පැරීසියේ ලා කුරනව් හි ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ලබන 30 වෙනි ඉරුදින උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. ථේරවාදී බෞද්ධ රටවල හා විදේශයන්හි, ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙම වස් කාලය තුළ බෞද්ධ සිරිත් විරිත් පෙරමුණේ ලා කඨින පිංකම් පවත්වයි. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් බෞද්ධයෝ මේ පින්කම සංවිධානය කරති. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසුහු පෙරහරක්ද පවත්වති. වියට්නාම්, කාම්බෝජ, ලා ඕස, බංගලිදේශ, ශ්‍රී ලාංකික බෞද්ධ සිල්වත්හු කඨින චීවරය පූජා කරති. මහා දන්සලක්ද පැවැත්වේ. බෞද්ධ විහාරස්ථානයට එක්රොක් වෙන ලෙස සියලූම ලාංකිකයන් වෙත කරන ඇරයුමයි.
-පැරීසියේ සුනිල් ආනන්ද-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd