(ඩයනා උදයංගනී)

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘සිට්‍රෑන්ග්’ සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කටයුතු කරන ධීවර ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම සුළි කුණාටුව මේ වන විට බංග්ලාදේශ වෙරළ ආසන්නයෙන් එරට ගොඩබිමට ඇතුළු වී ඇති නමුත් එහි බලපෑම තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය තවදුරටත් උතුරු ඊසාන දෙසට ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වලවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.