්සයගේ හිතකම ජීවත් වෙනවා කියන එකයි. උන්වහන්සේ සැබවින්ම ජනහිතකාමී මහා සඟරුවනකි. (ස)
යහපාලනය පංච මහා බලවේගයේ සඟ සලකුණ. ඔබ වහන්සේ සැබවින්ම ලංකාවටම සාමය උදා කල මහා සඟරුවනකි. අමා මහා නිවන්සුව වේවා. (ස)
අර වස බෝතල් අරගෙන හැමෝටම පොවන්න හදපු අය ඇදුම් ඇඳගෙනද ඇවිත් තියෙන්නේ? දැන් ඒව තමන්ම බිවිවා නම් හොඳයි. (ස)
මුස්ලිම් සහෝදර වරුන්ගේ මේ ක්‍රියාව අගයකොට සලකමි. (ර)
මුස්ලිම් සහෝදරවරුනි, ඔබගේ සේවය අප රටවාසීන්ට අනගි ආදර්ශයකි. ස්තුතියි ඔබ සැමට. (ර)
සෝභිත නායක හාමුදුරුවන්ගේ අන්තිම කැමැත්තට වටිනා කමක් නොලබාම අහෝසි වෙලා ගිය එක ගැන නම් දැනෙන්නේ විශාල කනගාටුවක්. (අ)