ධීවර සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ පළමු වරට සංස්ථාවේ මුදලින් වැටුප ගෙවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවර සංස්ථාවේ මාළු අලෙවියෙන් ලද ආදායම්වලින් අගෝස්තු මාසයේ වැටුප් ගෙවීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.
මේ වසරේ මුල් මාස හතක කාලයේදී ධීවර සංස්ථාවේ වියදම් පියවූයේ මහ භාණ්ඩාගාරයෙන් ගත් මුදලින් යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
ධීවර සංස්ථාවේ අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මහ භාණ්ඩාගරයෙන් ගෙන තිබූ මුදල රුපියල් ලක්ෂ 2100ක් යැයි ද පැවසේ.
පසුගිය ආණ්ඩුව සමයේදී ධීවර සංස්ථාවේ සියලු සේවකයන් ස්ථීර කිරීමට ගත් තීරණය නිසා නියමිතව තිබූ සේවකයන් 735 ඉක්වමින් ධීවර සංස්ථාවට ස්ථීර සේවකයන් 1100ක් පත් වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණි.
එසේ වුවද ධීවර සංස්ථාව සේවකයන් ප්‍රමාණය 415 දෙනකුගෙන් පවත්වාගෙන යා හැකි බව අනාවරණය වූ බව ද මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර අවස්ථාවකදි කියා සිටියේය.
සේවක අර්ථ සාධක අරමුදල් පියවීමට, ණය හා වැටුප් ආදී වියදම් පියවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 8000ක ආසන්න මුදලක් ගත් බව ද අමරවීර මහතා එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතනය පුද්ගලික අංශයට දෙන්න එපා. කළමනාකරණය හරියට කරලා ලාබ ලබන්න පුළුවන් තැනක්. ජනතාවට කරන සේවය ප්‍රශංසනීයයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලාබ ලැබියහැකි ආයතන පුද්ගලීකරණය කරන බව දන්නා නිසා තමා මේක කියන්නේ. (නි)
හොද වැඩක් හැමදේටම යහපාලනයට බනින අයට මේකත් මම හිතන්නේ ප්‍රශ්නයක්. (බ)
මාළු වල ගණන් වල හැටියට ඕක කරගන්න පුළුවන් ජරාවට බර නැත්නම්. හැබැයි ලංකාවේ ආර්ථිකය නම් එතනමයි. තව වැඩ පෙන්නුවොත් සළකා බලයි මහජනතාව (නි)
ධීවර අමාත්‍යාංශය කියන්නේ පාඩු ලබපු අමාත්‍යාංශයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ධීවර ඇමති කාලේ දියවර ගම්මාන කියලා මිනිසුන්ට ගෙවල් පවා හදලා දින්නා. සාගර විශ්ව විද්‍යාලය ආරම්භ කළා. මේවා කළේ අමාත්‍යාංශය ණය වෙන්නෙ නැතුව. (නි)
අර කුණුවෙච්ච මාළු පිටරටින් ගෙනා කෙනාට විරුද්ධව තවම මොකුත් කළේ නැහැ නේද? (නි)
රජය යටතේ පවත්වාගෙන යන ලෝකයේ එකම රට මේක වෙන්න ඇති (නි)
දැන් ඉතින් ලාබ ලබන බව දැනගත්තනේ. ඕකේ හොඳට හොරා කන්න පුලුවන් තැනකට ආණ්ඩුවේ ලොක්කෙකුගේ නෑදෑයෙක් පත්කරාවි ළඟදීම. (නි)
ජයවේවා! මුළු ලංකාවටම ආදර්ශයක් (නි)
සැමටම ආදර්ශයක්. දූෂණය නාස්තිය නැත්නම් ඕනෑම අායතනයකට ලාබ ලැබිය හැකියි. මේ ගැම්ම දිගටම අරගෙන යන්න ශක්තිය ලැබේවා. (නි)
අවුරුද්දකට වරක් බජට් එකක් කියල හදලා විවිධ බඩු සහ සේවා වලට බදු ගහලා රජය මුදල් එකතු කරන්නේ මේ අයගේ පඩියත් ගෙවන්න බලාගෙනනේ. ඉතින් මම නම් කියන්නේ මේ වතාවේ ධීවර සංස්ථාවේ පඩි ගෙවීමට මහා භාණ්ඩාගාරෙන් ගත යුතු මුදල අරගෙන ධීවර අංශයේ මොකක්හරි සේවාවක් හෝ සහනයක් ලබාදිය යුතුයි. නමුත් එහෙම වෙන එකක් නැහැ. (නි)
නිවැරදි කළමනාකරණය, කාරයක්ෂමතාවය, සුහදශීලි පාරිභෝගික සේවයක් සළසනවා නම් ලාබ ලබන්න පුළුවන්. මොනවා වුණත් අමරවීර මැතිතුමා දක්ෂයෙක් (නි)
මීට ටික කලකට කලින් විදුලිබල මණ්ඩලයත් ලාභ ලැබුවා කියලා ඇමති කෙනෙක්ම ප්‍රසිද්ධියේම කිව්වා නේද? (නි)
සෑම්, මටත් ඒකමයි මතක් වුණේ. (නි)
අදායමෙන් වැටුප් ගෙවලා වියදම පිරිමහන්නේ ණය අරගෙනද? (නි)
පමණ ඉක්මවා අනවශ්‍ය ලෙස සේවකයින් ගත් අය ගැනත් සෙවිය යුතුයි නේද? (නි)
අහන්නත් සතුටුයි (නි)
විරුද්ධ පක්ෂයෙන් අැහුවා නම් කියාවි යහපාලනය කාර්යක්ෂම මදි, ධීවර සංස්ථාව පෞද්ගලිකරණය කරන්න යනවා කියලා. හැමදාම මේ සුදු අලි මහජනයාට නඩත්තු කරන්න පුළුවන්ද පුද්ගලික ආයතන වලට දෙන්නේ නැතුව කියලත් කියයි (නි)
මෙතනදී මාළු ගන්න ගිය වියදම නොසළකා හැරලාදෝ කියලා මට නිකමට වගේ හිතුනා (නි)