“හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන පුද්ගලයෙක්. ඔහුට එය පෙන්වීමට තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි දින රැලියට සහභාගී වීම.” යැයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.
“ ඔහු අපේ මැයි දින රැළියට සහභාගී වනු ඇතැයි අපි තවමත් බලාපොරොත්තු වෙනවා. පළමු ආරාධනය යොමු කළේත් මහින්ද රාජපක්ෂ මහතාටයි. එය අත්සන් කළේ මමයි. අපි දැන් ඔහු හමුවීමට වෙලාවක් ඉල්ලා තිබෙනවා. එහිදි අපි ඔහුට නිල වශයෙන් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. මැයි දිනයට කල් තියෙනවා. මාස ගණන් තියලා ආරාධනා කරන සිරිතක් නැහැ. ඔහුගේ තාත්තාත් මේ පක්ෂයේ හිටියා. ඔහුට මේ පක්ෂය සම්බන්ධයෙන් සුවිශේෂී ඉතිහාසයක් තිබෙනවා. අපි අපේ යුතුකම අපි ඉටු කළා. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට සහභාගී වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා‘‘
මේ අතර යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කරන්නේ ද නැද්ද යන අවසාන තීරණය බ්‍රහස්පතින්දා (21) ගන්නා බව ධීවර අැමැතිවරයා පැවැසීය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිටින යුරෝපා සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ හෙට (21) දිනයේදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වන බවත් ඒ අවස්ථාවේදීම මත්ස්‍ය තහනම ඉවත් කරන්නේ ද නැද්ද යන තීරණය ලැබෙනු ඇති බවත් ඔහු කීය.
ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම 21 වැනිදා ඉවත් කරන බවට යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඩබ්ලිව්.පී වන්නිනායක අඟහරුවාදා (19) නිකුත් කළ නිවේදනය අත්වැරැද්දක් යැයි ද ඒ සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ පැතුම් ඉටුවේවා! (නි)
මහින්ද නැතිව පක්ෂය අතරමන් වෙලා(අ)
හැබැයි ඇමතිතුමෝ..බටර් මේ පායන හැටියට නිකම්ම උණුවෙලා දියවෙලා යනවා. (බ)
පක්ෂයෙන් පැනල ගිහින් යූ එන් පී ආණ්ඩුවක් හදපු මිනිහව එලවල මහින්දට නායකත්වය දෙන්න. වෙන විකල්පයක් ඔහෙලට නැහැ.(බ)
මහින්දගේ නම විකුණන් කමින් මහින්දටම අංචි අදින මෙවන් උන්දැලා නිසා තමයි මහින්ද විනාශ වුනේ! (බ)
මහින්ද මොකටද මෛත්‍රී ඉන්නේ, නායකයන් දෙන්නෙක් අපිට එපා. අපිට ඕනේ එක්කෙනයි .ඒ මහින්ද තමයි. මහින්ද ඉන්නේ විරුද්ධ පක්ෂයේයි. රටට අදෙරේ කරන මිනිස්සු ඉන්නේ මහින්දත් එක්ක. එනිසා ඔබලාගේ රැලියට එතුමා එන්නේ නැහැ මහත්තයෝ. (අ)
මහින්දලා රට පාලනය කළ යුතුයි කියා අපි නම් දැන් කිසිවිටෙකත් කියන්නේ නැහැ (නි)
මේ කාලෙ කාගේත් කතා අහලා දැන්නම් අපිට ඇතිවෙලා (නි)