බලංගොඩ වන අඩවියේ වලව නිම්ම රක්ෂිතයේ නා ගස් රැසක් මැරී යතියි ද, කොකුන්, වෙනිවැල්, වල්ලපට්ට, කීන ශාක වේගයෙන් වඳවී යතියි ගැමියෝ ද, පරිසර හිතකාමීහු ද කියති.
සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී අයි යාපා පැවසුවේ රක්ෂිතයේ නා ගස් මැරනෙ බව හිමි නමක් දන්වා ඇති බවයි.
නා හා කීන ගස් ඉබේ මැරෙනවා ද, මරා දමනවාද යන්න ගැන සැකයක් පවතින බව ඔහු පවසයි.
මේ වනාන්තරයේ විශාල නා ගස් ඇති බව ද, එය යායට ගස් මැරී ඇති බව ද ඔහු පවසයි.
බලංගොඩ අතිරේක අඩවි වන නිලධාරී ආර් එම් එල් රත්නවීර මහතා පැවසුවේ මෙතෙක් හරි හේතුවක් සොයාගෙන නැති බවයි.
‘ලෝකාන්තයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා.‘
නාගසේ ආයුෂ අවුරුදු සිය ගණනකට වඩා වැඩි බව බෞද්ධ පත පොත කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ දා ගිය තැන පුළුන් ඉතුරු වෙයි ද? මුළු රටේම රීරි මාංස උලා කන පාලන ක්‍රමයක් තුල ගස් පමණක් ඉතුරු කරයිද මුන්?(නදී)
ඉක්මනින් විසඳුමක් දෙන්න. (ස)
විසදුම් ඉල්ලන්නේ කාගෙන්ද? සේරම වටවෙලා කැළෑ අල්ලගන්න එක නවත්වන්න පුළුවන් වුණාද? අවංක නිලධාරින් ඉන්නවා නම් හොයන්න හේතුව (නි)
ඉක්මනට හොයා ගන්න. (ස)
හොඳට හොයලා බලන්න මේක පිටිපස්සේ ලොක්කෙක් ඇති. මොකක් හරි දේකට කැලේ එලිකර ගන්න ඕනවෙලා ඇති. (ස)
දිලීර රෝගයක් වීමට බොහෝ ඉඩ තිබේ. උද්භිත විද්‍යාඥයින් ගොස් සොයා බැලිය යුතු තත්වයකි. අපේ විශ්ව විද්‍යාල සිසුන් ආචාර්යවරුන් ගිහින් බලන්න. මම ලංකාවේ හිටියා නම් බලන්න යනවා. (ස)
නා ලීයෙන් හදන, බිමට අල්ලන ලෑලි හරිම ගණන් (නි)
ඔයා හරි වන්නි තිලක් ..නමුත් අපේ කැම්පස් වල පර්යේෂකයෝ බොහොම හිඟයිනේ.ඉන්නේ පිකටින් කාරයෝ. (ස)
බිබිලේ දොඩම් මතකයි නේද ? අද බෙහෙතකට නැහැ. රටට ආදරය කරන මේ ගැන දන්නා පරීක්ෂකයන් සිටි නම් මේ ගැන සොයා බලන්න..... (ස)
විශ්ව විද්‍යාලවල පරීක්ෂණ මට්ටම තිබෙන්නේ ඉතා පහත් මට්ටම් වල. විදෙස් විද්‍යාලවල සම්බන්ද කර හෝ පරීක්ෂණ දියුණු කර ගත යුතු කාලයයි.(නදී)