දෙහිවල දුම්රිය පොළ ඉදිරිපිට මුහුදේ මීටර් 100ක් පමණ ඈතීන් 12 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක් ගොඩ එන්නට නොහැකිව සිටින බව එහි ධීවරයෙක් මින් මඳවේලාවකට පෙර දුරකතනයෙන් ගොඩබිමට දැනුම් දුන්නේය. යාත්‍රාවට වඩා උසින් මුහුදු රැල්ල ඇති බවත් මුහුද ඉතා රළු වී ඇති බවත් ඔවුහු කියති.
(ඡායාරූප සුරංජිත් පෙරේරා)
(ඡායාරූප එච් එම් ධර්මපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පොලිසියේ උසස් නිලධාරීන් කීදෙනෙක් මුහුද දිහා බලාගෙන ඉන්නවද? මෙතනට ඕනේ පොලිසියේ ඉන්න දක්ෂ පිහිනුම් කරුවෝ ටිකක් සහ බෝට්ටු ටිකක්. මේ ගොල්ල ඉන්න ඕනේ මෙහෙයුම් මැදිරිවල.(නදී)
නිර්මාල්වයි, විමලසේනවයි යවන්න තිබුනේ බෝට්ටුවක. මීටර් 100ක් එහායින් දාලා ආවනම් ඒ වෙලාවේ ජිවිතේක අගය තේරුම් ගනී. ඔබලා ගැන දුකයි කියල තමයි කියන්න තියෙන්නේ. ඔබලා දෙන්නටත් ඉක්මනට මොලය පෑදේවා.(නදී)
මේ වෙලාවේ පිහිටට එන උදවිය තමයි සැබෑ දෙවිවරු. කණගාටුදායක පුවතක්. සියල්ලටම යහතින් එන්න ලැබේවා! පහුගිය ටිකේම දැනුවත් කලානේ මුහුදු යන්න එපා කියලා. එහෙම කියද්දීත් තමා මේ අය ගිහින් තියෙන්නේ,එදිනෙදා හම්බ කරන දෙයක් ඉතුරු කරන්න කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී පාවිච්චි කරන්නයි. දුප්පත්කම හින්දා තමයි මේ රස්සාව කරන්නේ. අනාගතයක් ගැන හිතන්නේ නැහැ මේ අය,අද දවස ගැන විතරයි බලන්නේ. මහා ලොකු ගානක් ඉතුරු කරන්න ඕනෑ නැහැ. දවසට දවසේ ආදායෙමෙන් 1/10 ඉතුරු කරන්න,දවස් 10 කට පස්සේ දවසක පඩියක් ඉබේම ඉතුරු වෙලා (නි)
දේශපාලකයාගේ බිරිදට සාප්පු සවාරි යන්න, දරුවන්ට ඉස්කෝලේ යන්න , රෑට සමාජ ශාලා ගානේ යන්න හෙලිකොප්ටර් තියන රටක ඉපදුන අපිට මේ අහිංසක මිනිසුන් බේරගන්න තියෙන්නේ කසිකබල් බෝට්ටු. අපි තාමත් පෝලිමේ ඉඳගෙන ඡන්දෙ දෙන්නේ මෙහෙව් අයට නේද?(නදී)
විරාජ් කාලිංග ඔබ හරි, නමුත් අතට ලැබෙන තුට්ටුව එදිනෙදා වියදමටත් සරි නොයනවානම් මොනවා ඉතුරු කරන්නද. පවු අහිංසකයෝ කරදරයකින් තොරව ගොඩ එන්ට වාසනාවන්ත වේවා.(නදී)
ඔබට කිසිදු විපතක් නොවේවා ...!! (ස)
ඔබට අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා..! (ස)
ඔබට හෙලිකොප්ටරයක පිහිට ලැබේවා ! (ස)
බුදු සමිදුන්ගේ පිහිටෙන් ඔබලාට කරදරයක් නොවී ගොඩ බිමට එන්න ලැබේවා.... (ස)
කාලගුණ නිලධාරින් සුපුරුදු පරිදි කලට වෙලාවට හරි අනාවැකි කිව්වද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.දන්නා කෙනෙක් ඉන්නවා නම් ලියන්න මෙම පිටුවට. (නි)
අර බොරුවට දිවි නසා ගත්ත හාමුදුරුවෝ බේරගන්න හෙලිකොප්ටරයක් යැව්වනම් පව්ලක් නඩත්තු කරන මේ මිනිස්සුන්ව බේරගන්න හෙලිකොප්ටරයක් යවන්න බැරි ඇයි.(නදී)
විපතට පත් සියලුම දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ගොඩ බිමට එන්නට ලැබේවා. (ස)
මීටර් 100ක් කියන්නේ එච්චර ලොකු දුරක්ද අනේ... (ස)
මේ නිසා අපි හැම වෙලාවේම අපේ මිනිසුන්ට කියන්නේ ආපධා ගැන අවදානයෙන් ඉන්න කියලා. ඒ වගේම ආපධා සම්බන්දයෙන් ආපධා කළමාණාකරන මධ්‍යස්ථානයට සහ රතු කුරුස සංවිධාන වලට සම්බන්ද වෙන්න.(ස)
කතරගම දෙවි පිහිටෙන් ඔබලාට කිසිදු කරදරයකින් තොරව ගොඩට එන්නට ලැබේවි.(ස)