ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටයුතු කරන බවත්, විදේශ ගතව සිටින ධීවරය ඇමැති ශ්‍රී ලංකාවට ආ පසු රුපියල් ලක්ෂය බැගින් දීමට කැබිනට් පත්‍රිකාවන් යොමු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පානදුර ධීවර වරායේදී මීට ටික වේලාවකට පෙර පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුත් එක්කවිහිලු කරන්න එපා (දී)
කවුද ඉතින් මේ ගොල්ලන්ව පත්කළේ? අපිද ? ජනතාවනි ,මේකට මුලික දේ අමතකවීම. අපි හැමදාම බොරුවලට රැවටෙනවා. දැන් විදුලි බිල ඇවිල්ලා ඇති. බලන්න කොහමද කියලා. දැන්වත් අවදි වන්න (නි)
නීල් ගේ අදහස බොහොම වටිනවා. ඇමතිලා වෙන්ට ඕන මේ වගේ අය. එත් ඉතින් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ඒවාගේ විපාක තමා ගෙවන්ට වෙන්නේ.(නදී)
රු 15000 මරණේ ගෙදර ලයිට් බිලට යනවා. වෙනත් විකල්ප වැඩ පිළිවලක් යොදන්න නම් නිමල් ලංසා මහතාගෙන් අහගන්ඩ.(නදී)
මිනිස් ජීවිත මුදල් වලට සමාන කරන්න එපා. ඉක්මනිම වැඩපිලිවෙලක් සකස්කරන්න. මේ මාසේ 18 වෙනකන් මේ කාලගුණය තියෙනවා. මෙයින් යැපෙන ජනතාවගේ පවුල් වලට හරි රැකවරණයක් දෙන්න. පාසල් යන දරුවන් මේ පවුල්වල ඉන්නවා. (නි)
එංගලන්තේ හමුදා සෙබලෙක්ගේ බෙල්ල කපල මරා දමද්දී කැමරන් මහත්තයා හිටියේ ප්‍රංසේ. එයා ඔක්කොම අවලංගු කරලා ආපහු ආවා. අපේ ලොක්කෝ තාම එහෙ විතරක් නොවේ රුපියල් පහළොස්දාහක් ගන්න එනකන් ඉන්නලු.(නදී)
ඕව ඔහොම වෙලා මදි මෙරටේ බත් කන ජනතාවට.. මොකෝ ඡන්දයක් තිබ්බම මේ තියන පක්ෂ විපක්ෂ දෙශපලනෙට හුරේ දමමින් කරන නාඩගන් වල ප්‍රතිපල තම ඔය කවද වත් ප්‍රතිපතති නොබලා වාසි ගැනම හිතල ගන්න වැරදි තීන්දු වලට දඩුවන් එපැයි. (අ)
මේකත් ගානක්ද ? ඇමතිලගේ විදුලි බිලට ලක්ෂ 15 , අසරණ ජනතාවට ලක්ෂයයි. දෙයියෝ සාක්කි ?(නදී)
රුපියල් 15000න් මොනවා කරන්නද? ඒ මිනිස්සුන්ට සාධාරණ විදිහට මොනවා හරි රැකියා මාර්ගයක් සකස් කරලා දෙන්න.(නදී)
මහත්තයෝ කාලගුනේ ගැන කලින් දැනුවත් කලේ නැත්තේ ඇයි? ඔබලා ඔය තැන්වලට ගියේ පුටු රත් කරන්නද?(නදී)
ජිවිත නැති උනාට පස්සේ මොනවා කලත් වැඩක් නැහැ (දී)
ඇමති තුමා දැන් එහෙම කිව්වට ලංකාවට ආවට පස්සේ කියපු දේවල් අමතක වෙනවනේ. මේ මිනිස්සු අසරණ වෙලාවේ මග අරින්නේ නැතුව උදවු කල යුතුයි.(නදී)
අනේ ලැජ්ජයි. රුපියල් පහලොස්දහසක් මොනවා කරන්නද? ඇමති ආවට පස්සේ දෙන ලක්ෂය හරි හමන් දානයක් දෙන්නවත් ඇතිද?(නදී)
රු 15000 ක් දෙන්නේ විදුලී බිල ගෙවන්න විතරද?(නදී)
ලක්ෂයක් දුන්නම ඔක්කොම හරිද? අනේ මගේ කට.(නදී)
ඔය කියන පත්‍රිකාව සකච්ඡා කරලා අනුමතවෙලා එනකොට , දවස් 7 නෙමෙයි මාස තුනක් යයි.(නදී)
ඇයි ධීවර ඇමති අතින් දුන් නැත්නම් මුදල් අවලංගු වෙනවද? මැරුණ මිනිස්සුන්ට අගෞරව කරන්න එපා. තවත් ඡන්ද ටිකක් වැඩි වෙයි කියලා හිතනවා ඇති.(නදී)
ලංකාවේ බහුතරයක් ධීවරයින්ට ජීවිතාරක්ෂක කබා නැහැ, හදිසි අවස්ථාවලදී ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිලිබඳ වැටහීමක් ලබාදී නැහැ, මූදු යාත්‍රාවට අත්‍යවශ්‍ය මාලිමා නැහැ, මූද මැදදී භාවිතා කළහැකි පණිවුඩ හුවමාරු උපකරණ නැහැ, අතරමං වුවිට බෝට්ටුව තිබෙන ස්ථානය සොයා ගතහැකි ජී පී එස් උපකරණ නැහැ, අයහපත් කාලගුණ වෙනසකදී ගොඩබිම වරායේ පිහිටීම සොයාගතහැකි ප්‍රදීප කුළුණු ධීවර වරායන්හි නැහැ. ඇත්තටම මේ විසි එක්වන සියවසේ ධීවරයෝද කියා සිතෙනවා. ධීවර විශ්ව විද්‍යාලයක් මෙන්ම නාරා ආයතනයත් තිබුනත් ඒවා අරක්ගෙන ඉන්නේ පිටරට සංචාරයක් ලැබුනහම විතරක් ඇස් අරින අනිත්වෙලාවට නිදාගන්න මාස් පඩි කාරයෝද කියා සිතෙනවා. නමුත් මාළු කෑල්ලක් කඩෙන් ගන්න ගිහාම දකින මිලදර්ශනය නිසා පරිභෝගිකයන්ටත් ජීවිතය එපාවෙනවා.(නදී)
ඔවු ඔව් ඇමති එනකන් ඉන්න. ඊළගට අහවලාගේ උපදෙස් මත අහවලාගේ අනුදැනුම මත, අහවලාගේ අදීක්ෂණය යටතේ, අහවලාගේ කළමනාකාරිත්වයෙන්, අහවලාගේ අනුශාෂනා මත අහවලාගේ ආරාදනයෙන් අහවලාගේ සුරතින් බෙදාදෙනු ලැබේ කියල ලකුණු දාගන්න.(නදී)
රු.15000ක් මරණෙට මදි, ජනාධිපතිගේ දවසේ වියදමවත් දෙන්න.(නදී)
බලන්න මහත්තයෝ වෙලා තියෙන විපත (දී)
මගේ අදහස සම්පූර්න කුණුහරුප වෙන බෑවින් පලනොකරමි.(නදී)
දෙහිවල ධීවර සමිතිය රජයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප වී වැඩකළ පිරිසක්. බෝට්ටු නිතරම ආපදාවට ලක්වෙලා ධීවරයින්ද මියයන නිසා ,අසල ඇති හුණුගල ඉවත්කර ,අනතුර පෙන්වීමට හිරු එලියෙන් හෝ ක්‍රියා කරන රතු විදුලි බුබුලක් සවිකර දීමට මැතිවරණ කාලයේ පොරොන්දු දුන්නා. අද වෙනකන් කෙරිලා නැහැ. මාස්ට ඩ්යිවස් සමාගම බලලත් ගියා. ඒ ඇත්තන්ට සුළු වැඩක්. රජයෙන් ගෙවීමක් කරනවනම් ඒ ඇත්තෝ කරයි. එම ධීවරයින්ට අදටත් තියෙන්නේ ප්‍රේමදාස ජනාධිපති තුමා සාදා දුන් තට්ටු නිවාසත් ප්‍රජා ශාලාවත් පමණි. (නදී)
නිලා, ඔබ කිව්වා හරියටම හරි. හැම කෙනාම බලන්නේ ලකුණ දාගන්න. මොකා මලත් කාට මොකද. දැන් තියාවි උත්සව කෝටි ගානක් වියදම් කරලා මුදල් ලබා දෙන්න .චතුල කිව්වා වගේ කාට වහගන්නම්,පව් සිද්ද කර ගන්නේ නැතුව.(නදී)
අනේ මගේ කටට එන වචන මෙතන කියන්න බැහැ. 15000 ක් ඒ අසරණ මනුස්සයන්ගේ දානෙට තියා මාසයක් කාල ජීවත් වෙන්න වත් ඇතිද?(නදී)
මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් දීවර ඇමති පිට රටද? අපේ මිතුරියක් මේ රටේදී හදිසියේ මිය ගියා. ඒ වන විට මැඩම් සහ බොස් සිටියේ වෙන රටකට ගිහින් බෝස්ගේ අම්ම බොස්ට කෝල් කර සැනින් ටිකට් එක දින වෙනස් කර එදාම මේ රට ආවේ ඇති මනුස්සකම නිසයි. නමුත් බලන්න අපේ ලොක්කෝ තාම පිටරට ජොලියේ ඔන්න ලංකාවේ තියෙන තත්වය ඒ මදිවට රුපියල් 15000ක් දෙන්නම්ලු. මල ගෙදරට ලයිට් බිල ගෙවන්නත් මදි නේද? (කියන්න ඕනදේ කියන්න බැහැ මට හරිම කේන්තියි ).(නදී)
ගරු ඇමති තුමනි , ඒ මුදලත් ඒ මිනිස්සුන්ට වටිනවා, නමුත් නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න (දී)
ගමනක් යන්න පාරට බැස්සොත් ඇමති ආරක්ෂක රථ අපිව යටකරගෙන යන්න හදන්නේ. අපේ ඇමති මණ්ඩලය එංගලන්තෙටත් වඩා ලොකුයි. නියෝජ්‍ය ඇමතිවරුත් ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් උනොත් මේ ගොල්ල එක්කෙනෙක්වත් හොයාගන්නවත් නැහැ. ධිවර ඇමති රට , ආපදා කළමනාකරණ ඇමති නුවර එළියේ, රුපියල් 15000 දෙන්න කතාකරනවා. අපි ලබන පාරත් මේ ගොල්ලන්ටම ඡන්දය දීලා සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.(නදී)