ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දිනෙන් දින වර්ධනය වන බැවින් ඒවා වැළැක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දියා මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ලබාදීමට කාලය එළැඹ ඇතැයි ඇය එම ලිපියේ සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
ශ්‍රීලංකා මුහුදු සීමා නීති උල්ලංඝණය කළ ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු හා ධීවර යාත්‍රා 30 ක් ශ්‍රීලංකා බලධරයින්ගේ අත්අඩංගුවේ පවතින බවද ඇය කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දැක්වීමේදී කාන්තාවක වශයෙන් මදක් සංවරව වචන බාවිතා කරන මෙන් රුපවතී නම් කාන්තාවට මතක් කරන්නට කැමති.ලංකාදීපය දෙස්, විදෙස් සියලු දෙනාම මහත් අශාවෙන් කියවන පුවත් පතක් බැවින්.(අ)
ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවට එන්නේ මාළු අල්ලන්නම පමණක් නොවේ. ඒ හරහා එදා සිට මේ දක්වාම හොරබඩු, කේරළ ගංජා, කුඩු ඇතුළුව අවිආයුධ, මිනිස් ජාවාරම් ඇතුළු මහා පරිමාණ නීතිවිරෝධී ව්‍යාපාර රැසකට උපයෝගී කරගන්නා ගමන් මාර්ගයක්. රටේ ආරක්ෂාවට තව තවත් නාවික හමුදා යාත්‍රා සේවය තරකළොත් ඔය හුඟක් දේවල් පාලනය කරගන්න පුළුවන් වේවි.ජනක, ඔබ හරි.එහෙම හිතපු හැමකෙනාම අපේ අහිංසකකමින් අනිසි ප්‍රයෝජන ගත්තා. ඉදිරියටවත් ඒක නොවුණොත් හොඳයි (නි)
අම්මෝ,රූපවතීට තරහා ගිහිල්ලා තියෙන තරමක්! ඒක එයාලා බලාගනීවි. (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
අපි මේ ප්‍රශ්නයේදී ඉන්දියාව තරහා කරන්නේ නැතුව දෙපැත්තටම සාධාරනයක් වෙන විදිහට වැඩ පිළිවෙලක් දියත් කලොත් හොඳයි නේද? මේකත් අර හිඟන්නාගේ තුවාලය වාගේ ඔඩු දුවන ප්‍රශ්නයක් වෙලා. යහපාලන ආණ්ඩුවටවත් බැරිද මෙය සාමකාමිව නිරාකරණයකර කර ගැනීමට. (ර)
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නේ ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරන නිසයි.ඒ වෙනුවෙන් නාවික හමුදාවට අපේ උත්තමාචාරය පිරිනමමු.ඉතින් ජයලලිතා ඔයාගේ වැසියන්ට කියන්න ශ්‍රී ලංකාවේ සීමා කඩකරන්න එපා කියලා. ප්‍රශ්නය ඒ විදිහට බේරාගනිමු. (නි)
රාජ්‍ය තාන්ත්‍රික ගැටළු විසදිය යුත්තේ රජයන් විසිනි. (ර)
මගේ අම්මෝ රූපවතී, සැර වැඩි නැද්ද? (නි)
ඔය ධීවරයින්ට කියන්න මුහුදු සිමාවේ මාළු අල්ලන්න කියලා. වැඩේ ඉවරයිනේ. (නි)
රූපවතී සැර නැහැ. ඒත් අපේ මිනිස්සු අහිංසක වැඩියි (නි)
ඇති යන්තම් ඔය තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනවා කියලා පිළිගෙන තියෙන එක. ධීවරයින් නිදහස් කරන්නයි කිය කියා ඉන්නවාට වඩා හොඳම දේ තමයි එවැනි දේවල් සිදුනොවීමට ධීවරයින් දැනුවත් කරන එක. නමුත් ඒවා කිරීමට ඇයි එතරම් උනන්දුවක් නොදක්වන්නේ? (නි)
මේ ප්‍රශ්නෙට ඉක්මනින්ම විසදුමක් දුන්නොත් හොදයි. (ර)
මෙයාව දන්නේ නැද්ද? (අ)
ඔව් ඔව් ..ඔයාට තමයි ඕනෙත් අර පාලම හදාගන්න..මුහුද යටින් උමන් මාර්ගයක් ..සීපා ගිවිසුම ..? මෙහෙට හෙම එන්නේ නැහැ ..එකෙක්වත් ඉන්දියාවෙන් ? අපිට තියන තරම අපේ ලංකාවේ මේ ඇති ..? (අ)