ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
“ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතාට බලතල නොදෙන බව ඔහු කියනවා.ඒක මට කියල වැඩක් නෑ.
බලතල දෙනවානම් විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනෑ. හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. බලතල සීමා සහිත ප්‍රමාණයකට දී තිබෙනවා.මගේ සියලු බලතල දීමට තරම් විශ්වාසවන්ත කමක් (ඔහු ගැන) මට නෑ.
එයාට අසාධාරණයක් වෙලා තියෙනවානම් ඒ බව අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට කියා වෙන අමාත්‍යංශයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
දිලීප් වෙදාරච්චි මහත්තයාට ධීවර අමාත්‍යංශය එපා නම් වෙන අමාත්‍යංශයක් ඔහුට දෙන්න. මට මහාමාර්ග අමාත්‍යංශය දුන්නත් මං බාර ගන්නවා”
මේ දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුය.
අමරවීර මහතා සන්ධානයෙන්ද වෙදාරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන්ද තරඟ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නම් මේවට කතාකරන්නවත් කැමති නැහැ (නි)
වෙදආරච්චි ඇමතිතුමා එදත් අදත් හැමදාම හිටියේ අලියා එක්ක. පක්ෂය පරාජය පිට පරාජය වෙන කාලෙත් පක්ෂය අත නොහැර හිටියා. ඒකටත් එක්ක අනිත් අය? (නි)
අවුරුදු පහම මෙහෙම තමයි ඉතින් (නි)
රටක බහුතරයක් ඉන්න ආගමේ ප්‍රතිපත්ති යම් තරමක් රජයේ ප්‍රතිපත්ති කරගත යුතුයි කියලයි මම නම් හිතන්නේ. බොහෝ අරාබි රටවල් ඉස්ලාම් ප්‍රතිපත්තිය සැළකියයුතු ලෙස රජයේ ප්‍රතිපත්ති කරගෙන තිබෙනවා. නමුත් ලංකාවේ බෞද්ධ ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්ති කරගෙන තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මම ඉස්ලාම් භක්තිකයෙක් වුණත් රටේ වැඩි පිරිසක් ඉන්නේ බෞද්ධ අය හින්දා මාළු අල්ලන එක තහනම් වියයුතුයි කියා සිතනවා. (නි)
මේ අයගේ අධ්‍යාපන තත්වය ගැන එහෙම අපි හොඳටම දන්නවනේ. මෙතන හැබැයි වැරැද්ද තියෙන්නේ මේ එකම පළාතේ විරුද්ධවාදී මන්ත්‍රීවරු දෙන්නෙකුට එකම අමාත්‍යාංශය දුන් එකයි. මොකද , ජනතාවට සේවයක් කරන්න ඕනෑ නම් වැඩක් වෙන විදිහට අමාත්‍යංශ දෙන්න ඕනෑ. (නි)
සමහරු හදන්නෙ පවතින ආණ්ඩුව අපහසුතාවයට, ජනතා අප්‍රසාදයට පත්කර වාසි ලබා ගැනීමට බව සිතේ. ජනතාව ප්‍රවේශම් වියයුතුයි (නි)
දේශපාලුවො ඔක්කොම එකයි. රට ගැන කිසිම සුභවාදී හැඟීමක් නැහැ. (නි)
මේ හැමදේකින්ම අන්තිමේදී තැළෙන්නේ අපි (නි)
හැමෝගෙම කතාව විතරයි, වැඩ නැහැ (නි)
මදැයි ඉඳලා ඉඳලා ආණ්ඩුවක් හැදුවා! (නි)
අපිට නම් මේ කවුරු ගැනවත් විශ්වාසයක් නැහැ (නි)
වෙදආරච්චිට වැඩ බැරි නම් මොකද එයාට තනතුරු දුන්නේ? එයාට වැඩ බැරි බව දන්නේ නැද්ද? (නි)
මේ දෙගොල්ලටම වැඩ බැරි බවයි අපිටනම් දැන් පෙනෙන්නේ. (ර)
පක්ෂ දෙකක නිසා වෙන්න ඇති මේ ? (ර)
ඇමෙතිවරයකු වෙන්න අඩුම තරමේ අපොස සා.පෙළවත් සමත් වෙන්න ඕනේ කියල නීතියක් ගෙනවානම් හරි. (ර)
සමහරු හිතන්නේ මම තමයි වැඩකාරයා කියලා. නමුත් ඔහුට වඩා වැඩ නොදන්නා අය වැඩ පෙන්වනවා (නි)