බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උඩුවේ ධම්මාලෝක හිමියනට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඒ හිමියන්ගේ නීතීඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඉදිරිපත් කළහ.
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාගමයට නාඳුනන පුද්ගලයකු විසින් ගෙනත් දැමූ බව කියන අලි පැටවකු හදා වඩා ගත්තැයි ඒ හිමියෝ මෑතදෑ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.
අලි රොෂාන්ගෙන් එම අලි පැටියා ගත් බව ඒ හිමියන් කීවේයැයි රහස් පොලිසිය අධිකරණයට කීවේය.
අපවත්වී වදාළ ගලගම අත්තදස්සී අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ආදාහනයට වැඩම කිරීමට ඒ හිමියන්ගේ නීතීඥවරු උසාවියේ අවසරය ඉල්ලා සිටියහ.
බන්ධනාගාර කොමසාරිස්ගෙන් ඒ අවසරය ලබා ගන්නැයි අධිකරණය දැනුම් දුන්නේය.
මෙම අයැදුම හෙට සලකා බැලීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අයිතිය ගැන, සාක්කි නැතුව, ආයුධ නැතුව, මළ මිනි හෝ කොටස් නැතිව මිනි මරුවන් කළ රණවිරුවන් වෙනුවෙන් කතා කරන හාමුදුරුවරුන් රිමාන්ඩ් කරවන,කරන යහ පාලනය් අලි වරදක් කළ බවට සාක්ෂි ඇති හාමුදුරුවන්ව අත්හරිවිද.? නමුත් ඔවුන්ට හිතවත් කම් දක්වන අයට මේ කිසිවක් නැත. (බ)
බෞද්ධ භික්ෂුවකට බෞද්ධයන් ගරු කරන්නේ ඔවුන් සීලය රකිනවානම් පමණකි. ඔවුන් ගිහියන්ට වඩා වෙනස්වන්නේ සිවුරු පොරවගැනීමෙන් පමණක් නම් ඔවුන්ට ගිහියන් සේ සැලකිය යුතුවේ ඔවුන්ට වඩා සමහර ගිහියන් උතුම්වේ (බ)
ලංකාවේ සිදුවන සඟ හිරකිරීම් ගැන කණගාටුයි (නි)
අනේ හාමුදුරුවනේ! (නි)
වර්තමානයේ බෞද්ධ ජනතාව අසරණ වෙලා නේද? (බ)
අපි උත්සාහ කරලා බලමුකෝ හාමුදුරුවනේ (නි)
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.(හේ)
හතරවැනි සිල්පදය අපුරුවට කඩල බණ කීවට හරියන්නේ නැහැ.(ම)
මොහොමඩ්, බෞද්ධයෝ අතීතයේවත්, වර්තමානයේවත්, අනාගතේදිවත් අසරණ වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. (නි)
පහුගිය කාලේ සමහර ඇත්තේ බණට වඩින්නත් සල්ලි ගත්තනේ (බ)
හිමි ගැන අපිට දුකයි. ඒත් මොනවා කරන්නද? (නි)
බ්‍රිතාන්‍ය කාලේ පල්ලි හැදුවේ බලෙන් නේ (කෞ)
හිරබත් දානෙට වළඳනවා කියලා නේද ගියේ? (නි)
හාමුදුරුවනේ වැඩි තණ්හාව හොඳ මදි දැන් අපි ඔබට රුපියල් 10 ගාණේ එකතු කරලා එවන්නම් ඔබවහන්සේ කීවා වගේ මාධ්‍ය හමුවක දී (ම)
සැබෑ බුද්ධ පුත්‍රයෙක් නම් මේ වෙලාවේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ. ටික කාලයක් ඕක ඇතුළෙ ඉඳලා හිරකරුවන්ට ධර්මය දේශනා කළා නම් නරකද හාමුදුරුවනේ? මොකද ඔබ වහන්සේලා වැඩිපුර බණ කියන්නෙත් කොළඹ ඉහළ පැළැන්තියේ අයට විතරනේ. (නි)
මුන් සේරම අතිශය මහා පවු කාරයන් මව මරාදමා අැත් පැටියව ගන්න පුළුවන්ද? (බ)
ධම්මාලෝක හමුදුරුවෝ බලන්න කවුරුත් එන්නේ නැද්ද?(හේ)