IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

ධීවරයින්ට " සයුර " විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.

ධීවරයින්ගේ අවදානම කළමනාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් සතුටු දායක තත්වයකට ගෙන ඒම සඳහා මෙම " සයුර " විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව හඳුන්වා දෙ බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසීය.

ධීවර කර්මාන්තය් යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබදව සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය, වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවරයින්ගේ මූල්‍ය තත්වයට අනුව ආවරණ මට්ටම් 3 කින් සුළු වාරික මුදලක් යටතේ දායක විය හැකි පරිදි සකස් කර ඇතැයි ද කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කීය.

එමඟින් මුහුදේදී මෙන්ම ගොඩබිම ධීවර කර්මාන්තයේ යෙදීමේදී හදිසි අනතුරු තත්වයන් මත සිදුවන ජීවිත අහිමි වීම්, පුර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් ප්‍රතිලාභ ලබා දෙන බව කෘෂි රක්ෂණ මණ්ඩලය කියයි.



අදහස් (0)

ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site