ශ්‍රී ලංකාවේ මාළු අපනයන තහනම ලබන 21 වැනි දා සිට ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි ධීවර අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව් පි වන්නිනායක අද පස්වරු 12ට පමණ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේය.
එම පුද්ගලයාම ඉන් පැයකට දෙකකට පසු තවත් නිවේදනයක් නිකුත් කළේය. එම තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය පදනම් විරහිත වාර්තා පළ කර ඇතැයි වන්නිනායක දෙවැනි නිවේදනයේ දක්වා ඇත.
එහෙත් ඔහු මුලින් එවූ නිවේදනය වැරදි බව ඔහු නොපිළිගනී.
එම නිවේදන දෙකම මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න උදවියට වාගේ මේ අයටත් විලිලැජ්ජත් නැහැ දඬුවමුත් නැහැ අපේ බදු මුදල් වලින් යැපෙමින් කාලය කනවා (බ)
කව්ද මේ රවට්ටන්නේ...(බ)
දැන් අපේ ජනාධිපතිතුමා කියයි එකත් මම පත්තරෙන් දැනගත්තේ කියල!!!! (ම)
පයිත්තියන් කියන්නේ ඕවට තමයි. (බ)
තහනම ඉවත් කළා කියල මුල් නිවේදනයේ කියල නැහැ. කිසියම් මාධ්‍යක් තහනම ඉවත් කළ බව ප්‍රචාරය කළා නම් එය බොරුවක්. මෙතන එතුමා කිසිම බොරුවක් කියල නැහැ. (බ)
වැරැදි වෙනවා කාටත්.ඕකත් පොඩි වැරැද්දක්.(හේ)
මේ වගේ පරස්පර විරෝධි නිවේදන නිකුත් කර ඇයි වගකීම බාර නොගන්නේ.(හේ)
ලිපියේ කිසි වරදක් නැත . 21වෙනි දින ඉවත් කිරීමට නියමිත බව සඳහන් වෙන්නේ. ඉවත් කළා කියල නැහැ. (බ)
අනුර ඔන්න ඔතන තමා අපිට වැරදුනේ පොඩි වැරැද්දක් කියල අත්හැරිය මේවා සුළු වැරදි නොවේ අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනේ වැරදි රජයේ නිලධාරියෙක් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. (බ)
ඒ මහතා ප්‍රකාශ කරන්න ඇත්තේ..තාම තහනම තියෙනවා..21 පස්සේ ඉවත් කරන්නේ කියල. ඕක තේරෙන්නේ නැද්ද. මිනිස්සු බොරු වට දැනටමත් ඉවත් කරලා කියන මතය වෙනස් කරන්න තමා දෙවැනි ලිපිය දැම්මේ. ඒ මහතා හරි (බ)
අපි මෝඩයෝ කියලා වෙන්න ඇති හිතන්න ඇත්තේ (නි)
දැන් මුළු රටේම යන්නේ බොරුව.(බ)
කව්ද මේ රවට්ටන්නේ? රවටන මිනිස්සු රැවටෙන මිනිසුන්ව රවටනවා. (බ)
මෙච්චර ඇහැට පෙනි පෙනීත් ඇයි කිවුවෙ නැහැ කියන්නේ? (නි)
ඇයි මේ මිනිස්සු මේ වගේ බොරු කියන්නේ? (නි)
ඇයි වගකීම බාර නොගන්නේ? කවුද මේ රටේ වගකීම බාර ගත්තේ. බජට් එක ක්‍රියාත්මක නොවීමේ වගකීමවත් බාර ගත්තද? (බ)
දැන් රට දුවන්නෙම බොරුවෙන්. ලොක්කෝ හිටගෙන බොරු අැදබානකොට ගෝලයෝ දුව දුව කෙබර අැදබානවා! (බ)
එතුමාටත් මේවා හොඳ පාඩම්. මිටපස්සේවත් මීටවැඩිය ප්‍රවේශම්වෙයි (නි)
ඔහු නිවැරදිය (බ)
හැම දෙනාම බොරුකාරයෝ . ලංකාවේ වෙන කිසිමදෙයක් දන්නේ නැහැ (බ)
21 දා ඉවත්කිරීමට නියමිත බව කියන එකෙන් අදහස් වෙන්නේ එදාට ඒ වැඩේ කෙරෙන බව නේද? (නි)
ඇත්ත නැත්ත සොයා බැලීමට පෙර මිනිසු කෝපවෙන එක මෝඩකමක්. පළමු ලිපියේ කියන්නේ "මේ මස 21 වන දින තහනම ඉවත්කිරීමට නියමිත" බවය. ධනාත්මකව සිතන්න ඕක ඔය විදියටම වෙයි කියලා. අනික ඔය සම්බන්ධ ප්‍රවෘත්ති සාකව්ඡාව තියෙන්නෙත් 21නේ. තවම ඉවත්කරත් නැහැනේ. (නි)
කඩේ යනකොට ඔහොම තමා....ගණන් ගන්න එපා. (බ)
ඇමතිලා, ලේකම්ලා හැමෝම කඩේ යනවා. දුප්පත් අපි යහපාලනයේ දුක ගෙවනවා. (නි)
මොකටද එහෙනම් පළවෙනි දැන්වීම දැම්මේ? (නි)
පළමු ප්‍රවෘත්ති නිවේදනයේ තියෙන්නේ මෙම තහනම 21 වන දින ඉවත් කිරීමට නියමිත බවයි. දෙවැනි නිවේදනයේ තිබෙන්නේ 21 වන දින තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බවය. (නි)
විමසිල්ලෙන් ලිපි දෙකම කියවන්න. පළමුවැන්න කියන්නේ "මේ මස 21 වන දින තහනම ඉවත්කිරීමට නියමිත\" බවය. එනම් මේ වනතුරුත් ඉවත්කර නැතිබවය. දෙවන ලිපිය කියන්නේ "තහනම ඉවත්කර ඇති බවට සිදුවන ප්‍රචාරයන් වැරදි බවය". ඇත්ත, එය වන්නේ 21 වනදායින් පසුවය. පළමු ලිපියේ "ඉවත්කිරීමට නියමිතය" යන්න තරමක් පැටළිලිසහගතය. ඒ වෙනුවට "ඉවත්කිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිතය" යන්න වඩාත් යෝග්‍ය වේ. (නි)
පළමු ලිපියෙන් පැහැදිලිව කියනවා තහනම 21 දින ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇති බව. සාමාන්‍යයෙන් නියමිත බව කියන්නේ ඒ සම්බන්ධව නියමයක් තියෙනවා කියන එකයි. ඒකෙන් මේ මත්ස්‍ය තහනම 21 ඉවත් කෙරෙනවා කියන අදහස මිසක් ඉවත් නොවෙනවා කියලා අදහසක් ගම්‍යවෙන්නේ නැහැ. මෙහේ බදු පත්තුවෙලා තියෙන වෙලාවේ නිළධාරීන් තමන්ගේ හිත හදාගන්න යනවාද නැත්නම් රටවැසියාව සනසවන්න යනවාද කියන එකයි ප්‍රශ්නේ. කොහොම නමුත් බොරුවට ආයුෂ ටිකයි. (නි)
මෙහෙම අයත් එක්කනේ රටක් ගෙනියන්නේ? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
පළමු ලිපියෙහි තියෙන්නේ "තහනම ඉවත් කිරීමට නියමිත බව" යි. නමුත් ඔහුට තිබුනා මේ පටලැවිල්ල නොවන ලෙසට ටිකක් තත්වය පැහැදිලි කරලා පළමු ලිපිය ලියන්න. හැබැයි, එම ලිපියේ තියෙනවා යුරෝපා සංගමය දැනුම් දුන්නා කියලා. යුරෝපා සංගමය අපේ පාර්ලිමේන්තුව වගේ තැනක් නොවෙයි. "යුරෝපා සංගමය දැනුම් දී ඇත" කියන එක පළමු ලිපියට කොහෙන්ද ආවේ කියල බැලුවොත් අපිට ටිකක් හිනාවෙන්න පුළුවන් වෙයි. (නි)
ඒකත් අර වොක්ස්වැගන් කාර් පැක්ටරිය වගේ තමයි (නි)
දැනුත් එයාට කියන්න පුලුවන්ද දන්නෙ නැහැ එයා එහෙම කිවුවේ නැහැ කියලා (නි)
මේ නිලධාරිය අමු කාලද? මේ වගේ වැඩක් නැති වගකීමක් දරන්න බැරි නිලධාරීන් වහාම ගෙදර යවන්න ඕනේ. (බ)
මෙතන සමහරු කියන විදියට ඔහු නිවැරදිකරු නොවේ. දෙවෙනි ලිපියෙහි තිබෙන විදියට 21 වෙනිදා තහනම ඉවත් නොවෙන්නත් පුළුවන්. එම නිසා පළමු ලිපිය අසත්‍යක් වෙනවා. මොහු එහි වගකීම බාරගත යුතුයි. (නි)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
අනේ මන්දා? මොනවාද මේ කියන්නේ.(හේ)
ඉවත් කිරීමට නියමිත බව පමණක් පළමු ලිපියේ දන්වා අැත. එම තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය පදනම් විරහිත වාර්තා පළ කර අැත. එ් අනුව වන්නිනායක මහතා නිවැරදිය. (බ)
ඉතින් කොහොමද මෙහෙම අයත් එක්ක රටක් දියුණු කරන්නේ? (නි)