IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ධීවර ඇමැති ආ පසු ලක්ෂයක්

ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටයුතු කරන බවත්, විදේශ ගතව සිටින ධීවරය ඇමැති ශ්‍රී ලංකාවට ආ පසු රුපියල් ලක්ෂය බැගින් දීමට කැබිනට් පත්‍රිකාවන් යොමු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පානදුර ධීවර වරායේදී මීට ටික වේලාවකට පෙර පැවසීය.



අදහස් (0)

ධීවර ඇමැති ආ පසු ලක්ෂයක්

රජිත් Sunday, 09 June 2013 06:00 PM

මිනිස්සුත් එක්කවිහිලු කරන්න එපා (දී)

:       0       0

අමිල Monday, 10 June 2013 12:13 PM

කවුද ඉතින් මේ ගොල්ලන්ව පත්කළේ? අපිද ? ජනතාවනි ,මේකට මුලික දේ අමතකවීම. අපි හැමදාම බොරුවලට රැවටෙනවා. දැන් විදුලි බිල ඇවිල්ලා ඇති. බලන්න කොහමද කියලා. දැන්වත් අවදි වන්න (නි)

:       0       0

සිරී Sunday, 09 June 2013 06:29 PM

නීල් ගේ අදහස බොහොම වටිනවා. ඇමතිලා වෙන්ට ඕන මේ වගේ අය. එත් ඉතින් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ඒවාගේ විපාක තමා ගෙවන්ට වෙන්නේ.(නදී)

:       0       0

වසන්ති Sunday, 09 June 2013 06:39 PM

රු 15000 මරණේ ගෙදර ලයිට් බිලට යනවා. වෙනත් විකල්ප වැඩ පිළිවලක් යොදන්න නම් නිමල් ලංසා මහතාගෙන් අහගන්ඩ.(නදී)

:       0       0

සිල්වා Sunday, 09 June 2013 06:55 PM

මිනිස් ජීවිත මුදල් වලට සමාන කරන්න එපා. ඉක්මනිම වැඩපිලිවෙලක් සකස්කරන්න. මේ මාසේ 18 වෙනකන් මේ කාලගුණය තියෙනවා. මෙයින් යැපෙන ජනතාවගේ පවුල් වලට හරි රැකවරණයක් දෙන්න. පාසල් යන දරුවන් මේ පවුල්වල ඉන්නවා. (නි)

:       0       0

නන්දන Monday, 10 June 2013 08:28 AM

එංගලන්තේ හමුදා සෙබලෙක්ගේ බෙල්ල කපල මරා දමද්දී කැමරන් මහත්තයා හිටියේ ප්‍රංසේ. එයා ඔක්කොම අවලංගු කරලා ආපහු ආවා. අපේ ලොක්කෝ තාම එහෙ විතරක් නොවේ රුපියල් පහළොස්දාහක් ගන්න එනකන් ඉන්නලු.(නදී)

:       0       0

චාල්ස් Monday, 10 June 2013 08:31 AM

ඕව ඔහොම වෙලා මදි මෙරටේ බත් කන ජනතාවට.. මොකෝ ඡන්දයක් තිබ්බම මේ තියන පක්ෂ විපක්ෂ දෙශපලනෙට හුරේ දමමින් කරන නාඩගන් වල ප්‍රතිපල තම ඔය කවද වත් ප්‍රතිපතති නොබලා වාසි ගැනම හිතල ගන්න වැරදි තීන්දු වලට දඩුවන් එපැයි. (අ)

:       0       0

මහේෂ් Sunday, 09 June 2013 08:24 PM

මේකත් ගානක්ද ? ඇමතිලගේ විදුලි බිලට ලක්ෂ 15 , අසරණ ජනතාවට ලක්ෂයයි. දෙයියෝ සාක්කි ?(නදී)

:       0       0

මොහමඩ් Sunday, 09 June 2013 01:51 PM

රුපියල් 15000න් මොනවා කරන්නද? ඒ මිනිස්සුන්ට සාධාරණ විදිහට මොනවා හරි රැකියා මාර්ගයක් සකස් කරලා දෙන්න.(නදී)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 01:59 PM

මහත්තයෝ කාලගුනේ ගැන කලින් දැනුවත් කලේ නැත්තේ ඇයි?  ඔබලා ඔය තැන්වලට ගියේ පුටු රත් කරන්නද?(නදී)

:       0       0

තාරක Sunday, 09 June 2013 01:57 PM

ජිවිත නැති උනාට පස්සේ මොනවා කලත් වැඩක් නැහැ (දී)

:       0       0

මේනකා සෞදි අරාබිය Sunday, 09 June 2013 01:59 PM

ඇමති තුමා දැන් එහෙම කිව්වට ලංකාවට ආවට පස්සේ කියපු දේවල් අමතක වෙනවනේ. මේ මිනිස්සු අසරණ වෙලාවේ මග අරින්නේ නැතුව උදවු කල යුතුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 June 2013 02:02 PM

අනේ ලැජ්ජයි. රුපියල් පහලොස්දහසක් මොනවා කරන්නද? ඇමති ආවට පස්සේ දෙන ලක්ෂය හරි හමන් දානයක් දෙන්නවත් ඇතිද?(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 09 June 2013 02:12 PM

රු 15000 ක් දෙන්නේ විදුලී බිල ගෙවන්න විතරද?(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 09 June 2013 09:17 PM

ලක්ෂයක් දුන්නම ඔක්කොම හරිද? අනේ මගේ කට.(නදී)

:       0       0

සරත් Sunday, 09 June 2013 02:26 PM

ඔය කියන පත්‍රිකාව සකච්ඡා කරලා අනුමතවෙලා එනකොට , දවස් 7 නෙමෙයි මාස තුනක් යයි.(නදී)

:       0       0

කෙවින් Sunday, 09 June 2013 02:26 PM

ඇයි ධීවර ඇමති අතින් දුන් නැත්නම් මුදල් අවලංගු වෙනවද? මැරුණ මිනිස්සුන්ට අගෞරව කරන්න එපා. තවත් ඡන්ද ටිකක් වැඩි වෙයි කියලා හිතනවා ඇති.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 09 June 2013 02:35 PM

ලංකාවේ බහුතරයක් ධීවරයින්ට ජීවිතාරක්ෂක කබා නැහැ, හදිසි අවස්ථාවලදී ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිලිබඳ වැටහීමක් ලබාදී නැහැ, මූදු යාත්‍රාවට අත්‍යවශ්‍ය මාලිමා නැහැ, මූද මැදදී භාවිතා කළහැකි පණිවුඩ හුවමාරු උපකරණ නැහැ, අතරමං වුවිට බෝට්ටුව තිබෙන ස්ථානය සොයා ගතහැකි ජී පී එස් උපකරණ නැහැ, අයහපත් කාලගුණ වෙනසකදී ගොඩබිම වරායේ පිහිටීම සොයාගතහැකි ප්‍රදීප කුළුණු ධීවර වරායන්හි නැහැ. ඇත්තටම මේ විසි එක්වන සියවසේ ධීවරයෝද කියා සිතෙනවා. ධීවර විශ්ව විද්‍යාලයක් මෙන්ම නාරා ආයතනයත් තිබුනත් ඒවා අරක්ගෙන ඉන්නේ පිටරට සංචාරයක් ලැබුනහම විතරක් ඇස් අරින අනිත්වෙලාවට නිදාගන්න මාස් පඩි කාරයෝද කියා සිතෙනවා. නමුත් මාළු කෑල්ලක් කඩෙන් ගන්න ගිහාම දකින මිලදර්ශනය නිසා පරිභෝගිකයන්ටත් ජීවිතය එපාවෙනවා.(නදී)

:       0       0

නිලා Sunday, 09 June 2013 03:00 PM

ඔවු ඔව් ඇමති එනකන් ඉන්න. ඊළගට අහවලාගේ උපදෙස් මත අහවලාගේ අනුදැනුම මත, අහවලාගේ අදීක්ෂණය යටතේ, අහවලාගේ කළමනාකාරිත්වයෙන්, අහවලාගේ අනුශාෂනා මත අහවලාගේ ආරාදනයෙන් අහවලාගේ සුරතින් බෙදාදෙනු ලැබේ කියල ලකුණු දාගන්න.(නදී)

:       0       0

සිරිබිරිස්- ඇමරිකාව Sunday, 09 June 2013 10:04 PM

රු.15000ක් මරණෙට මදි, ජනාධිපතිගේ දවසේ වියදමවත් දෙන්න.(නදී)

:       0       0

ද සිල්වා Sunday, 09 June 2013 03:33 PM

බලන්න මහත්තයෝ වෙලා තියෙන විපත (දී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 09 June 2013 10:41 PM

මගේ අදහස සම්පූර්න කුණුහරුප වෙන බෑවින් පලනොකරමි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 09 June 2013 04:00 PM

දෙහිවල ධීවර සමිතිය රජයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප වී වැඩකළ පිරිසක්. බෝට්ටු නිතරම ආපදාවට ලක්වෙලා ධීවරයින්ද මියයන නිසා ,අසල ඇති හුණුගල ඉවත්කර ,අනතුර පෙන්වීමට හිරු එලියෙන් හෝ ක්‍රියා කරන රතු විදුලි බුබුලක් සවිකර දීමට මැතිවරණ කාලයේ පොරොන්දු දුන්නා. අද වෙනකන් කෙරිලා නැහැ. මාස්ට ඩ්යිවස් සමාගම බලලත් ගියා. ඒ ඇත්තන්ට සුළු වැඩක්. රජයෙන් ගෙවීමක් කරනවනම් ඒ ඇත්තෝ කරයි. එම ධීවරයින්ට අදටත් තියෙන්නේ ප්‍රේමදාස ජනාධිපති තුමා සාදා දුන් තට්ටු නිවාසත් ප්‍රජා ශාලාවත් පමණි. (නදී)

:       0       0

සීල Sunday, 09 June 2013 11:46 PM

නිලා, ඔබ කිව්වා හරියටම හරි. හැම කෙනාම බලන්නේ ලකුණ දාගන්න. මොකා මලත් කාට මොකද. දැන් තියාවි උත්සව කෝටි ගානක් වියදම් කරලා මුදල් ලබා දෙන්න .චතුල කිව්වා වගේ කාට වහගන්නම්,පව් සිද්ද කර ගන්නේ නැතුව.(නදී)

:       0       0

ජීවක Sunday, 09 June 2013 11:55 PM

අනේ මගේ කටට එන වචන මෙතන කියන්න බැහැ. 15000 ක් ඒ අසරණ මනුස්සයන්ගේ දානෙට තියා මාසයක් කාල ජීවත් වෙන්න වත් ඇතිද?(නදී)

:       0       0

චන්දි Monday, 10 June 2013 12:00 AM

මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් දීවර ඇමති පිට රටද? අපේ මිතුරියක් මේ රටේදී හදිසියේ මිය ගියා. ඒ වන විට මැඩම් සහ බොස් සිටියේ වෙන රටකට ගිහින් බෝස්ගේ අම්ම බොස්ට කෝල් කර සැනින් ටිකට් එක දින වෙනස් කර එදාම මේ රට ආවේ ඇති මනුස්සකම නිසයි. නමුත් බලන්න අපේ ලොක්කෝ තාම පිටරට ජොලියේ ඔන්න ලංකාවේ තියෙන තත්වය ඒ මදිවට රුපියල් 15000ක් දෙන්නම්ලු. මල ගෙදරට ලයිට් බිල ගෙවන්නත් මදි නේද? (කියන්න ඕනදේ කියන්න බැහැ මට හරිම කේන්තියි ).(නදී)

:       0       0

ජගත් Sunday, 09 June 2013 05:02 PM

ගරු ඇමති තුමනි , ඒ මුදලත් ඒ මිනිස්සුන්ට වටිනවා, නමුත් නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 10 June 2013 02:52 PM

ගමනක් යන්න පාරට බැස්සොත් ඇමති ආරක්ෂක රථ අපිව යටකරගෙන යන්න හදන්නේ. අපේ ඇමති මණ්ඩලය එංගලන්තෙටත් වඩා ලොකුයි. නියෝජ්‍ය ඇමතිවරුත් ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් උනොත් මේ ගොල්ල එක්කෙනෙක්වත් හොයාගන්නවත් නැහැ. ධිවර ඇමති රට , ආපදා කළමනාකරණ ඇමති නුවර එළියේ, රුපියල් 15000 දෙන්න කතාකරනවා. අපි ලබන පාරත් මේ ගොල්ලන්ටම ඡන්දය දීලා සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site