‘මහින්ද රාජපක්ෂ මහත්මයට අවුරුදු දෙකක් තියෙද්දි ඇයි අවුරුදු දෙකකට කළින් ඡන්දෙකට ගියේ කියන එකට තවම රාජපක්ෂ මහතාගෙන් පිළිතුරක් නෑ. සමහරුනම් කියන්නේ ජ්‍යෙතිර්ශාෂ්ත්‍රඥයන් කළ ඉල්ලීම් අනුවයි ගියේ කියා. ඒ ඉල්ලීම් අනුව යන්නත් හේතුවක් තියෙන්න එපායැ. එතුමා හිටියා නම් අද මානව හිමිකම් සැසියට යන්නේ ඔහු. ජ්‍යොතිර්වේදීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනා ඔවුන් කළ දේට. ජනවාරි අට වැනි දා මේ රටේ නව යුගයක් උදා කළා. අපි අළුත් රටක් විදියට ජාත්‍යන්තරය ඉදිරියේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. අහිංසාවාදී පාලක ක්‍රමයකින් හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් ලෝකය දිනා ගැනීමට අපි කටයුතු කරනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ඇමෙරිකාවේ සිට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
2009 මැයි මාසයේ දී කොටි ත්‍රස්තවාදීන් නැති කර දැමූ බව හිටපු ජනපති කීවද රටින් පිට ඔවුන්ගේ සෙවනැළි ඇති බව ද ජනපති පැවසීය.
යුද අපරාධ කුමන කාලයක සිදුවූ බව කීවත් ඒ ගැන වග කිව යුත්තේ වර්තමාන රජය බවත්, දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ යුද අපරාධ වීයැයි සෙවීමේ යෝජනාවට රටවල් රැසක් සහාය දැක්වූ බවත් සිරිසේන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදය, ඔබගේ සුහදත්වයට මාගේ ප්‍රණාමය! (නි)
මහින්ද සිටියා නම් රට යන්නේ කොයිබටද? (නි)
මෙතන "පිවිතුරු" නම ගත් කෙනා තරම් අපවිත්‍ර කෙනෙක් මේ ලෝකෙවත් නැහැ. කලින් බන්දුල හැටියටත් දැන් පිවිතුරු යහපාල ලෙසත් නමක් දීලා මෙතනට ඇවිල්ලා කරන්නේ මිනිසුන්ගේ මොළ විකාර කරන එක. රටේ බහුතරය මහින්දලා කරපු වැරදි වලින් 5% විතර දැනගෙනයි ඔහුව බලෙන් නෙරපා හැරියේ. (නි)
අනේ අම්මපා මහින්ද මහත්තයටත් වුණ වැඩක්! (නි)
ඔබට මේ රට සංවර්ධන කරන්න ශක්තිය ලැබේවා.! (ර)
ඕනෑම කෙනෙකුට නියමිත ආයු ප්‍රමාණයක් තියෙනවා වගේ සිදුවීම් වලටත් ආයු කාලයක් තිබෙනවා. නක්ෂත්‍රකරුවන්ට මේ ආයු කාල දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. රජකම් කළත් කළකම් පලදෙන අවස්ථා මුළු ලෝක ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. පැරදුන මහින්ද රාජපක්ෂ කියන්නෙත් මනුෂ්‍යයෙක්. ජයග්‍රාහී මෛත්‍රිපාල සිරිසේන කියන්නෙත් තව එක් මිනිසෙක්. දෛවය මේ දෙදෙනාටම පොදුයි. වැරදි කළදාට දඬුවමේ කිසිම වෙනසක් නැහැ. (නි)
මහින්ද මහතාට මොනවා හිතෙනවාද දන්නෙ නැහැ (නි)
පිවිතුරු යහපාල උන්නැහේ, මම නම් නක්ෂත්‍රය විශ්වාස කරන්නේ නැහැ (නි)
සමහරු කරුණු නොදැන මහින්දට කඩේ යනවා (නි)
දේශපාලනයේ පරිණත මහින්ද මහත්තයා ඔය නක්ෂත්‍රකරුවන් ඉස්මුදුනින් පිළිගත්තා නම් එතුමාට මේ ගමන මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ.අපි එය විශ්වාස කරන තරමටම තමයි එතුමාත් සිංහල බෞද්ධයෙක් විදියට එය විශ්වාස කරන්න ඇත්තේ. (නි)
මහින්දට කඩේ යන බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල කවුද? අපි කියන්නේ ඔබගේ අදහස් වලට කැමති ඔබ පමණයි. (නි)
හැබැයි මහින්ද ජනාධිපතිතුමා 2009 යුද්ධය හමාර නොකළා නම් අද ඔය බහුතරයකුත් නැහැ, සාමයකුත් නැහැ, යහපාලනයකුත් නැහැ, විදේශ මිත්‍රයනුත් නැහැ..... (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
සත්‍යයා, මම ඔබ සමඟ එකඟයි (නි)
රෝහණ, ඔයා කඩේ යන්නේ කාටද? දීපාල් නිරෝෂ් කියලා තියන දේ හරි. (නි)