IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ධර්මාශෝක විහාරයේ කඨීන පිංකම

රෝම ධර්මාශෝක විහාරයේ කඨීන මහා පිංකම පසු ගිය ඔක්තෝම්බර් මස 31 හා නොවැම්බර් මස 01 යන දෙදින තුළ පැවැත්විණි.

ඔක්තෝම්බර් 31 දින රාතී‍්‍ර පරිත‍්‍රාණ ධර්ම දේශනාව පැවැත්විය. පිරිත් පිංකම් අවස්ථාව  සදහා ඉතාලියේ ශී‍්‍ර ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මැතිතුමා ද සහභාගි විය. පසුදින උදෑසන 10.00 පමණ කඨීන චීවරය රැගත් සංස්කෘතික අංග සහිත අලංකාර පෙරහැර විදී සංචාරය කළේය.

එදින දහවල සංඝගත දක්‍ෂිණාව 15 නමකට අධික මහා සංඝරතනය විෂයෙහි පිරිනැමීය. දහවල් දානයෙන් අනතුරුව කටුවන සිද්ධත්ථ හිමියන් විසින් සංස්කරණය කරන ලද රෝම ධර්ම දේශනා අංක 1 දහම් කෘතිය එළිදැක්විණි.

බත් දන්සල, මල්වට්ටි වෙන්දේසිය, සමතිංසත් පාරමිතා පූජාව ආදි පිංකම් රාශියක් දවස පුරා සිදුවිය. සියළු පිංකම් කටයුතු සදහා විහාරස්ථ දායක සභාවට අමතරව බොහෝ ඉතාලි ජාතිකයින් ද සහභාගි වීම සුවිශේෂි කරුණකි. 

ධර්මාශෝක විහාරාධිපති ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක දඹදෙණියේ ධම්මාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් පිංකම් මාලාව සංවිධාන කරනු ලැබීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ධර්මාශෝක විහාරයේ කඨීන පිංකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site