රෝම ධර්මාශෝක විහාරයේ කඨීන මහා පිංකම පසු ගිය ඔක්තෝම්බර් මස 31 හා නොවැම්බර් මස 01 යන දෙදින තුළ පැවැත්විණි.
ඔක්තෝම්බර් 31 දින රාතී‍්‍ර පරිත‍්‍රාණ ධර්ම දේශනාව පැවැත්විය. පිරිත් පිංකම් අවස්ථාව සදහා ඉතාලියේ ශී‍්‍ර ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මැතිතුමා ද සහභාගි විය. පසුදින උදෑසන 10.00 පමණ කඨීන චීවරය රැගත් සංස්කෘතික අංග සහිත අලංකාර පෙරහැර විදී සංචාරය කළේය.
එදින දහවල සංඝගත දක්‍ෂිණාව 15 නමකට අධික මහා සංඝරතනය විෂයෙහි පිරිනැමීය. දහවල් දානයෙන් අනතුරුව කටුවන සිද්ධත්ථ හිමියන් විසින් සංස්කරණය කරන ලද රෝම ධර්ම දේශනා අංක 1 දහම් කෘතිය එළිදැක්විණි.
බත් දන්සල, මල්වට්ටි වෙන්දේසිය, සමතිංසත් පාරමිතා පූජාව ආදි පිංකම් රාශියක් දවස පුරා සිදුවිය. සියළු පිංකම් කටයුතු සදහා විහාරස්ථ දායක සභාවට අමතරව බොහෝ ඉතාලි ජාතිකයින් ද සහභාගි වීම සුවිශේෂි කරුණකි.
ධර්මාශෝක විහාරාධිපති ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක දඹදෙණියේ ධම්මාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් පිංකම් මාලාව සංවිධාන කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd