ලංකා ඉතිහාසයේ වඩාත් අකාර්යක්‍ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමeති රවි කරුණානායක මහතා බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ පෞද්ගලික වෛරයක් නිසා නොව රටත් ජනතාවත් ගැන සිතා බවත් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංගය තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් ආණ්ඩුව ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසයි.
අඩුම තරමේ එකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් මේ විශ්වාසභංගයට තවම අත්සන් කරලා නෑ.
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංජන ප්‍රියන්ත, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරු සහභාගී වුහ.
ජායාරූප හා වීඩියෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඒ හරිය ගැන නම් මොනවට කියනවද? (නි)
අපොයි! අපි දන්නවා ඔයගොල්ලෝ පක්ෂ කිහිපයක අය වුණත්, එහෙම තරහක්, අමනාපයක් ඔවුනොවුන් අතර නැති විත්තිය. පර්මිට් වාහන බෙදාගන්නකොට, වෙනත් වරප්‍රසාද ලබාගන්නකොට, මන්ත්‍රී පඩිය වැඩිකරගන්නකොට බලන්න ආසයි ඔයගොල්ලන්ගේ සමගිය. හරියට කිරියි පැණියි වගේ. බැලුවහම ඔයගොල්ලන්ව පත්කරලා යවපු මහජනතාව තමයි තම පක්ෂය වෙනුවෙන් ගුටි කන්නේ, මැරුම් කන්නේ. (නි)
ක්ෂණික නූඩ්ල්ස් වගේ ඉක්මනින් වෙන දේවල් බලාඉන්න අයට නම් හොඳයි. මොකද මේ රටේ මිනිස්සු හැමදාම බලාපොරොත්තු වුණේ ක්ෂණික විසඳුම් මිසක් දීර්ඝකාලීන විසඳුම් නෙමෙයි. (නි)
අපි දන්නා කාලේ අපි පාර්ලිමේන්තුවේ හිටපු දක්ෂම ඇමති තමා බන්දුල. සක්‍රයාගේ පුතාටවත් කරන්න බැහැ කියපු මිල අඩු කිරීමට එයා දක්ෂ වුණානේ. මොකද රුපියල් 2500 න් හතර දෙනෙක් ඉන්න පවුලකට ජීවත්වෙන විදිහ කී එකම කෙනා තමා බන්දුල. එයා අධ්‍යාපන ඇමති ඉන්නකොට මොනතරම් ලස්සනට වැඩ කෙරුනද ? ප්‍රශ්න පත්‍ර කිසිම දවසක කිසිම වැරැද්දක් නැතුව ළමයින්ට දුන්නනේ. (නි)
පසුගිය රජයේ මුල්‍ය කළමනාකරණය හොඳ තත්වෙකින් තිබුනා. දැන් රටේ අාර්ථිකය කඩාවැටුණේ මේ රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා. එනම් ෆෝර්ට් සිටි නතර කිරීම, රුපියලේ අගය පාවෙන්න හැරීම, කැසිනෝ නැවැත්වීම, ඉන්ධන මිල අඩු කිරීම වගේ දේවල් (නි)
ජනතා විශ්වාසභංගය ගෙනෙන්නේ කවදාද? (නි)
ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝ අහනවා/ විරුද්ධ වෙනවා. මේගොල්ලෝ කියනවා ඒගොල්ලෝ අහනවා/ විරුද්ධ වෙනවා. හැබැයි අන්තිමට අපි ඡන්දෙ දීලා මෝඩවෙනවා නේද? (නි)
"ලංකා ඉතිහාසයේ වඩාත් කාර්යක්‍ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමති රවි කරුණානායක නම් මොකටද මහත්තයෝ විශ්වාස භංගය ගේන්නේ. (හේ)
“පාර්ලිමන්ට් ජෝක්ස්“ නැවත පෙන්වන්න පටන් අරගෙනද? (නි)
එදා 2500න් ජීවත්වුණ කෙනෙකුට අද 2300න් ජීවත්වෙන්න පුළුවන්. අද ගෑස්, ඉන්ධන, පාන්පිටි, කිරිපිටි, සීනි සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල අඩුයි (නි)
ආර්ථික විද්‍යාව අපිනම් ඉගෙනගත්තේ අවිස්සාවේල්ලේ ස්කොලේ ටියුෂන් මාස්ටර්ගෙන්. අන්න අපට සම්පතක් වූ ටියුෂන් මාස්ටර්ල (බ)
පාර්ලිමේන්තුවේ කොහොම වුණත් මහජනතාවගේ විශ්වාසයනම් පලුදු වෙලා. (බ)
අපි මේ ගැන හෙට කතා කරමු.(හේ)
කෝ අර විමලේ ඒ කාලේ බෙරිහන් දුන්න මහා ආර්ථික ඝාතකයා ගැන අදහසක් කියන්නකෝ බලන්න. දැන් මාසයක් ජීවත් වෙන්න පවුලකට රු 2500 ට අමතරව කීයක් විතර ඕනේද?(හේ)