(සුමිත් පොතුපිටිය )
මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටී ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි.
බේරුවල සමඩ් මාවතේ පදිංචිව සිටී මොහොමඩ් හුසේන් මොහොමඩ් ඉපිතියාස් නැමැති 44 හැව්රිදි පුද්ගලයකු මෙසේ අතුරුදන්ව ඇති බව සදහන් වේ.
IMUL - A - 0400 KLT නුවන් පුතා 03 ධීවර යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායෙන් ඊයේ (13) පස්වරු 6 ට මුහුදු ගොස් සිටී ධීවරයකු මෙසේ අතුරුදන්ව ඇති බව පැවසේ.
වෙරලේ සිට සැතපුම් හයක් පමණ දුරකින් මුහුදට ඇදවැටී ඇති බවට යාත්‍රා ක්‍රියාකරු යාත්‍රා හිමිකරුට දැනුම් දී ඔහු විසින් කල දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බේරුවල නාවික හමුදා නිළධාරීන් පරීක්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවරයින්ට ආරක්ශක ජැකට්ටු පැලදීම අනිවාර්ය කරන්ට ඔනෙ.