නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියන් අද (09) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රහස් පොලිස් ආරංචි කියයි.
ඒ හිමියන් සොයා විමර්ශන කණ්ඩායමක් ගිය බව රහස් පොලිස් ආරංචි සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මේ ගැන තමාට වාර්තා වී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහර වලට අනාගතයේ අලි හොයාගන්න බැරිවෙන ව්දිහට වැඩේ සිද්ධ කිරිම අරමුණ බව පැහැදිලියි (බ)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ (බ)
හොරෙන් තියාගෙන.. බොරුත් කියන එක වැරදි..(ම)
බළල් පැටවු, බලු පැටවු පන්සල් වල දාලා ගියාට අලි පැටියෙක් පන්සලක දාලා යයිද? (නි)
ආණ්ඩුවේ 1000 දානෙට වැඩියේ නැති නිසා වෙන්න ඇති. පොල් තව ගහන්න.(බ)
වැරැද්ද කවුරු කළත් වැරදියි (නි)
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි! (නි)
කණගාටුයි උතුම් බුද්ධ චීවරය ගැන (නි)
වැරැද්ද කවුරු කරත් වැරදි උනාට, හරි වැරැද්ද අර්ථ දක්වන්නේ කොහොමද? අපේ සංස්කෘතිය අනුව අලි ඇත්තු පෙරහැර සදහා යොදාගත්තේ ඒ කාලේ ඉදන්. අතීතයේ අලි ඇතුන් ලග තබාගැනීම වැරැද්දක් කියල කවුරුවත් අර්ථ දැක්කුවේ නැහැ. ජපානෙට පරමාණු බොම්බ දාල මිනිස්සු ලක්ෂගානක් මරපු අය වැරදි නැත්නම් අලියෙක් ලග තබගත්තු කෙනෙක් වැරදි වෙන්නේ කොහොමද ?(කෞ)
අනේ මේ උත්තමයන්ටත්,බුද්ධ ධර්මයට අනුව ජීවත් වෙන්න බැරිකම, ගිහි ජීවිතය ඇත හැරලා ගිය ඔබලාට මොනවද අල්ලගන්න තියෙන්නේ, බැරිම කමක් තියෙනවනම් සිවුර අත හැරලා අලි බලන එකනේ තියෙන්නේ.(කෞ)
පන්සලේ දාලා ගිය අලි පැටියා හදාගත්තටත් අත්අඩංගුවට ගන්නවනේ? පවු නේද? (නි)