IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධර්මාශෝක චරිතයට හඬ කවන තුසර

2002 වසරේ  පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නළුවා බවට පත්වූ ඔහු, 2005 හා 2006 රාජ්‍ය රූපවාහිනි නාට්‍ය  සම්මාන උලෙළේදී හොඳම නළුවා බවටද පත්වන්නේය. මේ වනවිට  දෙරණ ටීවී ඔස්සේ විකාශය වන අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ හඬ දායකත්වය ලබාදෙන ඔහු තුෂර මුතුකුමාරණය.

ඔබ කලා ක්‍ෂේත්‍රයට යොමුවන්නේ තාත්තගේ මඟ පෙන්වීම මත?

ඔව්. ජගත් මුතුකුමාරණ මගේ තාත්තා. ඔහු තමයි මාව මේ ක්‍ෂේත්‍රයට යොමු කරන්නේ. සහජයෙන් ලැබෙන බොහෝ දේවල් වගේම, ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගන්නත්, හොඳ නරක තෝරාබේරා ගන්නත් ඔහු මට හොඳ මඟ පෙන්වීමක් සිදුකළා.

20160502Thisara-1ඒ මඟපෙන්වීමත් එක්ක දායක වුණ නිර්මාණ ගැන කතා කළොත්?

1998 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට තාත්තා කළ 'කිරියි පැණියි' කියන නාට්‍යයෙන් පසුව මම 1998 දීම  ටෙලි නාට්‍යයකට දායක වුණා. ඒ ආනන්ද අබේනායක මාමගේ 'නන්නාදුනන්නී' නාට්‍යය. පසුව මම ප්‍රසන්න ජයකොඩි මාමාගේ 'සඳ අමාවකයි', ආනන්ද අබේනායක මාමාගේ 'සංසාරේ පියසටහන්', ලක්ෂ්මන් විජේසේකර මාමාගේ 'දඟයන්ට  පමණයි', 'හිට් විකට්', 'සුරඟනන් ඇවිත්', 'දෙයියෝ සාක්කි', 'අප්පච්චි' වැනි ටෙලි නාට්‍යවලට දායක වුණා. ටික කලක් මම ටෙලි නාට්‍යවලින්  ඈත් වෙලා හිටියා. පසුව සමන් කුමාර ලියනගේ මාමගේ 'රන්තලිය වලව්ව' නාට්‍යයට දායක වුණා. පසුව 'මොනර තැන්න', 'පිත්තල කොණ්ඩෑරුම' වැනි ටෙලි නාට්‍ය නිර්මාණවලට දායක වුණා.

මේ දිනවල සිදුවෙන්නේ මොනවගේ කලා කටයුතුද?

මේ දිනවල දායක වෙලා ඉන්න දෙරණ ටීවී හි විකාශය වන 'අධිරජ ධර්මාශෝක' ටෙලි නාට්‍ය‘යේ ධර්මාශෝක කුමාරයාගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙනවා. සිරස ටීවීහි විකාශය වන  'සප්නා' ටෙලි නාට්‍යයේ රෝහිත්ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. ඒ වගේම සිරස එෆ්.එම්. හි ගුවන් විදුලි නාට්‍යයකට දායක වෙනවා. කොතලාවල පීඨයේ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධියේ තෙවැනි වසර අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටිනවා.

ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මට කලා ක්ෂේත්‍ර‘යේ හොඳ නිර්මාණවල නිරත වෙන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මම ඉගෙන ගන්න ක්‍ෂේත්‍රයෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මතක් කළ යුතු අය?

ආනන්ද අබේනායක මාමා, ලක්ෂ්මන් විජේසේකර මාමා, ප්‍රසන්න සමන් කුමාර ලියනගේ මාමා වගේම මට වචනයකින් හරි අත්දැකීම්, උපදෙස් ලබාදුන් හැමෝම මේ මොහොතේ මතක් කර සිටිනවා.

නිදුක් මදුෂික



අදහස් (0)

ධර්මාශෝක චරිතයට හඬ කවන තුසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site