(යොහාන් භාසුර)
ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්‍රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය.
ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට පැමිණි වහාම චෝදනා පත්‍රයක් භාරදෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඔහු මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හරහා පරීක්‍ෂණය ආරම්භ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා අර කාන්තාවගේ විනය තකා වැඩ කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේදි. දැන් මෙහෙ තව කතක් එක්ක වැඩ. ආයේ මෙහෙ එනකල් බලන් ඉන්නේ විකාරද? අර කාගේද සතෙක්ගේ මොනවද වැටෙනකල් ඉන්නවා වගේ... අයියෝ සල්ලි...!
විනය කඩකිරීම කෙසේවෙතත් රටේ නම කෙලෙසීමට එරෙහිව පියවර ගතයුතුයි...!
බෝන් එගේන් පාරක් දැම්මා නම් සේරම ඉවරයි. දෙයියන්ට කියලා ක්‍රිකට් ගස්සවන්න පුළුවන්..!
විධායක කමිටුවට, සාමාජිකයින්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලෙදි තමයි ලිංගික අවශ්‍යතා සපුරාගන්න, ක්‍රිකට් මණ්ඩලයේ වියදමින් නිළියන් ඕස්ට්‍රේලියාවට ගෙනිහින් තිබුණාට ධනුෂ්ක ගුණතිලකට එහෙම පහසුකමක් සපයලා දීලා තිබුණේ නැහැනේ...?
වැඩිම වුණොත් අවුරුද්දක ක්‍රිකට් තහනමක් දීලා ඕස්ට්‍රේලියාවේ සිටි කාලය එම තහනමෙන් අඩු කරාවි.
දැන් ඉතින් ඕස්ට්‍රේලියාවෙන්ම සෙට්ල් වෙයි.
විනය පරීක්ෂණයේදී විධායක කමිටුවට ධනුෂ්ක කියාවි පුතා ඉදිරියට ඔයවගේ මෝඩ වැඩ කරන්න එපා, අපි දිහා බලලා හැදෙන්න... ඉදිරියට පිටරටවල්වල ඉන්න ගෑණු එක්ක ඔය වැඩ කරන්න යන්න එපා. අපි වගේ ඔයත් මෙහෙ ඉන්න නිළියක් එක්කගෙන යමු. පුතාට යන්න නිළියක් නැතිනම් අපි ධර්මෙ අංකල්ට කියලා කෙනෙක් සෙට් කරලා දෙන්නම්... ටිකට් අපිම හදලා දෙන්නම්...
විනයක් නැති ක්‍රීඩකයෙක් කොතරම් දක්ෂ වුණත් ඵලක් නැත. මෙයා විනාශ කළේ මේ රටෙහි නම... ලෝකයේ ඉන්න හොඳම දක්ෂතම ක්‍රීඩකයා ධනුෂ්ක වුවත් මොහුව ඉවත්කළ යුතුයි... මෙහෙම මිනිස්සු ක්‍රීඩා නාමයට හානියක්. දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක් වුණත් වාසනාවකට ජාතික කණ්ඩායමට යන්න හැකියාව තිබ්බත් කුපාඩිකම වනචරකම මෙයාගේ ඉහවහා ගිහින්.. මීට පෙරත් විනය කඩ කළා. මේ වගේ මිනිස්සු ක්‍රීඩාවෙන් ඉවත්කළ යුතුයි...
ස්තුතියි... ඇෂ්ලි ද සිල්වා...
මෙයාව ආපසු ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්තොත් විනය නීති පොත ලිපේ දාන්න වෙයි. මොහු වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවමානයක් වගේම අනෙක් තරුණ ක්‍රීඩකයින්ට වගේම තරුණ පරපුරට දෙන්නේ ද වැරැදි ආදර්ශයක්... ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහු කිසිසේත් නුසුදුසුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කිසි දාක නොගත යුතු පුද්ගලයෙක්...
මේ ක්‍රිකට් මඟුලක් රටට කරන විනාශයක්. මේක ඉහළ ඉඳලාම හෝදලා දාන්න ඕනේ. දැන් මළ පෙරේතයෝ අරක් අරගෙන තියෙන්නේ...!
ක්‍රිකට් එකත් පාර්ලිමේන්තුව වගේ වෙලා... කොච්චර විනය කැඩුවත් මොකුත් කරන්නේ නෑ.
විනයක් නැති ක්‍රීඩකයෙක් කොතරම් දක්ෂ වුණත් ඵලක් නැත. මෙයා විනාශ කළේ මේ රටෙහි නම... ලෝකයේ ඉන්න හොඳම දක්ෂතම ක්‍රීඩකයා ධනුෂ්ක වුවත් මොහුව ඉවත්කළ යුතුයි... මෙහෙම මිනිස්සු ක්‍රීඩා නාමයට හානියක්. දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක් වුණත් වාසනාවකට ජාතික කණ්ඩායමට යන්න හැකියාව තිබ්බත් කුපාඩිකම වනචරකම මෙයාගේ ඉහවහා ගිහින්.. මීට පෙරත් විනය කඩ කළා. මේ වගේ මිනිස්සු ක්‍රීඩාවෙන් ඉවත්කළ යුතුයි. මෙයාව ආපසු ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්තොත් විනය නීති පොත ලිපේ දාන්න වෙයි. මොහු වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවමානයක් වගේම අනෙක් තරුණ ක්‍රීඩකයින්ට වගේම තරුණ පරපුරට දෙන්නේ ද වැරැදි ආදර්ශයක්... ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහු කිසිසේත් නුසුදුසුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කිසි දාක නොගත යුතු පුද්ගලයෙක්...