දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (31) පැවැත්විණි.

ආලෝක මුදියන්සේලාගේ සිරිබද්දන නමැති ගිහි නමින් 1915 දෙසැම්බර් 31 වැනිදා බදුල්ල ඌව පරණගම දී උපත ලැබූ ඒ හිමියන්ට සංස්කෘත, ප්‍රාකෘත, දෙමළ, චීන, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක්ම මනාව හැසිරවිය හැකි අතර විදෙස් අධ්‍යාපන ආයතන ගණනාවක කථිකාචාර්යවරයකු ලෙසද ඒ හිමියෝ සේවය කළහ.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක්ද එළිදැක්විණි.

dawuldena_20151231 dawuldena_20151231-6 dawuldena_20151231-32 dawuldena_20151231-33 dawuldena_20151231-34 dawuldena_20151231-35 dawuldena_20151231-38 dawuldena_20151232