IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ධම්මාලෝක හිමිගෙන් ඇප අයැදුමක්

බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උඩුවේ ධම්මාලෝක හිමියනට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඒ හිමියන්ගේ නීතීඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඉදිරිපත් කළහ.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාගමයට නාඳුනන පුද්ගලයකු විසින් ගෙනත් දැමූ බව කියන අලි පැටවකු හදා වඩා ගත්තැයි ඒ හිමියෝ මෑතදෑ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.

  අලි රොෂාන්ගෙන් එම අලි පැටියා ගත් බව ඒ හිමියන් කීවේයැයි රහස් පොලිසිය අධිකරණයට කීවේය.

අපවත්වී වදාළ ගලගම අත්තදස්සී අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන්ගේ ආදාහනයට වැඩම කිරීමට ඒ හිමියන්ගේ නීතීඥවරු උසාවියේ අවසරය ඉල්ලා සිටියහ.

බන්ධනාගාර කොමසාරිස්ගෙන් ඒ අවසරය ලබා ගන්නැයි අධිකරණය දැනුම් දුන්නේය.

මෙම අයැදුම හෙට සලකා බැලීමට නියමිතය.



අදහස් (0)

ධම්මාලෝක හිමිගෙන් ඇප අයැදුමක්

නිමල් ලාලිත Thursday, 10 March 2016 10:31 AM

සිංහල අයිතිය ගැන, සාක්කි නැතුව, ආයුධ නැතුව, මළ මිනි හෝ කොටස් නැතිව මිනි මරුවන් කළ රණවිරුවන් වෙනුවෙන් කතා කරන හාමුදුරුවරුන් රිමාන්ඩ් කරවන,කරන යහ පාලනය් අලි වරදක් කළ බවට සාක්ෂි ඇති හාමුදුරුවන්ව අත්හරිවිද.? නමුත් ඔවුන්ට හිතවත් කම් දක්වන අයට මේ කිසිවක් නැත. (බ)

:       0       0

කීර්ති Thursday, 10 March 2016 10:45 AM

බෞද්ධ භික්ෂුවකට බෞද්ධයන් ගරු කරන්නේ ඔවුන් සීලය රකිනවානම් පමණකි. ඔවුන් ගිහියන්ට වඩා වෙනස්වන්නේ සිවුරු පොරවගැනීමෙන් පමණක් නම් ඔවුන්ට ගිහියන් සේ සැලකිය යුතුවේ ඔවුන්ට වඩා සමහර ගිහියන් උතුම්වේ (බ)

:       0       0

කපිල Thursday, 10 March 2016 06:18 PM

ලංකාවේ සිදුවන සඟ හිරකිරීම් ගැන කණගාටුයි (නි)

:       0       0

නිහාල් Thursday, 10 March 2016 06:30 PM

අනේ හාමුදුරුවනේ! (නි)

:       0       0

මොහොමඩ් Thursday, 10 March 2016 11:50 AM

වර්තමානයේ බෞද්ධ ජනතාව අසරණ වෙලා නේද? (බ)

:       0       0

විජිත Thursday, 10 March 2016 07:35 PM

අපි උත්සාහ කරලා බලමුකෝ හාමුදුරුවනේ (නි)

:       0       0

රවිසර Thursday, 10 March 2016 11:58 AM

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී.(හේ)

:       0       0

පද්මිනි Friday, 11 March 2016 05:16 AM

හතරවැනි සිල්පදය අපුරුවට කඩල බණ කීවට හරියන්නේ නැහැ.(ම)

:       0       0

මහින්ද සෞදි Thursday, 10 March 2016 08:30 PM

මොහොමඩ්, බෞද්ධයෝ අතීතයේවත්, වර්තමානයේවත්, අනාගතේදිවත් අසරණ වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

රුවන් Thursday, 10 March 2016 12:42 PM

පහුගිය කාලේ සමහර ඇත්තේ බණට වඩින්නත් සල්ලි ගත්තනේ (බ)

:       0       0

බුද්ධි Thursday, 10 March 2016 10:33 PM

හිමි ගැන අපිට දුකයි. ඒත් මොනවා කරන්නද? (නි)

:       0       0

සමන්ති Thursday, 10 March 2016 01:13 PM

බ්‍රිතාන්‍ය කාලේ පල්ලි හැදුවේ බලෙන් නේ (කෞ)

:       0       0

අමිත Friday, 11 March 2016 12:43 AM

හිරබත් දානෙට වළඳනවා කියලා නේද ගියේ? (නි)

:       0       0

සමන්ති Thursday, 10 March 2016 01:31 PM

හාමුදුරුවනේ වැඩි තණ්හාව හොඳ මදි දැන් අපි ඔබට රුපියල් 10 ගාණේ එකතු කරලා එවන්නම් ඔබවහන්සේ කීවා වගේ මාධ්‍ය හමුවක දී (ම)

:       0       0

ජයවික්‍රම Friday, 11 March 2016 02:35 AM

සැබෑ බුද්ධ පුත්‍රයෙක් නම් මේ වෙලාවේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ. ටික කාලයක් ඕක ඇතුළෙ ඉඳලා හිරකරුවන්ට ධර්මය දේශනා කළා නම් නරකද හාමුදුරුවනේ? මොකද ඔබ වහන්සේලා වැඩිපුර බණ කියන්නෙත් කොළඹ ඉහළ පැළැන්තියේ අයට විතරනේ. (නි)

:       0       0

අතුල Thursday, 10 March 2016 03:27 PM

මුන් සේරම අතිශය මහා පවු කාරයන් මව මරාදමා අැත් පැටියව ගන්න පුළුවන්ද? (බ)

:       0       0

චම්පා Thursday, 10 March 2016 03:39 PM

ධම්මාලෝක හමුදුරුවෝ බලන්න කවුරුත් එන්නේ නැද්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site