ධීවර කටයුතු සඳහා ලයිලා සුරුක්කු නැමැති නීති විරෝධී පන්න ක්‍රමය භාවිතය මෙම මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ වෙනුවට පෙබරවාරි නව පන්න ක්‍රමයක් හදුන්වා දී ඇති අතර එම තීරණයට ධීවර සමිති සියල්ල එකඟ වී ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.
ලයිලා සුරුක්කු නමින් හඳුන්වන හැඹිලි දැල් වැනි නීති විරෝධී ක්‍රම භාවිතය නිසා මෙරට මුහුදු තීරයේ මතස්‍ය ගහනය සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බවට නාරා ආයතනය සිදුකළ පරීක්ෂණවලින් හෙළිවී ඇති නිසා මෙම තීරණය ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද පැවති අතර එහි දී මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිලා සුරුක්කුව තහනම් කරලා විතරක් සැහීමකට පත් වෙන්න පුලුවන්ද ? එම තහනම ක්‍රියාත්මක වෙනවද කියා පරීක්ෂා කරන්නේ කොහොමද? කවුරු විසින්ද ?(කෞ)