අද නිකිණි පොහොය දිනයයි
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පෙහෙවස් සමාදන් වීමට සහ වන්දනාව සඳහා විහාල පිරිසක් එක්ව සිටියහ
පෙරවස් පසුවස් වශයෙන් ඒ දින දෙක හදුන්වන. භික්ෂුන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පොහෝ දා පෝය කොට නිකිණි අවපෑලවිය දා පසු වස් එළඹිය යුතුය. මේ අයුරින් භික්ෂුන් වහන්සේලා පසු වස් එළබෙන්නෙත් ප්‍රථම ධර්ම සංගායනාව අරම්භ වුයේත් අසිරිමත් දළදා පෙරහැර ආරම්භ වුයේත් මෙම පින්බර නිකිණි පුන් පොහෝ දින දීය..jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි ඉක්මනින් මටද අද වැනි පොහෝ දිනක පන්සලකට ගොස් සිත නිවා ගැනීමට වාසනාව උදා වේවා. (නි)
අද වැනි උතුම් පෝය දවසක ලංකාවේ ඉදගෙන මේවිදියට හිත සනසගන්න තරම් පිනක් අපිට නැති එක ගැන හරිම දුකයි..ලංකාවේ හැමෝටම බුදු සරණයි !!!! (අ)
ඇත්ත චන්දි, ඔයාට වගේම අපිටත් ඔය දුක දැනෙනවා.අපිත් හද දිහා බලාගෙන හිත ලංකාවට යවනවා. වෙන මොනවා කරන්නද? අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... (නි)
පහන් දල්වන්නේ අන්ධකාරය දුරලන්න නේද ? නමුත් මහදවල් පහන් දල්වන්නේ ඇයි කියන්න (නි)
මෙහි තුන්වන පින්තුරය නම් අනර්ඝයි. මේ මල්ලිට බුදු සරණයි! (නි)
ලංකාවේ වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාවන්.ඒ වුණාට ඇයි කාන්තාවන්ට නුවර පෙරහරට සහභාගී වෙන්න අවසර නැත්තෙ? (නි)
සුනිල් පුතේ, ගෙදර පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරන්න තමා. හැබැයි බුදු පහන් දල්වන්නේ බුදුන්ට කරන ආලෝක පූජාවත් විදිහට. දෙවැනි කාරනේ, චූටි පුතා ඇහුවා නේද පෙරහැරේ කාන්තාවන්ට යන්න තහනම් ඇයි කියලා. පුතා ළඟකදී පෙරහැර බලලා නැද්ද පුතේ. ඉස්සර අතීතයේ කාන්තාවන්ට ලාංකික සමාජයේ තිබ්බ තැන නිසා පෙරහැරේ යන්න දුන්නෙ නැහැ. කොටින්ම කාන්තාවන් ලෙස ඇඳ පැළඳගෙන නටන්නේත් පිරිමි උදවිය. දැන් තත්වේ වෙනස්. චූටි පුතා වෙලාවක පෙරහැර බලන්නකො, කාන්තා උදවිය නැද්ද කියලා. අනිත් කාරනේ ඔය පුතා පිරිමියෙක් වෙලා පන්සල් නොගියට කිසි අඩුවක් නැතුව පිරිමි සිල් ගන්නවා. පුතාට නං පෝය දාට බාර් සරණං ගච්චාමි වෙන්න ඇතිනේ. බුදුසරණයි පුතේ. (නි)
බුද්ධං සරණන් ගච්ඡාමි,ධම්මන් සරණන් ගච්ඡාමි,සංඝන් සරණන් ගච්ඡාමි! (නි)
අද වැනි උතුම් පෝයක් දවසේ පිටරක ඉදගෙන මෙවන් අසිරියක් දැකගැනීමට සළසා දුන් ලංකාදීප පුවත් පතට ගොඩක්ම ගොඩක් පින්! අපි ''''පෝදා හද දුටිමි පෝයක් නොමැති රටේ '''' සාදු!සාදු!!සාදු!!! (නි)
ආඩම්බරයි පුතේ! ගොඩක් ලස්සනයි (නි)
සියලු දෙනාට බුදුසරණයි
සාධු!!! සාධු!!! සාධු!!! (නි)
ගලබඩ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (අ)
සුනිල්,නුවර පෙරහැරට කාන්තාවෝ සහභාගී වෙන්නේ නැත්තේ උඩරට චාරිත්‍රයට අනුව කාන්තාවෝ ඉතාම සංවරව ඉන්න ඕනෑ.පෙරහැරවල් වල නටන්න යන්නේ නැහැ. ඒකයි. (නි)
ඉෂාර මහත්මයා, අර සුනිල් කියන ළමයා හට මම කියන්න හිටිය ටික ඔබ ඉතා හොඳින් කියා තිබෙනවා. ඒ ඇති. (ස)
හරිම සතුටුයි. නමුත් පිරිමි පක්ෂය අඩුයි වගේ. සිටින පුතත් අටසිල් සමාදන් වෙලා නැතුවා වගේ. (නි)