‘ධර්මය’ දේශපාලන මෙවලමක් ලෙස පත් කර ගැනීමට ඇතැම් දේශපාලකයන් උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද සඳහන් කළා.
ආණ්ඩු පෙරළි මගින් පරාජයට පත් වූ බල තණ්හාව ඇති දේශපාලකයින් ජාතිවාදය රට පුරා වපුරමින් එය සිදු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ මහා සමුළුව අමතමින් ඒ මහතා පැවසුවා.
එමෙන්ම, මෛත්‍රී, රනිල් ආණ්ඩුව ජනතාව අපේක්ෂා කළ සමාජ, ආර්ථික, දේශපාලන ගමනෙහි නිරත නොවන බවද අනුර දිසානායක මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු විනාශය, මෙයාලට ඇහෙන්නේ නැහැ. (ර)
රටේ සම්පත් විනාශ කරලා, දුප්පත් මිනිසුන්ගේ රත්රන් බඩු මංකොල්ලකාලා සමහරු දැන් බෝ පැල වෙන්න හදනවා. (නි)
මතක ඇතිනේ මේගොල්ලන්ගේ විප්ලව කාලවලදී මේ රටේ සාමාන්‍ය ජනතාව විඳි දුක. (නි)
මෙයා දැන් අවලංගු කාසියක්. ලබන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා බලන්න රටේ ඔයාලට තියෙනේ ජනතා කැමැත්තේ තරම. දැන් ආණ්ඩුවට පන්දම් අල්ලාගෙන . ලැජ්ජයි. (බ)
71 සහ 89 හාමුදුරුවරුන්ව ධර්මයෙන් එලියට ඇද්දේ කවුද? (බ)
අපේ රටේ ධර්මය තියෙන්නේ දේශනා කරන්නට මිස අසන්නට නොවෙයි. දේශනා එකා අනුන්ට දෙසන්නේ තමා කවදාවත්ම නොපිළිපදින බණය! තරුණ හාමුදුරුවරු විනයක් නැති දඩබ්බර පිරිසක් බවට පත් කෙරුනේ ජවිපෙ විසින් නොව 1956 ඊනියා විප්ලවය විසිනි. ඊට පසු එය වේගවත් කෙරුනේ හාමුදුරුවරුන්ට විශ්ව විද්‍යාල වලට ඇතුළු කර ගැනීමෙනි. බණ දෙසීම අද රස්සාවකි. මක් නිසාද යත් , බණ විකුනන්නටද පුළුවන් බැවිනි. කවි බණ, විරිදු බණ සින්දු බන ආදීලේබල් යටතේ බණ වලට ඉල්ලුම තිබේ. හුදෙක් අසන්නට මිස පිළිපදින්නට නොවේ! (කෞ)
එතකොට හාමුදුරුවරුන් ජේ.වී.ලී. කරන එක(කෞ)
ඔයාලට ඉතින් ආගම දහම අබින් නේ (කෞ)
"කොහෙද යන්නේ?-මල්ලේ හොරපොල් නෙවෙයි" කීව වගේ ආගම දේශපාලන මෙවලමක් කරගත්ත කට්ටියට එල්ලෙන්න තැනක් නැති නිසා කිසිම අදාල නැති තර්කයක් නැති දේ ඔහේ කියනවා.හාමුදුරු වරු දේශපාලනය කිරීමත්, ආගම දේශපාන මෙවලමක් කරගැනීමත් දෙකේ වෙනස වත් තේරුම් ගන්න ඕනේනේ (අ).
අනුර මහත්තයෝ, ඔය කතාව ලංකාවේ තියෙන සියලුම ආගම් වලට පොදුයි. බෞද්ධය ඔයාල උඩ බලාගෙන කෙල ගහන්න එපා. (කෞ)
පසුගිය දශකයේ ඉදලා හිටපු හා හිටින ජේවීපී මුල්පෙළේ නායකනුත් ඔවුන්ගේම තිබු ආවේනික දේශාහිති බව විසිකර ඇත. බැලු බැල්මට තේරෙන්නේ නම් ඔවුන් නොදැනුවත්වම බටහිර අධිරාජ්‍ය වාදී චරපුරුෂයන්ගේ ක්‍රමනයන්ට නතු වී ඇති සැටියකි.(අ)
මේ ගොල්ල දේශපාලන මෙවලම හැටියට යොදා ගත්තේ ලෝහිත ගංගානේ !(කෞ)
පාගා කරුවන්ගේ ,මිනි මරුවන්ගේ , හොරුන්ගේ ,කුඩු මුදලාලිලාගේ අතට රටේ දේශපාලනය නතු වන්නේ ජනතාවගේම වරදින්. සෑම දේශපාලකයෙකුගේම කාර්යාල, නිවසේ කාර්යාල සි සි ටි වී කැමරා මගින් පරීක්ෂණයට ලක් කරන්න. ඔමුන්ගේ දුරකථන ඇමතුම් පටිගත කරන්න. මෙවැනි ක්‍රම තුලින් යහපත් දේශපාලකයින් පිරිසක් රටේ නිර්මාණය කර ගත හැකි වනු ඇත. (අ)
ඔයා ඉතින් ආණ්ඩුවේම පැටියනේ (අ)
ඔයගොල්ලන්ගේ මෙවලම් ටික ලැයිස්තුගත කළොත් ලියන්න කොල මදිවෙයි (නි)
අනුරත් ජවිපෙත් ඔය යන විදිහට ගියොත් ඔය දෙකම අන්තිමට මෙවලම් දෙකක් විතරයි. ඔයගොල්ලන්ගේ ඉතිහාසය ගැන අපිට කියාදෙන්න එන්න එපා. ඔය ෆේස් බුක් බබාලා විතරයි තාම දන්නේ නැත්තේ. (නි)
ධර්මය දේශපාලන මෙවලමක් කරගන්නව නම් කොච්චර හෙඳද? කරුමෙ කියන්න මේකල දේශපාලන මෙවලමක් කරගෙන තියෙන්නෙ නොදියුණු ආගමික උන්මාදයක්. ඒ මෙවලම වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ජේ. වී.චිය බව නොදන්නෙ අනුරම විතරයි. පෙරහැරෙ යන එකාට පෙරහැර පේන්නෙ නෑනෙ. ඕකයි ප්‍රශ්නෙ. (බ)
අනුර කියන දෙය සහතික ඇත්ත . ඔය හැමෝම බුද්දීමත්ව හිතන්න , කුහක අදහස් දාන්න එපා . (අ)
ඇයි ඉතින් ඒ දවස් වල ඉරිදා පොළත් දේශපාලන මෙවලමක් කරගෙන තිබුනනේ. සහෝදරයන්ට මතකද ඒවා? අපිට නම් තවම මතක තියෙනවා. (නි)
මෙයාලාගේ ලොකු කතා විතරි. මම ඡන්දය දුන්න අඩුම ගානේ විපක්ෂයට ගෙන්න. අපරාදේ මගේ ඡන්දය, (අ)
අපි දැන් කාලයක සිට අසන්නේ බුදුන්ගේ බණ නොව, සමහර චීවරධාරීන් ඔවුන්ට ඕනෑ විදියට වෙනස් කර කියන ධර්ම දේශනාය. සමහරු බණ කියන්නේ මොඩ් කරලා. බුදුබණ වෙනුවට බහුතරය අද වැදි බණ කියමින්, ජාතිවාදයත් ආගම්වාදයත් ඇතිකරමින්, සමහර දේශපාලන කණ්ඩායම් වලට වාසි වන දේවල් කරනු ලැබේ. (නි)
ඇත්තම කියනවා නම් මට ජ වී පෙ එක්ක පුතුම වෛරයක් තියෙන්නේ. මේ අය තමා අපේ ආණ්ඩු පෙරලලා අපේ වාසිය කෑවේ.(අ)
දැන් ඔය කතා අහන අය නැහැ. පහුගිය ඡන්ද ප්‍රතිඵලය බැලුවා නම් තමුන් ඉන්නේ කොහෙද කියලා තේරෙයි. (නි)
මේ ආණ්ඩුව බිහිකිරීමට 100% ඔබ වගකිව යුතුය. (නි)
හරි දේශපාලනයේදී නියම මෙවලම කරගත යුත්තේ ධර්මයම බව මම පවසමි (නි)
දැන් කතා අහලම ඇතිවෙලා (නි)
ජවිපෙ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ජවිපෙ අරමුණක් නොමැති අනාථයන් පිරිසක් ලෙසයි මම නම් දකින්නේ (නි)
සිල් රෙදි වල සහ ඔරලෝසු වල පවා තමාගේ පින්තූරය පෙන්වා ඡන්දය දිනාගත් නිහතමානී නායකයන් සිටි රටක් මේක (නි)
ඔගොල්ලන් නිසා අසරණ වුන, හිතාගන්නටාත් බැරි වධ වින්ද, පාරවල් දිගේ පණපිටින් පුළුස්ස දැමුණු,ඔබලගේම අහිංසක පාක්ෂිකයන් ගැන කතා කරන්න. අනුන් ගැන කතා කරන්න එපා. ඔබලාගේ අහිංසක පාක්ෂිකයන් දඩයම් කළ ඇමැතින් සහ ඊටත් ඉහලින් ඉන්න කට්ටිය සමග අත්වැල් බැඳගෙන ඔබ යන දේශපාලන ගමන ගැන කතා කරන්න. (බ)
අපි ඉතින් ඔයාලට කැමති නැ මොකද ඔයාල හොරුන්ට බල පුළුවන්කමට නැමෙන්නේ නැති නිසා , අපි ඉතින් විප්ලව කරන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නොවෙයි අපේ ගරු නායකින් රැකගන්න මේ අපි ලාංකිකයෝ (බ)
කවදද මේ අය බයිලා කියන එක නවත්තන්නේ? (නි)
දේශපාලකයෝ විතරක් නම් කමක් නැහැ, හාමුදුරුවරුත් ධර්මය දේශපාලන මෙවලමක් කරගෙනනේ. ලැජ්ජයි! (නි)
ඔයාලගේ මෙවලම මොකක්ද එතකොට? (නි)
ඔබතුමා නිවැරදියි. හරියට දුෂණ, භීෂණ, අල්ලස්, හොරකම්, යහපාලනය, විජාතික බලවේග, විදුලි පුටුව, ජාතික සංහිඳියාව ආදී මෙකී නොකී දෑ වගේම තමයි. (නි)
ආගම සහ දේශපාලනය එකට එකතු වෙන්න හොඳ නැහැ , ආගම් වලින් උපදෙස් දෙන්න පුළුවන් දේශපාලකයන්ට රටක් යහමින් පාලනය කිරීමට පමණය , නැතුව ජාති වාදී ආගම් බේද අැති කිරීමට නොවේ (රේ)
88-89 කාලේ මෙවලම් ටික දැන් කොහෙද? (නි)
පරදිනකොට කියන්න දේකුත් තියෙන්න ඕනෑනේ. (නි)
එක එක බලකා හදලා අද ඉන්න සමහර තරුණ හාමුදුරුවරු විනයක් නැති දඩබ්බර පිරිසක් වෙන්න මුල් අඩිතාලම දැම්මෙ කවුද කියලත් අපිට මතකයි (නි)
තරුණ හාමුදුරුවරුන්ව මුලින්ම ඔය තත්වයට ඇදලා දාපු අය ඉන්නේ කොහේද කියලා මෙයාට මතක නැත්තේ ඇයි කියලා දැන් ඔප්පු කරලාම පෙන්නුවා. (නි)
මේ හැම දෙනාම කතා කරන්නේ මෙරටේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා වගෙයි. මෙතෙක් කලක් සිටි පාලකයෝ හරියට අපේ රට පාලනය කලානම් ලංකාව අද මීට වැඩිය දියුණ රටක්. මෙ රටේ සිදු වුනු සියලු ලේ වැගිරීම් වලට මේ පාලකයින් වග කිවයුතුයි. ඉතින් දැන්වත් අපි නිල් කොල නොවන අළුත් විකල්පයක් සෙවිය යුතුයි. එහෙම නැතිනම් ඉදිරියටත් අපේ රට මේ විදියම තමයි. (ර)