මුහුදු යෑමට දෙන බලපත්‍ර යොදා ගනිමින් ධීවරයන් නීති විරෝධි කටයුතුවල යෙදෙන බවට ධීවර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි ද එම චෝදනාවලට වැරැදිකරුවන් වන ධීවරයන්ගේ බලපත්‍ර අහෝසි කර අසාදු ලේඛනගත කරන බවත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
ධීවරයන් ඇතුළු විවිධ පිරිස් මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම්වල යෙදෙන බවටත් ඉන්දියාවෙන් නීති විරෝධි ඖෂධ මෙරටට ගෙන් වීමේ ජාවාරම්වල යෙදි සිටින බව ද ඔහු පවසයි.
මේ අතර ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දියා ධීවරයන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට තමිල්නාඩු ධීවරයන් තීරණය කර ඇතැයි චෙන්නායිහි මහකොමසාරිස් කාර්යාලය ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව නම් වූ මා උපන් දේශය කිලෝමීටර් දෙතුන් සියයක් ඈතින් පිහිටන්න තිබුනේ. දැඩි නීති ක්‍රියාත්මක නොකොළොත් අපේ ජාතිය වෙර යොදලාම විනාශ කරනවා. පාලම් පනවන යෝජනා වලට සියල්ලෝම කැමති වෙත්වා, මෙවැනි ප්‍රශ්න වැඩිකරගන්න ඕනෑ නම් (නි)