ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ඉන්දීය ධීවරයින් 16 දෙනා නිදහස් කර ගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට ඊ.එන්.එස් පුවත්සේවය වාර්තා කළේය.
ඉන්දීය අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු මහ ඇමතිනිය මෙම ඉල්ලීම කර ඇතැයි එම වාර්තාවේ සඳහන්වේ.
තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දින දින වර්ධනය වන බැවින් ඒවා වැළක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් ලබා දීමට කාලය එළැඹ ඇතැයි ද ජයලලිතා ජෙයරාම් මහත්මිය සිය ලිපියෙන් අගමැති නරේනද්‍ර මෝදිට පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ජයලලිතා! (නි)
ජයලලිතාට තියෙන්නේ දිගුකාලීන විසඳුමකට මුහුද මැදින් වැටක් ගහන්න මෙි ගැනි ඕන දේටයි එපා දේටයි හැම එකටම උතුරේ දෙමළ ජනතාව එයාලා අත්අඩංගුවට ගත්තම කිසි කථාවක් නෑ (ම)
හිරේත් ගිහින් මදිවට තවත් රෙදි ඇදගෙනද සද්දේ දාන්නේ? (නි)
අපේ අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී ඔය සම්බන්ධයෙන් ඉන්දියාවට වාසිසහගත ගිවිසුම් වලට එළඹීමට ජයලලිත මහත්මිය කටයුතු කරයිද දන්නෙ නැහැ (නි)
මොවුන් නම් නීතියට ගරුසරුවක් නැති අය. අපේ මිනිස්සු බලෙන් ඔවුන්ගේ දේශසීමා වලට ගිහින් මේ අය අත්අඩංගුවට ගත්තේ නැහැනේ. (නි)
අපි ඉන්දියාවේ වහලුන්ද? (නි)
ජයලලිතා කියන්නේ කවුද කියලා අපි නොදන්නවායැ? (නි)
මේ ජයලලිතාටත් ලැජ්ජා නැති හැටි? (නි)
අනේ අම්මපා දැන්වත් පාඩුවේ ඉන්න බැරි හැටි? (නි)