(විමුක්ති එස් රුද්‍රිගු)
ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප අයැදුම් පත්‍රය සිඩ්නි අධිකරණයේදී අද (17) කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම් පත්‍රය සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ඇප ලබා දුන් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකා රජය සහ ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින බවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000ක ඇප බැඳුම්කරයක් තබන බවත් අධිකරණයට දැනුම් දුන් පසු ඔහුට ඇප නියම වූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දුන්නේය.
ධනුෂ්ක ගුණතිලක දිනපතා පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවත්, රාත්‍රී 9 ත් උදෑසන 6 ත් අතර ගමන් බිමන් තහනම් බවත්, මිතුරන් හඳුනාගන්නා මෘදුකාංග භාවිතය තහනම් බවත් පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් බවත් විනිසුරුවරයා ඇප කොන්දේසි ලෙස නියම කළේය.
පෙර වැරදි නොතිබීමත් නඩුව නැවත කැඳවීම බොහෝ විට සිදුවනු ඇත්තේ 2024 වසරේ වීමත් හේතුවෙන් ඇප ලබා දෙන බව විනිසුරු වරයා ප්‍රකාශ කර ඇත.
ධනුෂ්ක ගුණතිලක ඉකුත් 6 වැනිදා 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණියක් සිදුකල පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගත් අතර ලිංගික අපරාධ මර්දන ඒකකයේ රහස් පරීක්ෂකයන් විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඔහුට චෝදනා ගොනු කළේය.එහිදී කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගිකව එකතු වීමේ චෝදනා 4 ක් ගුණතිලක හට එල්ල විය.
ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි අධිකරණය ඊයේ (16) අවසර ලබා දුන්නේය.
ඉකුත් 7 වැනිදා සිඩ්නි අධිකරණය පළමු ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අනතුරුව සිඩ්නි අධිකරණය ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
COMMENTS
අපේ රටෙ සමහරුන්ට තිබ්බ ලොකුම ප්‍රශ්න විසදුවට. ස්තුතීයි. සිඩ්නි අධිකරණයට
දැක්කද අපේ කොල්ලන්ගේ වැඩ? ඖෂ්ට්‍රලියාවේ උසාවියටත් කොකා පෙන්නන්න පුළුවන්. බය වෙලා තමයි ඇප දෙන්න ඇත්තේ. සසර වසන තුරු... නිවන් දකින තුරු....
ලංකා රජය හා SLC ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටියේ කුමන පදනමකින්ද? විශේෂයෙන් ස්ත්‍රි දූෂණ නඩුවකට. ධනුෂ්ක වැරදිකරු වුනොත් ලංකා රජයට හා SLC ටඅන්තර්ජාතික ව කලු පැල්ලමක් ඇති වේද? නීතිය දන්නා කවුරු හරි පහදන්න.
ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්න වත් ඩොලර් නැති එකේ දැන් ස්ත්‍රී අතවර කරපු කෙනෙක් බේරාගන්න ඩොලර් කොහෙන්ද?
අපේ රටේ මිනිස්සුන්ට පැනඩෝල් පෙත්තක් ගේනන ඩොලර් නෑ. ඒත් මේ මනුස්සයට එළියෙ ඇවිදින්න අවසර ගන්න ඩොලර් 150,000 ක් දීලා. මේ වගේ පාලනයක් කරන රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ,
රටේ මිනිසුන්ට බෙහෙත් ගැනීමට මුදල් නැති රජය, මෙවැනි කෙනෙකුට ඇප මුදල් ලබා දුන්නේ කෙසේද?
ආයිත් ගෙනල්ල කුණු හෝදල ඕකට කැප්ටන් කමත් දීපල්ල....මූ ලංකාවෙන් ගිහින් තියෙන්නේ රතී ලෝක කුසලානය ගේන්න.....
මමත් දනුස්ක්කට දඩුවමක් දෙන්න ඔනෙ කියන තැන තම ඉන්නෙ, එ ඔහු ස්රිලන්ක ක්‍රිකට් ආයතනයෙ කොන්දේසි වලට පටහනිව කටයුතු කල නිසා. එත් ස්ත්‍රී දූශන චෝදනා ඔහු උසාවියෙන් වැරදිකරුවෙකු කරන තුරු , ඔහු නිවරදිකරුවකු ලෙස සලක කටයුතු කිරිම තමා හොද. එසේ නොකර සිට අවසානයේදි උසාවියෙන් ඔහුව නිවැරදි කරුවකු කරොත්, ලක්ජයට චෝදනාවක් එන්න පුලුවන් ඔහු වෙනුවෙන් පෙනි නොසිටි බවට. මෙක මගෙ පෞද්ගලික මතය ලෙස සලකන්න.