ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ඉන්දීය ධීවරයින් 16 දෙනා නිදහස් කර ගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට ඊ.එන්.එස් පුවත්සේවය වාර්තා කළේය.
ඉන්දීය අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු මහ ඇමතිනිය මෙම ඉල්ලීම කර ඇතැයි එම වාර්තාවේ සඳහන්වේ.
තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දින දින වර්ධනය වන බැවින් ඒවා වැළක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් ලබා දීමට කාලය එළැඹ ඇතැයි ද ජයලලිතා ජෙයරාම් මහත්මිය සිය ලිපියෙන් අගමැති නරේනද්‍ර මෝදිට පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයන් බේරගන්න ජයලලිතා පනී
දර්ශන Thursday, 03 September 2015 02:42 PM
අනේ අනේ ජයලලිතා! (නි)
ජි නන්දන Thursday, 03 September 2015 05:47 AM
ජයලලිතාට තියෙන්නේ දිගුකාලීන විසඳුමකට මුහුද මැදින් වැටක් ගහන්න මෙි ගැනි ඕන දේටයි එපා දේටයි හැම එකටම උතුරේ දෙමළ ජනතාව එයාලා අත්අඩංගුවට ගත්තම කිසි කථාවක් නෑ (ම)
නුවන් Thursday, 03 September 2015 06:08 AM
හිරේත් ගිහින් මදිවට තවත් රෙදි ඇදගෙනද සද්දේ දාන්නේ? (නි)
වසන්ජය Thursday, 03 September 2015 06:23 AM
අපේ අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී ඔය සම්බන්ධයෙන් ඉන්දියාවට වාසිසහගත ගිවිසුම් වලට එළඹීමට ජයලලිත මහත්මිය කටයුතු කරයිද දන්නෙ නැහැ (නි)
ඉසුරන්දි Thursday, 03 September 2015 06:25 AM
මොවුන් නම් නීතියට ගරුසරුවක් නැති අය. අපේ මිනිස්සු බලෙන් ඔවුන්ගේ දේශසීමා වලට ගිහින් මේ අය අත්අඩංගුවට ගත්තේ නැහැනේ. (නි)
දර්ශ Thursday, 03 September 2015 06:41 AM
අපි ඉන්දියාවේ වහලුන්ද? (නි)
මොහොමඩ් Thursday, 03 September 2015 06:45 AM
ජයලලිතා කියන්නේ කවුද කියලා අපි නොදන්නවායැ? (නි)
අප්පුහාමි Thursday, 03 September 2015 07:15 AM
මේ ජයලලිතාටත් ලැජ්ජා නැති හැටි? (නි)
යෝනක Thursday, 03 September 2015 07:57 AM
අනේ අම්මපා දැන්වත් පාඩුවේ ඉන්න බැරි හැටි? (නි)